lakbima.lk

ඇමෙරිකාවේ ජීවත් වන මුස්ලිම් වැසියන්ට අරාබිය වෛර කරන්නේ ඇයි?

පසුගිය දිනක ශ‍්‍රී ලංකාවේ සිදු වූ ත‍්‍රස්ත ප‍්‍රහාර මාලාවත් සමග ලෝකයේ බලවත් රාජ්‍යයන්ගේ ඇස ශ‍්‍රී ලංකාව දෙසට යොමු වූ බව නොරහසකි. එයින් නතර නොවී මෙම ප‍්‍රහාර මාලාව ගැන සිය මත ඉදිරිපත් කරන්නට ද එම රාජ්‍යවල නායකයින් මෙන්ම නියෝජිතයෝ ද එක් වූහ.

2018 වසරේ නොවැම්බර් මස ඇමෙරිකා එක්සත් ජනපදයේ පැවැති මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට මුස්ලිම් කාන්තාවන් දෙදෙනෙකු ඇමෙරිකානු නියෝජිත මන්ත‍්‍රී මණ්ඩලයට තේරී පත් විය. ඒ රෂීඩා ත්ලායිබ් සහ ඉල්හාන් ඔමාර්ය. සෝමාලි ඇමෙරිකානු සම්භවයක් සහිත ඉල්හාන් ඔමාර් අල්ජසීරා රූපවාහිනිය සමග සිදුකළ සාකච්ඡුාවක දී ශ‍්‍රී ලංකාවේ සිදුවීම් පිළිබඳව ද අදහස් දක්වා තිබිණි.

 ඇමෙරිකාව සහ මුස්ලිම් කියන්නේ ගළපගන්න අපහසු කාරණා දෙකක්?

ඒ දෙක ගලපගන්න අපහසු වුණේ 9/11 ප‍්‍රහාරයෙන් පස්සේ. මම ඇමෙරිකාවේ පදිංචියට යද්දී වයස අවුරුදු 14 යි. ඒ කියන්නේ 1995 අවුරුද්දේ. ඒ වෙද්දී ඇමෙරිකාව සහ මුස්ලිම්වරු අතර කිසිම මතභේදයක් තිබුණේ නැහැ. ඒ දෙපිරිස හොඳින් ගැළපුණා.

 ඇමෙරිකාව තුළ දී මුස්ලිම් අය ආරක්ෂිත ද?

ඔබ දැන් ඉන්නේ ඇමෙරිකාවේ ජීවත් වන මුස්ලිම් කාන්තාවක් ඉදිරියේ. මාව දැක්කාම අනාරක්ෂිත බවක් ඔබට දැනෙනවා ද?

 ඔබ මුස්ලිම් වුණත් ඇමෙරිකානු රාජ්‍ය තාන්ත‍්‍රික කාන්තාවක්?

අන්න ඒක තමයි මමත් කියන්නේ. මුස්ලිම් කාන්තාවන්ට පවා අද වෙද්දී ඇමෙරිකානු කොංග‍්‍රස් සභාවේ දොර ඇරිලයි තියෙන්නේ.

මුස්ලිම් අය ඇමෙරිකාව තුළ අනාරක්ෂිත පිරිසක් නම් ව්‍යස්ථාදායකයට තෝරා පත් කර ගනී ද?

9/11 ප‍්‍රහාරයෙන් පස්සේ ඇමෙරිකාව තුළ මුස්ලිමොෆෝබියාවක් පැතිරිලා තිබුණා. දැන් එහෙම දෙයක් නැහැ.

මුස්ලිම් වුණත් ඔබ
ඇමෙරිකානුවෙක්. ඔබ

ඇමෙරිකාවට කත් අදින මුස්ලිම් කාන්තාවක් කියලා සෞදි අරාබිය පවා චෝදනා කරලා තියනවා?


ඔය චෝදනාව මට විතරක් නෙවෙයි ඇමෙරිකාවේ රාජ්‍ය තාන්ති‍්‍රක සියලූම මුස්ලිම්වරුන්ට කරපු චෝදනාවක්. නමුත් අපි කරන්නේ අපේ රැකියාව. කත් ඇදීමක් නෙවෙයි.

කරන රැකියාවට අවංක වීම සහ ගරු කිරීම තමයි ප‍්‍රමුඛ කාරණය විය යුත්තේ. ඒ වගේම රැකියාව නිසා ආගමට අපහාසයක් කරන්න අපට අවශ්‍ය වෙන්නේ නැහැ.

 ඔබට සහ ඇමෙරිකානු පුරවැසි භාවය හිමි අනිකුත් මුස්ලිම්වරුන්ට නැවත සෞදි අරාබියට යන්න ඉඩක්
ලැබෙන්නේ නැහැ කියලත් වාර්තා වෙනවා

වෙන්න පුළුවන්. ඇමෙරිකාවට ඔත්තු සැපයුවා කියලා මාධ්‍යවේදී ජමාල් කෂෝගි ඝාතනයට ලක් වන්නේ තුර්කියේ ඉස්තාන්බුල් නගරයේ පිහිටා ඇති සෞදි කොන්සියුලේට් කාර්යාලය තුළදීමයි. ඒකියන්නේ මුස්ලිම් ජාතිකයෙකු මුස්ලිම් රටක් තුළ දී ඝාතනය වෙලා අඩුම තරමින් මිනියවත් හොයා ගන්න බැරි තරමට විනාශ කරලා දානවා නම් එවැනි රටක් තුළ රට වැසියන් ගැන තිබෙන වගකීම මොකක් ද? මුස්ලිම් රටක මුස්ලිම් වැසියන් ඝාතනය වෙනවා නම් කාලයක් ඇමෙරිකාවේ ජීවත් වුණු මට සෞදි අරාබිය කියන්නේ පෝරකයක් වෙන්න බැරි නැහැ.

