lakbima.lk

ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය සංචාරකයන්ට

2020 වසරේ සිට ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය සංචාරකයන්ට විවෘත කිරීමට නාසා ආයතනය තීරණය කර ඇත. ඒ අනුව සංචාර සහ වෙනත් ව්‍යාපාර සඳහා අභ්‍යවකාශ මධ්‍යස්ථානය විවෘත කරන බව නාසා ආයතනය නිවේදනය කර තිබේ.

එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ රොබින් ගේටන්ස් ප්‍රකාශ කරන්නේ වසරකට දෙවරක් පමණ ගගනගාමීන් අභ්‍යවකාශ මධ්‍යස්ථානය තුළ කෙටි ක්‍රියාන්විතවල යෙදීමට නියමිත බවයි. පෞද්ගලික ගගනගාමීන්හට ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සංචාරය කිරීම සඳහා දින 30කට ආසන්න කාලයකට අවසර ලැබෙන බවද නාසා ආයතනය නිවේදනය කරයි.

නමුත් සංචාරකයන් රැගෙන යනු ලබන්නේ ඇමරිකානු අභ්‍යවකාශ යානාවක පමණක් වීම විශේෂත්වයකි. පෞද්ගලික ව්‍යාපාර කණ්ඩායම්වලට ඇතුළු වන පිරිස තීරණය කළ යුත්තේ අදාළ සමාගම් වන අතර, පෞද්ගලික ගගනගාමීන් අභ්‍යවකාශ ගමනට අවශ්‍ය පුහුණුව ලබා සිටිය යුතු අතර යහපත් සෞඛ්‍ය තත්ත්වයේ පසුවිය යුතුය.

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.