lakbima.lk

නිදන ඇඳුමක්

අපි අද ලස්සන රාත්‍රී ඇඳුමක් මහමු. නිවසේ සිටම ආදායම් මාර්ගයක් සලසා ගන්නත් පුළුවනි.
යෝක් කොටස් නැම්මට තබා කොටස් 4 කපා ගන්න. පහළ කොටස කපා ගන්නා අයුරු පැහැදිලිව පෙන්නා දී ඇත. ඉදිරි සහ පසු පළු සඳහා කොටස් 2 කපා ගන්න .  
(ඛි රූපය)
අතේ රැලි පටිය නැම්මට තබා කපා ගන්න.
දැන් අපි මහමු (මැහුම් වාසි තබා ඇත.)
අඟල් දෙක බැගින් තබා ඕ රූප සටහනේ පරිදි උරහිස් මූට්ටු කර ගත් යෝක් කොටස් 2 හොඳ පිට දෙක එකට තබා කර හැඩය මසා (ඕ රූපයේ තිත්  ඉරිවලින් පෙනෙන පරිදි) නම් කර හරවා ගන්න. දැන්  ඒ රූපයේ ලෙස පහළ කොටස රැලි කර දෙපැත්තට අල්ලා ගන්න.
රැලි පටිය අතට අල්ලා ගන්න. ඔබ කැමතිනම් යෝක් එකට රැලි පටිය අගට සිහින් රේන්දයක් හෝ රිබන් අල්ලා ගන්න. අංශය මූට්ටු කර වාටිය මසා ගන්න. උස ගන්නට රෙදි මදිනම් යටට අඟල් 5-6 ක රැලි පටියක් අල්ලා ගන්නත් පුළුවන්. යෝක් එකේ යටට වෙනත් රෙදි දමා ගත්තත් වරදක් නැහැ.
 
ඉතාම පහසුවෙන් මසා ගන්න පුළුවන් රාත්‍රී ඇඳුමක්. 36” පළල රෙදි යාර 2 1/2කින් හොඳට ඉඩ කඩ ඇතිව මහ ගන්න පුළුවනි.
 
ඉදිරිපත් කිරීම බණ්ඩාරගම එම්.එස්.පී. මැහුම් පාස‍ලේ උපදේශිකා, ප්‍රවීණ මැහුම් ශිල්පිනී මැහුම් ඩිප්ලෝමාධාරිනි මානෙල් ප්‍රේමතිලක

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.