lakbima.lk

ගර්භණී සමයේ කෙණ්ඩ පෙරළීම

වේලාව මධ්‍යම රාත‍්‍රී දෙකට පමණය. 
”අම්මෝ මට ඉන්න බෑ රිදෙනවා. අනේ මොනව හරි කරන්නකෝ.”
හදිසියේ නින්දෙන් ඇහැරුණ ගැබිනි මව කෑ ගසා ගෙන අවදි වූයේ පවුලේ අනිත් අයවත් අවදි කරවමිනි.
ඇඳෙහි වාඩිවී තම වම් කකුලේ දණහිසට පහළින් බත්කෙණ්ඩ ප‍්‍රදේශය  දෑතින්ම බදාගෙන ඇය කෑ ගසයි. මුහුණ වේදනාවෙන් ඇඹරී ඇත. තද බල වේදනාවක් සේ පෙනේ. 
 
ඇඳෙන් බස්වා ව්‍යායාම කරවා උණු වතුර භාජනයක පෙඟවූ තුවායකින් තවා කකුල සම්බාහනය කිරීමෙන් පසු විනාඩි කිහිපයක් ඇතුළත වේදනාව ක‍්‍රමයෙන් සමනය විය. 
”ඇයි අනේ මෙහෙම වෙන්නෙ. නිදා ගන්නත් බයයි කොයි වෙලාවෙ හැදෙනවද කියන්න බෑ. එපා වෙනවා” තවමත් තරමක වේදනාවක් දෙන කකුල අතගාමින් ඇය පැවැසුවාය. 
 
” ඕව ඔහොම තමයි ටිකක් රිදෙනව මිසක්  ඕක මහ ලොකු ලෙඩක් නෙමෙයි” නැන්දම්මා පැවැසුවේ ඇයටත් ඒ අත්දැකීම තම පුතා ලැබෙන්න ඉන්න කාලයේ විඳින්න සිදුවූ නිසාය. 
ඇත්තටම මේ කෙණ්ඩ පෙරළීම යනු කුමක්ද? 
 
එය සිරුරේ මාංශ පේශී හදිසියේ තමාගේ හිතු මනාපයට ක‍්‍රියාකිරීමක් බඳු තත්ත්වයකි. මෙය සිදුවන ක‍්‍රමය තවම හරියට සොයාගෙන නැත. එහෙත් එය සිදුවන අවස්ථා විමර්ශනය කර බැලීමේදී කරුණු ගණනාවක් හෙළි වේ. එනම් මෙයට මාංශ පේශියේ අභ්‍යන්තර ක‍්‍රියාකාරීත්වය යම් වෙනසකට බඳුන් වන විටය. එයට සැපයෙන රුධිර සැපයුම, ස්නායු ආවේග, පටකවල ඇති ජල සාන්ද්‍රතාව, ලවණ ඌනතා පමණක් නොව මාංශ පේශිය අයත් අවයවය තබාගන්නා ක‍්‍රමයද මෙයට බලපාන බව පෙනී යයි. පරිසරයේ සිදුවන හදිසි උෂ්ණත්ව වෙනස් වීමකට පවා මෙවැනි හදිසි පේශි සංකෝචනයක් ඇති කළ හැකිය. 
 
මාංශ පේශියක ව්‍යූහය ගත් කල එය සෑදී ඇත්තේ මාංශ පේශි ෙසෙලවලිනි. ඒවා දෙකෙළවර තුනී හැඩයක් ගන්නා දිගටි ෙසෙල විශේෂයකි. ශරීරයේ වෙන කිසිම ෙසෙලයකට කළ නොහැකි හපන් කමක් මෙම පේශි ෙසෙලවලට කළ හැක. එනම් සංකෝචනය වී ප‍්‍රමාණයෙන් කුඩා වීමටත්, නැවත යථා තත්ත්වයටත් පත් වීමේ හැකියාව ය. එම ෙසෙල එකතු වී පේශි තන්තු සැදෙන අතර ඒවා එකතු වී මාංශ පේශියක් සෑදෙයි. 
 
