lakbima.lk

දුම්රිය දෙකක් මුහුණට මුහුණ ගැටේ - තුවාලකරුවන් ගුවනින් රෝහලට

දකුණු අප්‍රිකාවේ දුම්රිය අනතුරකින් සිව්දෙනකු මියගොස් 600කට අධික පිරිසක් තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
 
එරට පරිපාලන නගරය වන ප්‍රිටෝරියාහිදී මගී දුම්රිය දෙකක් ඊයේ (08) පෙරවරුවේ මෙසේ මුහුණට මුහුණ ගැටී ඇත.
 
අවදානම් තත්ත්වයේ පසුවූ තුවාලකරුවන් දෙදෙනකු ගුවන් මගින් රෝහල වෙත ගෙනගොස් ඇති අතර තවත් 10දෙනකු පමණ බරපතල ලෙස තුවාල ලබා ඇතැයි බලධාරීහු පවසති. 
 
 
සිදුවීම සම්බන්ධයෙන් විමර්ෂණ කටයුතු ආරම්භ කර තිබේ.  දකුණු අප්‍රිකාවේ දුම්රිය අනතුරු බහුලව වාර්තාවේ.

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.