lakbima.lk

රතු පැහැයෙන් නෙක විසිතුරු සාරි හැට්ට විලාසිතා

ළඟ එන උත්සව සමය සඳහා සුදුසු සාරි හැට්ට නිර්මාණ කීපයක් එකම වර්ණයකින් ඔබ වෙත ඉදිරිපත් කිරීම සුදුසු ලෙස හැඟුණේ බොහෝ විට අපට එක් වර්ණයකින් සාරි බ්ලවුසයක් මසා ගත් විට නැවත එම වර්ණයෙන්ම සාරි බ්ලවුසයක් මසා ගැනීමේදී ඇතිවන ගැටලුවට පිළියමක් ලෙසය. 
 
එකම වර්ණයකින් විවිධ මෝස්තර නිර්මාණ කෙසේ සකසා ගන්නේදැයි මෙයින් පැහැදිලි වනු ඇත. අප නිතර දකින සම්ප්‍රදායික සාරි බ්ලවුස් මෝස්තරවලින් මදක් ඔබ්බට ගිය මෙම නිර්මාණ තමන් සඳහා දායක කර ගැනීමේදී කැමැත්ත පරිදි වෙනස්කම් වලට භාජනය කර ගත හැක. එකිනෙකට වෙනස් රෙදි වර්ග, වෙල්වට්, ‍ලේස්, නෙට්, සැටින්, ජෝජට් වැනි රෙදි වර්ග එකිනෙක සමග ගළපා ගනිමින් මෙවැනි නිර්මාණ සිදු කළ හැකිවේ.
 
කෙසේ වෙතත් මෙවැනි නිර්මාණ සිදු කිරීමේදී ඔබ සතු නිර්මාණ කුසලතාවය මත සිදු කරන නිර්මාණයට වටිනාකමක් එක් කිරීමේ හැකියාව ඇත. තවද මෙවැනි නිර්මාණ බිහිකිරීමට නම් ඔබ මැහුම් නිර්මාණ කලාවේ අති දක්ෂයෙකු වීමද වැදගත්වේ. 
 
වගීෂා ෆැෂන් ඇකඩමි හි ප්‍රවීණ මැහුම් හා මෝස්තර ශිල්පිනී වගීෂා අබේසිංහ 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.