lakbima.lk

අඹන් ගඟේ අනවසරෙන් මැණික් ගරා වන අලියකුගෙන් මට්ටුවේ

නාඋල-අඹන් ගඟ රක්ෂිතයේ අනවසර මැණික් ගැරීමක් වටලිමක නිරතවූ පොලිස් නිලධාරීන් කණ්ඩායමකට බියවී පලාගිය පුද්ගලයෙකු වන අලි පහරදීමකින් බරපතල තුවාල දඹුල්ල මුලික රෝහලට 21 දින පස්වරුවේ රෝහල් ගතකර තිබේ.

නාඋල,රජාවෙල ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි තිලකරත්න යන අය මෙසේ තුවාල ලබා ඇත.

තුවාලකරු වැඩිදුර ප්‍රතිකාර සදහා මහනුවර මහා රෝහලට මාරුකර යව තිබේ.

මේ දිනවල අඹන් ගඟේ  ජල මට්ටම පහත  බැස තිබීම නිසා ප්‍රදේශවාසීන් විසින් අනවසරයෙන් මැණික් ගැරීම සිදුකරනු ලබයි.පොලිසියට ලද තොරතුරක් මත නාඋල   පොලිසිය විසින් වැටලීම සිදුකරනු ලැබූ අවස්ථාවේ තුවාලකරු පොලිසියට බියේ පැනගිය බවට තොරතුරු අනාවරණය වේ. මේ දිනවල රාජාවෙල,කොන්ගහවෙල  ගම්මානය ඇතුළු ගම් රැසක වන අලි තර්ජනද ඉහල ගොස් ඇති බව ගම්වැසියන් කියා සිටිති.

නාඋල පොලිසිය පරීක්ෂණ සිදුකරයි. 

දඹුල්ල - අශෝක එරමිනිගම්මන

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.