lakbima.lk

බ්‍රෙක්සිට් පක්ෂ නායකයාට මිල්ක්ෂේක් ප්‍රහාරයක්

බ්‍රිතාන්‍යයේ බ්‍රෙක්සිට් පක්ෂ නායක නිගෙල් ෆාජ් හට නිව්කාස්ල් සිටි සෙන්ටර් හිදී මිල්ක්ෂේක් පිරවු කෝප්පයකින් දමාගැසු තිස් දෙහැවිරිදි පුද්ගල යෙකු අත්අඩංගුවට ගෙන ඇත. ඇඳුම පුරා ඉහිරුනු කිරි දියරයද සහිතව ෆාජ් ව එහි සේවකයින් විසින් වහා එතැනින් ඉවත්කොටගෙන තිබේ. යුරෝපිය මැතිවරණ ය ආසන්නව ඇති බැවින් පසුගිය සඳුදා ජන හමුවක් අමතමින් සිටියදී් සිටියදී මොහු ට මෙම ප්‍රහාරය එල්ලවිය.  

යුරෝපිය සංගමය විවේචනය කිරිම පිනිස දේශපාලන පක්ෂය ක් ලෙස බ්‍රෙක් සිට් පක්ෂය ෆාජ් විසින් පිහිටුවාගන්නා ලද්දේ මෙම වසරේදීය. ෆාජ්ගේ ජාතිවාදි අදහස්වලට විරුද්ධව තමා මෙම ප්‍රහාරය එල්ලකල බව එය එල්ල කල පුද්ගලයා පවසා ඇති අතර මොනවායින් දමා ගැසුවත් තම ගමන ඉදිරියටම යන බව ෆාජ් පවසයි.

විරෝධය පෑම පිනිස මිල්ක් ෂේක්වලින් දමා ගැසීම මෑතක සිට බ්‍රිතාන්‍යයේ ජනප්‍රියවී ඇති අතර, දේශපාලන රැලි පවත්වන දිනවල මිල්ක් ෂේක් විකිණීමෙන් වලකින ලෙස මැක්ඩොනල්ඩ්ස් වැනි අවන් හල්වලින් බලධාරින් ඉල්ලිමක්ද කර ඇතිබව වාර්තාවේ.

නිශානි දිසානායක

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.