lakbima.lk

Google සමාගමත් Huawei සමාගමට වැට බඳී

 

 

අමෙරිකානු රජය චීනයේ ‘හුවාවි’ විදුලි සන්දේශ සමාගම සිය අසාදු ලේඛනයට ඇතුළත් කිරීමට පියවර ගැනීමත් සමඟ, ගූගල් සමාගම පවසා ඇත්තේ, ‘හුවාවි’ සමඟ ඇති කරගත් ගිවිසුම් අවලංගු කිරීමට තමන්ටද සිදුවුණු ඇති බවයි.

ඒ අනුව, මින් ඉදිරියට ගූගල් සමාගමේ ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය හුවාවි සමාගමට අහිමි වනු ඇති.

ගූගල් ප්ලේ, ජී මේල් ඇතුළු ඇප් සේවා සියල්ල ද හුවාවි දුරතකන, ටැබ්, ඇතුළු සියලු සන්නිවේදන උපාංගවලට අහිමි වනු ඇති බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

ජනාධිපති ට්‍රම්ප් පසුගියදා හුවාවි සමාගමේ නිශ්පාදනයන්ට හේතුකොටගෙන එරට හදිසි තත්ත්වයක්ද ප්‍රකාශ කළේය. ඒ හුවාවි සමාගම චීනය වෙනුවෙන් ඇමෙරිකාවේ ඔත්තු බැලීම්වල නියැලුණු බවට චෝදනා එල්ල කරමින්ය.

 

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.