lakbima.lk

මේ කඳු නැගීමේ වාරයේ එවරස්ට් නගින්නන් 19 දෙනකු මරුට

2019 එවරස්ට් කඳු නැගීමේ වාරයේදී මේ වන විට කඳු නගින්නන් එකොළොස් දෙනකු මිය ගොස් ඇතැයි වාර්තා වෙයි. ඇමෙරිකානු නීතිවේදියකු වන 62 හැවිරිදි  ජෝනකුලිෂ් මේ. මරණ ලැයිස්තුවට අලුතින්ම එකතු වූ අවාසනාවන්තයා වෙයි. පසුගිය සඳුදා ඔහුගේ මරණය නිල  වශයෙන් වාර්තා කර තිබුණේ නේපාල සංචාරක දේපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ මීරා ආමාර්යා විසිනි.

නේපාල පිවිසුමෙන් හිමාල තරණයට මේ සඳහා ඔහු මීටර් 7900 උස තරණය කර සිටි බව නේපාල ‍පොලීසිය උපුටා දක්වමින් ඛි.ව්.ව්. පුවත් සේවයද වාර්තා කර ඇත.


කඳු නැගීමේ උපදේශක ඒඩ්‍රියන් බාලින්ගර් ඛි.ව්.ව්. වෙත පවසා ඇත්තේ අත්දැකීම් මද බව  නිසා කඳු නගින්නන් මෙලෙස විපතට පත්වන බවයි.


මෙවර මරණ ටිකක් වැඩියි වගේ වෙනදා අඩි 26000 ඒ කියන්නේ “මරණයේ කලාපයේ” තමයි මෙවැනි දේ සුලභ. එත් අද ඊට කලින් කීප දෙනකු මිය ගියා. මේ ගමන් හොඳට සැලසුම් කරන්න ඕන.


නමුත් වාණිජ පරමාර්ථයෙන් කරනා කඳු නැගීම් සංවිධාන නිසා මිනිස් ජිවිත අවදානමක වැටෙනවා. ඔහු පවසන්නේය.


කෙසේ වෙතත් කඳු නගින්නන් අධික පිරිසක් සහභාගි වීම නිසා මෙවරද එවරස්ට් මුදුනට මීටර් 100ක තරම් දුර සිට අධික තදබදයක් පවතින බවත්, එනිසා බොහෝ කඳු නගින්නන්ට ඔක්සිජන් මද වීම නිසා අවසන් මීටර් 100 යේදී නැගීම අතහැර දමන බවද වාර්තා වේ.


මේ අතර පසුගිය 31 වැනි දින ඉන්දීය පිවිසුමෙන් එවරස්ට්  තරණයට ගිය කණ්ඩායමක අට දෙනෙකු හිම කුණාටු සහ අයහපත් කාලගුණ තත්ත්වය නිසා මරුමුවට පත්ව ඇති බව වාර්තා වෙයි. මෙම කණ්ඩායම පිළිබඳ සතියක් පමණ අතුරුදන්ව සිටි බව වාර්තා වෙන අතර අවසන ඔවුන් සොයා ඉන්දීය ගුවන් හමුදාව කළ සෝදිසි මෙහෙයුමේදී මල සිරුරු අටම සොයා ගන්නට හැකිවිය.

මෙම කණ්ඩායම කඳු නැගීමට ආගන්තුකයෝ නොවන බවත් ඉන්දියාවේ දවෛනි උසම කන්ද ලෙස සැලකෙන තන්ද්‍රදේවි කන්ද (අඩි 25000 උස) මෙම කණ්ඩායම සාර්ථකව තරණය කර ඇති බවක් ඉන්දියානු කඳු නගින්නන්ගේ සංගමයේ ප්‍රකාශකයකු වන අමිට් චෞද්රි ප්‍රකාශ කර ඇත.

කෙසේ වෙතත් එවරස්ට් තරණය කිරීම් සංවිධානය කරන .ර්.ට්. ඇතුළු සංවිධාන ඉන්දියාවට මෙන්ම නේපාලයටද සුදුසුකම් සපුරා නැති කඳු නගින්නන්ට අවසර දීම පිළිබඳ දිගින් දිගටම චෝදනා කරයි.

 තනුජා නානායක්කාර

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.