එම පේශිය දෙකෙළවර ඇති කණ්ඩරාවලින් යම් අස්ථියකට සම්බන්ධ වී පවතී. ස්නායු සැපයුම අනුව ලැබෙන විද්‍යුත් කි‍්‍රයාකාරිත්වයේ ප‍්‍රතිඵලයක් ලෙස එම ෙසෙල සංකෝචනය වී, පේශිය කුඩා වී තද වේ. එවිට ඒවා සම්බන්ධ අස්ථි ඒවා සවි වුණ සන්ධිවලින් නැවේ. අපේ අත පය කි‍්‍රයා කරන්නේ එසේය. අපට අවශ්‍ය ලෙස අත පය නැවීමට අප මොළයෙන් පණිවුඩ යවන විට එසේ සිදු වේ.
 
එනම් සැකිලි පේශි ක‍්‍රියා කරන්නේ අපේ පාලනයට යටත් වය. එහෙත් යම් අවස්ථාවක විවිධ හේතු නිසා මෙම පේශි ෙසෙලවලට අපේ අනුදැනුමකින් තොරව පණිවුඩ ලැබෙන අතර ඒවා  සංකෝචනය වීමක් සිදු විය හැකිය. එම සංකෝචනය විනාඩි කීපයක් එක ලෙස පැවැතීමටද හැකියාව ඇත. එය සිදු වන්නේ පිළිවෙළට ක‍්‍රමානුකූලව නොවේ. එයින් සිදුවන ස්නායු උත්තේජනය එම අවස්ථාවට මුහුණ දෙන පුද්ගලයාට බලවත් වේදනාවක් ඇති කරයි. 
මෙසේ පේශිවල හදිසි සංකෝචන සිදු වන අවස්ථා මොනවාද? 
 
මෙය සුලබව දකින්න ලැබෙන අවස්ථාවක් නම් ගර්භණී සමයයි. එයට හේතුව සේ දැනට සලකන්නේ දරුවා වැඩෙන විට විශාල වන ගර්භාෂය නිසා  තද වීමෙන් එයට යටින් පිහිටි රුධිර වාහිනීවල ලේ ගමන අඩුවීමයි. නැතහොත් ස්නායු තද වීමක්ද විය හැකිය. බොහෝ ගර්භණී මව්වරුන්ට මෙම තත්ත්වය ඇති වන්නේ ගර්භණී සමයේ මැද හෝ අවසන් කාල සීමාවේ දීය. ඒ නිසා දෙපාවලට සංසරණය වන රුධිර ප‍්‍රමාණය අඩු විය හැකිය.
 
නින්දේදී ව්‍යායාමයකින් තොරව දෙපා එකම ඉරියව්වකින් තිබෙන බැවින් කකුලේ මාංශ පේශි ෙසෙලවලට රුධිර සැපයුම අඩාල වේ. මෙම කෙණ්ඩා පෙරළීම ගර්භනී මව්වරුන්ට රාති‍්‍රයේදී සිදු වන්නේ ඒ නිසාය. ඊට අමතරව දෙපා වැඩි වෙලාවක් නුහුරු ඉරියව්වක තබා ගෙන සිටීම නිසාද මෙය සිදු වේ. පේශිවල ඇති වන විඩාපත් ස්වභාවය, විජලන තත්ත්වය මෙන්ම නිසි ස්නායු කි‍්‍රයාකාරිත්වයට අවශ්‍ය කැල්සියම් , මැග්නීසියම් හා පොටෑසියම්වල ඌනතාවයන්ද මෙයට බලපෑමට ඉඩ තිබේ. දෙපාවලට අමතරව පිටේ සහ උදරයේ මාංශ පේශිවල වුවද මෙසේ ක‍්‍රෑම්ප් ඇති විය හැකිය. 
 
