lakbima.lk

ලොව සුවිශාලම මැතිවරණය ඇරඹෙයි - ප්‍රතිඵල මැයි 23දා

ඉන්දීය මහා මැතිවරණය අද (11) ආරම්භ විය. ඒ සඳහා මිලියන 900ක පිරිසකට ඡන්ද බලය හිමිව තිබේ. ලොව සුවිශාලම ඡන්ද විමසීම ලෙස සැලකෙන්නේ ඉන්දීය මහා මැතිවරණයයි.

අප්‍රේල් 11 වන දා ඇරඹෙන මහ මැතිවරණය දින 39ක් හෝ ආසන්න වශයෙන් සති 6ක් පුරා පැවැත්වීමට නියමිතය. මිලියනයකට ආසන්න නිලධාරීන් පිරිසක් මැතිවරණ රාජකාරි සඳහා සේවයේ යෙදවේ.

ජන්ද ප්‍රතිඵල මැයි මස 23 වන දා නිකුත් කිරීමට එරට මැතිවරණ බලධාරීන් බලාපොරොත්තුවේ.

ඉන්දියාවේ වත්මන් ජනගහනය මිලියන 1340 ක් පමණ වේ. මහ මැතිවරණයෙන් ඉන්දියාවේ ලෝක් සභාවට  තෝරා පත් කෙරෙන මන්ත්‍රී සංඛ්‍යාව 573 කි. ඉන් ආසන 272ක් හිමි කර ගන්නා පක්ෂයට හෝ සන්ධානයට රටේ ආණ්ඩු බලය හිමි වේ.

ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් මේ වනවිට දෙදෙනකු මියගොස් තිදෙනකු තුවාල ලබා ඇති බවයි එරට මාධ්‍ය පවසන්නේ.

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.