lakbima.lk

ජර්මානු යුවළක් ලංකාවට ඇවිත් 25වැනි විවාහ සංවස්තරය සමරපු හැටි (PHOTOS)

 

 ජර්මානු යුවළක් මෙරටට පැමිණ සිය 25 වැනි විවාහ සැමරුම් උත්සවය කොග්ගල බිච් හෝටලයේ දි පසුගියදා සමරණු  ලැබිය.

 මෙසේ සිය විසිපස් වැනි විවාහ උත්සවය සමරණු ලැබුවේය.ටියඩෝ වැන්ටවිමන් (58) ඩානිමරියා (56) යන යුවළයි. ටියඩෝ වෘත්තියෙන් ජර්මනියේ සැලසුම් ශිල්පියෙකු ලෙස සේවය කරන්නේය. ඩානි මාරියා ගෘහනියකි.

 මෙරට වෙරළ තිරයට ගහකොළ සතා සිවුපාට මෙන්ම හිරු එළියට ද වහ වැටි   ඇති මෙම ජර්මන් යුවළ දැනට වසර 17ක කාලයක සිට නිවාඩුවට මෙරටට පැමිණෙති. සිය 25වැනි විවාහ සැමරම් උත්සවය පැවැත්විම සදහා මොවුන් තොරාගෙන තිබුණේ කොග්ගල බිච් හෝටලයයි. මෙකි හෝටලය මගින්ද මෙකි යුවළට පුංචි පාහේ සාදයක් සංවිධානයක් කොට තිබුණි. මෙකි ජර්මානු යුවළ 25වැනි විවාහ සැමරුම වෙනුවෙන්  කොග්ගල ප්‍රා දේශයේ විහාරස්ථානයක් වෙත ගොස්  ආගමික වතාවත් සිදුකොට ආශිර්වාද ලබාගෙන තිබුණි.

 ජර්මානු යුවළ  මෙසේ පැවසුහ.

“අපි දැනට වසර 17ක්  තිස්සේ සිට ලංකාවට එනවා. අපට එක්.  දියණියක් ඉන්නවා. මුණුපුර මිණිපිරියන්  දෙදෙනෙකු ඉන්නවා. ලංකාව හරි ලස්සන රටක් මිනිසුන් හරි සුහදශිලියි. කොළ පැහැයට අපි ගොඩක් කැමතියි.. ගස්කොළන් තියෙනවා. පරිසරය හරිය සුන්දරයි.  කොග්ගල වෙරළ තිරය නිදහස් ඉතා පිරිසිදුයි. ඒ නිසා තමයි අපි අපේ 25වැනි විවාහ සැමරුම  මෙරටදි ගන්න තිරණය කළේ. අපි විහාරස්ථානයකට ගොස් මල් පහන් පුජා කළා. ගොඩක් විනෝද වුනා. ඇත්තටම ලංකාව ගැන ගොඩක් ආඩම්බරයි.

 

 

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.