lakbima.lk

සුපිරි මෝටර් රථ ධාවන ශුර නිකී ලවුඩා මියයයි


ලොව බිහිවු විශිෂ්ඨතම මෝටර් රථ ධාවන ශුරයෙකු ලෙස සැලකෙන  නිකී ලවුඩා මියගිය බව වාර්තාවන අතර මියයනවිට ඔහුගේ වයස අවුරුදු හැත්තෑවකි.

ඔස්ට්‍රියානු ජාතික ඔන්ද්‍රේ නිකලස් ලවුඩා වඩාත් ප්‍රකටවුයේ නිකී ලවුඩා නමිනි. ලොව විශිෂ්ථතම මෝටර් රථ ධාවන ශුරයා ලෙස ශුරතාවය දිනාගෙන ඇති ඔහු මෝටර් රථ ධාවන ඉතිහාසයටම ෆෙරාරි හා මැක්ලැරෙන් ආයතන දෙකින්ම තරඟවලට ඉදිරිපත්වී ශුරතාවයන් දිනාගත් එකම පුද්ගලයා ඔහු වෙයි. ඔස්ට්‍රියාවේ වියනා නගරයේදි ධනවත් පවුලක උපත ලැබු ඔහු පවු‍ලේ දැඩි විරෝධතාවය මැද මෝටර් රථ තරග බිමට පිවිසියේය.

1976 වසරේදි ජර්මනියේ පැවති තරඟයකදි බරපතල අනතුරකට මුහුනදුන් ඔහු ටික දිනක් සිහිසුන් තත්වයේද පසුවු අතර ඔහුගේ හිස බරපතල ලෙස පිලිස්සිනි. ඉන්පසුවද නැවත තරඟ බිමට පිවිසි ඔහු 1993 වසරේදි තරග¼වලින් ඉවත්වී තරඟ කලමනාකරුවෙකු ලෙස සේවයට එක්විය. දෙවරක් විවාහවු ඔහුට දරුවන් පස්දෙ නෙකි.

රෂ් නම් හොලිවුඩ් චිත්‍රපටයට ඇතුලත්වන්නේ ඔහු සහ තවත් තරඟකරුවෙ කුවු ජේම්ස් හන්ට් අතර කතාවයි.

නිශානි දිසානායක

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.