lakbima.lk

මාතලේ නගරාධිපතිවරයා කෝප වෙයි




මාතලේ නගරයේ පොදු වෙළඳ පොළ භුමියේ සෙවනට සිටුවන ලද  කොහොඹ ගස් කීපයක අතු මාතලේ  නගරාධිපතිවරයා හා සේවකයින් පිරිසක් විසින් ඉවත්කරමින් සිටීම පිලිබදව මාතලේ පරිසර මිතුරෝ සංවිධානයේ කැඳවුම්කරු සිසිර කුමාර මහතා ඇතුළු පිරිසක් විමසීමෙන් කෝපයට පත් නගරාධිපතිවරයා ඇතුළු පිරිස කඩුවක් හා පොලු මුගුරු රැගෙන පහරදී  මරණිය තර්ජන එල්ලකළ බවට මාතලේ පොලිසියට පැමිණිලි කර ඇත.



මාතලේ පරිසර සංවිධානයේ සාමාජිකයින් දෙදෙනකු පහරදීමෙන් සුළු තුවාල ලබා තිබෙ.
 

සිද්ධිය පිලිබදව CIB155/516 යටතේ මාතලේ පොලිසියට පැමිනිල්ලක කල බව සිසිර කුමාර මහතා කියා සිටි අතර පහරදෙන අයුරු හා මරණිය තර්ජන කිරීමට අදාල වීඩියෝ දර්ශනද පොලිසියට ඉදිරිපත් කල බවද හෙතෙම පැවසිය.  .

නගරාධිපතිවරයා ඇතුළු පිරිස පරුෂ වචනයෙන් බැන වදිමින් මරණිය තර්ජන කල බවටද පැමිණිල්ලේ දැක්වේ.

මාතලේ පොලිසිය පරීක්ෂණ සිදුකරයි. 

දඹුල්ල - අශෝක එරමිනිගම්මන

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.