lakbima.lk

උත්සවයකට අඳින්නට සුදුසු සාරි හැට්ටයක්

 
යුවතියකට ගැලපෙන මේ සාරි ජැකට් එක උත්සව අවස්ථාවකට අඳින්න හොඳයි. පපුව 36” ඉණ 31” නම් මේ පතරොම හරියටම හරි. අඟලක් අඩු වැඩි කරගන්න ඕනනම් අංශයෙන් පමණක් එසේ කරගත හැකියි.
රේඛා හඳුනාගෙන පතරොම් කොටස් වෙනම පිටපත් කරගන්න
 
ඉදිරි පලුව:-
 
නැම්මට කපා ගන්න. අංශය 1” වටේට 1/2” බැගින් මැහුම් වාසි තබා කපා ගන්න.
 
පිටුපස පලුව:-
 
බොත්තම් දැමීමට කොටස් 2ම කපන්න. අංශයට 1” වාටියට 1” වටේටම 1/2” බැගින් මැහුම් වාසි තබන්න.
 
යෝක් එක:-
 
අංශයට 1” වාටියට 1” වටේට 1/2” බැගින් තබා ජැකට් රෙදි කොටස් 2, ලයිනින් කොටස් 4 පේපර් ස්ටිප් කොටස් 2 කපාගන්න.
 
අත:-
 
අංශයට 1” වටේටම 1/2” මැහුම් වාසි තබා කපා ගන්න. ලයිනින් නොදමනවානම් වාටියට ඉඩ තබා ගන්න.
(ලයිනින් රෙද්දේ සියලුම කොටස් ඇඳ මැහුම් වාසි තබා කපා ජැකට් රෙද්ද මත තබා පින්ස් ගසා ගෙන, කපා වටේ මැහුම් ගසා ගෙන සකස් කර ගැනීමෙන් ක්‍රමවත්ව මසා ගැනීමට පහසුය.)
තිත් ඉරිවලින් පෙන්නා දී ඇති පරිදි පෙර, පසු කරට ෆේසිම කපා ගන්න.
දැන් ඉදිරි පලුවේ ඩාට් මසා ජැකට් රෙදි කොටස් 1 ලයිනින් 1, පේපර් ස්ටිප් 1, ලයිනින් 1 තබා සකස් කරගත් යෝක් අල්ලා ගන්න. කරට ෆේසිම තබා මසන්න. උරහිස් මූට්ටු කරන්න. අත් අල්ලා ගන්න. දෙපස මූට්ටු කර පිටුපසට බොත්තම් සඳහා පටි අල්ලා ගන්න. කාස මසා ගන්න. ලූප් දමා ගැනීමටද හැක. කර, ඉණ අතේ මසා බොත්තම් අල්ලා ගන්න. පින්තූරයේ පරිදි ගල්, සීකුවින්ස්, පබළු ආදියෙන් අලංකාර කර ගන්න.
 
ඉදිරිපත් කිරීම බණ්ඩාරගම එම්.එස්.පී. මැහුම් පාස‍ලේ උපදේශිකා, ප්‍රවීණ මැහුම් ශිල්පිනී  මැහුම් ඩිප්ලෝමාධාරිනි මානෙල් ප්‍රේමතිලක
 
 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.