  ජමාල් කෂෝගී තමන්ගේ ජාතියට ද්‍රෝහි වුණා කියලා මම කිව්වොත්?

නැහැ. ඔහු කළේ ඒ රටවල තිබෙන හංගපු ඇත්ත ලෝකයට හෙළි කළ එක. එය වරදක් හෝ අපරාධයක් නෙවෙයි. ඒ වැසියන්ට නැති වෙලා තියන අයිතිවාසිකම් යළි ලබා දෙන්න ගත් උත්සාහයක්. නමුත් ආගමේ නාමයෙන් ඒ ජනතාව මුලා කරලා නිසා ඔවුන්ට ඇත්ත වැටහෙන්නේ නැහැ.

  කොලොම්බියා විශ්වවිද්‍යාලෙ මහාචාර්ය මහ්මුද්මන්දානි වරක් කියලා තිබුණා රෂීඩා ත්ලායිබ් සහ ඉල්හාන් ඔමාර් කියන්නේ ”නරක මුස්ලිම්වරු” කියලා?

ඒ ගැන මට කියන්න දෙයක් නැහැ. ඇමෙරිකාවේ ඉන්න මුස්ලිම් අය දිහා මුස්ලිම් රටවල ජීවත් වෙන මුස්ලිම් අය කොහොමත් බලන්නේ වපර ඇහින්. ඒ අයට අපි කොහොමත් නරක මුස්ලිම්වරු තමයි. ඔවුන්ගේ සිතිවිලි වෙනස් වෙනතාක් ඒ මතය වෙනස් කරන්න බැහැ. නමුත් මම නරක මුස්ලිම්වරු කියලා හඳුන්වන්නේ වෙනම පිරිසකට. ඒ අය තමයි පහුගිය කාලෙ ශ‍්‍රී ලංකාවේ සිදුවුණු ප‍්‍රහාර මාලාවටත් වගකියන්න  ඕනෙ.

ඔබ නරක මුස්ලිම්වරු කියන්නේ අයිසිස් කල්ලියටද?

ආගමේ නැති, හරයක් නැති දේවල්වලින් ඉස්ලාම් භක්තිකයන්ගේ ඔළු පුරවලා වරදට පෙළඹවීම හොඳ මුස්ලිම්වරුන්ගේ ක‍්‍රමවේදයක් නෙවෙයි. එය අපරාධයක්. ඝාතනයක්. ඔවුන්ට කියන්න හොඳම වචනය ”ඝාතකයන්”.

ඇමෙරිකාව තුළ ඔබට ඔබේ ආගම ඇදහීමේ සීමා පනවලා තියනවා කියන කාරණය ඇයි ඔබ ප‍්‍රසිද්ධියේ කියන්නඅකමැති? කවුද එයට බලපෑම් කරන්නේ?

කිසිම සීමා පැනවීමක් නැහැ. මම හොඳින් ආගම අදහනවා. ඒ වගේම මම කොන්ග‍්‍රස් සැසිවලට එන්නේ හිජාබයෙන්. කවදාවත් කවුරුවත් මට හිජාබය අඳින්න එපා කියලා නැහැ. රෂීඩා හිජාබය පලඳින්නේ ආගම කියන වෙලාවට විතරයි. ඒක ඇගේ කැමැත්ත. ඉස්ලාම් ආගමේ බුර්කාව අඳින්නම  ඕනෙ කියලා නීති පනවලා නැහැ.  ඕනෙම දෙයක් තමන්ගේ වාසියට හරවා ගන්න දක්ෂනම් අන්න ඒක තමයි අද නීතිය බවට පත් වෙලා තියෙන්නේ.


ඔබ ඇමෙරිකාවේ රැකවරණය ලබමින් ඔබේ ආගමටත් මුස්ලිම් ජනතාවටත් නිගරු කරනවා කියලා ඔවුන් කියනවා.


මුස්ලිම් ජනතාවට මම නිගරු කරනවා නම් ඒ නිග‍්‍රහය මටත් අදාළ වෙනවා. මට අවශ්‍ය වෙලා තියෙන්නේ ආගමේ නාමයෙන් අන්ධ බවට පත් කරලා ඉන්න අහිංසක මුස්ලිම් වැසියන්ට ඇත්ත පෙන්වා දෙන්න. මිථ්‍යාව අදහන සහ වපුරන සමහර මුස්ලිම්වරු හිතනවා ඔවුන් තමයි මේ උතුම් භූමියේ පාලකයන් විය යුත්තේ කියලා.

කවදාවත් එය සිදු නොවිය යුතු දෙයක්. හැමෝම සාධාරණව හිතලා බලලා කටයුතු කරනවා නම් මේ භූමියට පාලකයන් අවශ්‍ය වෙන්නේ නැහැ.

දුලංජලී මුතුවාඩිගේ
 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.