මෙය සෑදුණ අවස්ථාවක  වේදනාත්මක තත්ත්වය සමනය කර ගන්නේ කෙසේද? 
මුලින්ම කළ යුත්තේ කකුල හැකි තරම් ඇදෙන ලෙස දිගු කිරීමයිි ඊළගට විළුඹ යට අතටත් පා ඇ`ගිලි උඩටත් සිටින ලෙස එහා මෙහා කරමින්  වළලූ‍කර සන්ධිය අසලින් ව්‍යායාම කරවිය යුතුය. පා ඇගිලිවලටද ව්‍යායාම කළ යුතුය. මෙය කරන අතර තුර උණු වතුරවල පෙගවූ තුවායකින් සෙමෙන් මසාජ් කිරීමෙන් සුවය ලැබෙනු ඇත. මෙය එක තැන වාඩි වී හෝ සිට ගෙන නොසිට ඉරියව් වෙනස් කරමින් එය කළ යුතුය. එයින් බලාපොරොත්තු වන්නේ හැකි ඉක්මනින් අදාළ ෙසෙලවලට ලේ ගමනාගමනය යථා තත්ත්වයට පත් කර සංකෝචිත පේශි දිග හැර ගැනීමයි. ලූ‍ණු ස්වල්පයක් දැමූ උණුසුම් වතුර වීදුරුවක් පානය කිරීමද වැදගත්ය. නිතර සෑදෙනවා නම් උණුසුම් ජලය සහිත ප්ලාස්කුවක් ඇඳ ළඟ තබා ගැනීම පහසුය. 
 
මෙය නැවත නැවත ඇති වීම වළක්වා ගන්නේ කෙසේද?
ප‍්‍රතිකාරයට වඩා වැළැක්වීම යහපත් යයි කියමනක්ද තිබේ. බොහෝ මව්වරුන් මෙය වළක්වා ගැනීමට වෛද්‍යවරුන්ගෙන් ඉල්ලන්නේ බෙහෙත් පෙත්තකි. එහෙත් මේ සංකීර්ණ කි‍්‍රයාවලිය වැළැක්වීමට එක බෙහෙත් පෙත්තකින් කළ නොහැකිය. ඒ සඳහා අනුගමනය කළ යුතු පුරුදු කිහිපයකි. ඔබ ගර්භණී මවක් නම් සිරුරට අවශ්‍ය ජල ප‍්‍රමාණය පානය කර තිබීම අත්‍යාවශ්‍යය. ඝර්ම කලාපීය රටවල ජීවත් වන අපේ ශරීරවලින් දහදිය මගින් ජලය හා ලවණ ඉවත් වේ. ඒ නිසා දිනකට ජල වීදුරු හයක් පමණවත් හෝ පානය කළ යුතුය. 
 
නින්දට පෙර පා වලට ව්‍යායාමයක් ලබා දීමත්, උණුසුම් ජලයෙන් ඇග සෝදා ගැනීමත්,  විජලන තත්ත්වයක් ඇති නොවන සේ ජලය පානය කර තිබීමත් වැදගත්ය. නිදා ගන්නා විට වම් ඇලයට හැරී නිදා ගැනීමත්,  පොටෑසියම් හා මැග්නීසියම්, කැල්සියම් ආදී ලවණ වර්ගවල ඌනතාවයක් ඇති නොවන ලෙස පලතුරු, පලා වර්ග, කුඩා මාළු‍ ආදියෙන් සමන්විත සමබල ආහාර වේලක් ගැනීමත් අත්‍යාවශ්‍ය වේ. ලවණ වර්ග සහිත විටමින් පෙති පාවිච්චිය වෛද්‍ය උපදෙස් අනුව කළ යුතු වේ. 
 
පාදවලට රුධිරය ගෙන යන වාහිනියක ලේ කැටියක් සිරවීම නිසාද මෙවන් හදිසි වේදනා ඇති වන වෙනත් අවස්ථාද ඇත. වේදනාව බොහෝ වේලා දිගටම පැවැතීම, කකුල රතු වී ඉදිමෙන තත්ත්වයක් ඇති වීම වැනි රෝග ලක්ෂණ ඇති වුවහොත් වහා වෛද්‍ය ප‍්‍රතිකාර ගත යුතු  වන්නේ වෙනත් රෝග තත්ත්වයක් විය හැකි බැවිනි.
 
 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.