lakbima.lk

එජාප 3ක් හා ශ්‍රීලනිප 3ක් බදියුදීන්ට එරෙහි වෙති - ඊබ්‍රාහීම් නිසා ජවිපෙට කිව්වේ නැහැ

 

කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමුපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය රිෂාඞ් බදියුර්දීන් මහතාට  එරෙහි විශ්වාසභංග යෝජනාව කතානායකවරයාට බාර දෙනු ලැබීය.

මන්ත්‍රීවරු හැට හය දෙනකුගේ අත්සනින් යුතුව බාරදුන් එම යෝජනාවට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරීපත්ව සිටින අතුරලියේ රතන හිමි, අශෝක ප්‍රියන්ත සහ ආනන්ද අලුත්ගමගේ යන මන්ත්‍රීවරුද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන එස්. බී. දිසානායක, ඩිලාන් පෙරේරා සහ නිශාන්ත මුතුහෙට්ටිගම මන්ත්‍රීවරුද ඊට අත්සන් තබා ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී ගම්මන්පිල මහතා පැවසුවේ.

පාස්කු ඉරිදා මරාගෙන මැරෙණ බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් අත්අඩංගුවේ පසුවන, ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලයිස්තුව සාමාජිකයකු වූ මොහොමඩ් ඊබ්‍රහීම් සම්බන්ධයෙන්ද විශ්වාසභංග යෝජනාවේ සඳහන්ව ඇති බැවින් ජනතා විමුක්ති පෙරමුණට ඊට අත්සන් තැබීමට ආරාධනා නොකළ බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසුවේ.

 

 

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.