lakbima.lk

ඉන්දීය රජයෙන් ඇමෙරිකාවට බදු ගසයි

ඇමෙරිකාවෙන් ආනයනය කරනු ලබන භාණ්ඩ 28ක් සඳහා  තීරු බදු පැනවීමට ඉන්දීය රජය තීරණය කර ඇත.

ඉන්දියාවෙන් ආනයනය කරන යකඩ සහ ඇලුමීනියම් සඳහා නව බදු පැනවීමට පසුගියදා අමෙරිකාව ගත් තීරණයට ප්‍රතිචාර වශයෙන් ඉන්දියාව මෙම පියවර ගෙන ඇති බව වාර්තා වේ. ඉන්දියාව ඇමෙරිකාවට වසරකට ඩොලර් බිලියන 1.5ක පමන වානේ සහ ඇලුමීනියම් අපනයනය කරයි.

ඉන්දියාව ලොව තෙවැනියට විශාලතම වානේ නිෂ්පාදකයා වන අතර ලොව සිව්වැනියට විශාලතම ඇළුමීනියම් නිෂ්පාදකයා ද වේ.

මේ සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණීම සඳහා ඇමෙරිකාව සහ ඉන්දියාව දිගින් දිගටම සාකච්ඡා පැවැත්වූ නමුත් එම සාකච්ඡා වලින් ඉවත්වීමට පසුගිය දා ඇමෙරිකාව තීරණය කළේය.

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.