lakbima.lk

දස හැවිරිදි පාසැල් දැරියකට අතවර කල පුද්ගලයින් සොයයි

ගල්කිරියාගම පොලිස් බල ප්‍රදේශයට අයත් හබරත්තවල ගොවි ගම්මානයේ වැඩිවියට පත් දස හැවිරිදි පාසැල් දැරියකට අවස්ථා කීපයකදී බරපතල ලිංගික අතවර කල විවාහක පුද්ගලයින් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.

අතවරයට පත් දැරිය අනුරාධපුරය මහ රෝහලට ඇතුලත් කර ඇත.

 

යාබදව පිහිටි නිවෙස්වල පදිංචි සැකකරුවන්  දැරියගේ මව්පියන් කුලී වැඩට ගියපසු  නිවසේ කිසිවෙකුත් නොමැති අවස්ථාවන්හි දැරිය රවටා මුදල් ලබාදී ලිංගික අතවරයට ලක්කර ඇති බව මුලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

දැරියට සිදුවන ලිංගික අතවරයන් දරා ගත නොහැකිව ඇයගේ පුංචි අම්මාට මුලින්ම  මේ පිලිබදව සැලකිරීමෙන් පසු දැරියගේ මව විසින් 16 දින ගල්කිරියාගම පොලිසියට පැමිණිලි කර ඇත.

සිද්ධිය පොලිසියට පැමිණිලි කල බව දැනගත් සැකකරුවන් ප්‍රදේශය මඟහැර ගොස් ඇති බව පොලිසිය කියයි.

ගල්කිරියාගම පොලිසිය පරීක්ෂණ සිදුකරයි.       

දඹුල්ල - අශෝක එරමිනිගම්මන

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.