lakbima.lk

උත්සව අවස්ථා සඳහා ගවුම් විලාසිතා

උත්සව අවස්ථා සඳහා සුදුසු දිග ගවුම් විලාසිතා කීපයක් ඉදිරිපත් කිරීම සුදුසු යයි සිතුයේ ඉදිරි කාලයේ ඇති මංගල උත්සව සමයේදී ඔබට ප්‍රයෝජනවත් වීම සඳහායි. මෙතුළින් ඔබට යම් අදහසක් ඔබගේ නිර්මාණයට දායක කර ගත හැකි මෙන්ම යම් පෙර සූදානමක් සඳහා ද එය වැදගත් වනු ඇත.

මෙවැනි නිර්මාණ සඳහා සැටින්, ‍ලේස්, ඩූම් සිල්ක් වැනි රෙදි වර්ග මෙන්ම වෙල්වට් වැනි රෙදි වර්ගද යොදා ගැනීම තුළින් ඊට වර්ණවත් බවක් එක් කරගත හැක. රෙදි වර්ග තෝරා ගැනීමේදී ඔබගේ සිරුරේ හැඩයට උචිත වන ආකාරයෙන් සුදුසු රෙදි වර්ගයක් තෝරා ගත යුතු මෙන්ම වර්ණ  ගැලපීමද අවස්ථාව අනුව සහ ඔබගේ සමේ පැහැය අනුව තෝරා ගැනීම කළ යුතුය.

මෙවැනි ඇඳුම් විලාසිතා නිර්මාණය කිරීම පළපුරුදු මැහුම් සහ මෝස්තර නිර්මාණ ශිල්පියෙකු හෝ ශිල්පිනියක විසින් සිදු කිරීම වැදගත්වේ.

හොරණ වගීෂා ස්කූල්  ඔෆ් ඩේ‍රස්  මේකින් හි ප්‍රවීණ මැහුම් හා මෝස්තර නිර්මාණ ශිල්පිනී වගීෂා අබේසිංහ ඉදිරිපත් කරයි

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.