Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

දේශීය වෙදකමෙන් කොඳු ඇට පෙළේ රෝග සුව කරන ජීවක වෙද මැදුර

අභිමානවත් වෙද පරපුරක් වූ මාවැල්ලේ වෙද පරපුරෙන් පැවැත එන මාවැල්ලේ කොරනේලිස් වෛද්‍යාචාර්යතුමන්ගේ මිණිපිරිය වන වෛද්‍යාචාරිනී විශාඛා D.S. සූරියබණ්ඩාර මෙම වෛද්‍ය අසපුවෙහි නිර්මාතෘ මෙන්ම ප‍්‍රධානත්වය උසුලන්නීය. රෝග සුව කිරීම අරමුණු කොටගෙන ජීවක වෛද්‍ය මධ්‍යස්ථානය වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම සැබෑ ජීවකයන්ගේ සේවය ලබා දෙන අග‍්‍රගණ්‍ය වෙද මැදුරකි.
පාරම්පරික වෙදකම් සහ ආයුර්වේද ශාස්ත‍්‍ර ඩිප්ලෝමාව ඉගෙනීමෙන් ඉහළ දැනුමක් ලබමින් හා සර්වාංග වෙදකමින් ලත් හසල දැනුමක් සමඟින් දේශීය වෛද්‍ය වෘත්තියට අවතීර්ණ වූ විශාඛා සූරියබණ්ඩාර වෛද්‍යචාරිනී වෛකල්පිත වෛද්‍ය ක‍්‍රම පිළිබඳ M.A.C.F, MD, PHD පශ්චාත් උපාධි ලබා ඇත. ඉන්දියාවේ කේරළ පංච ප‍්‍රතිකාර හදාරා ඇති ඇය එමඟින් ද මහඟු සේවයක් සලසන්නීය. 35 වසරක වෘත්තීය පළපුරුද්දක් ඇති මෙතුමිය ‘‘ජීවක වෛද්‍ය මධ්‍යස්ථානයේ’’ ආරම්භය සනිටුහන් කරන්නේ 1982 වසරේදී ය.

කැඩුම් බිඳුම් ප‍්‍රතිකර්ම සඳහා ප‍්‍රමුඛස්ථානයක් හිමි කරගෙන ඇති ජීවක වෛද්‍ය මධ්‍යස්ථානය විශේෂයෙන්ම කොඳු ඇට පෙළෙහි රෝග 5කට අති සාර්ථක වෛද්‍ය ප‍්‍රතිකාර සිදුකරනු ලබයි. ශ‍්‍රිවස්ථබදතාව (ගෙල හැරවීමේ අපහසුව) වරු 3කින් නිල ප‍්‍රතිකාර ක‍්‍රමය මඟින් සුව කිරීමේ විස්මිත ප‍්‍රතිකාර ඇය සහ ඇගේ කාර්ය මණ්ඩලය සතුව පවතී. කොඳුඇටපෙළෙහි විශේෂයෙන්ම කටී කශේරුකාවල මඩල පැනීම ශල්‍යකර්මවලින් තොරව මාස 1 1/2ක ප‍්‍රතිකාර තුළින් සිදු කිරීම මෙහිදී සිදු කෙරේ. එසේම අවසාන කශේරුක කෙළවර කුක්ශීය ගැලවී යාම නිසා හිඳ ගැනීමට පවා නොහැකිව බලවත් වේදනාවකට පත්ව සිටින අයට ද මෙහිදී ප‍්‍රතිකාර කර සුව කරනු ලැබේ.
තමන්ටම ආවේණික වූ වෛද්‍ය ප‍්‍රතිකාර ක‍්‍රම ඔස්සේ විස්කම් පාන මෙතුමියගේ කීර්ති නාමය තව තවත් බැබළීමට හේතුව වී ඇත්තේ ඉහළ ප‍්‍රමිතිය සනිටුහන් කරමින් වෛද්‍ය විශාඛා සූරියබණ්ඩාර මහත්මියගේම අධීක්‍ෂණය යටතේ වෛද්‍ය මධ්‍යස්ථානය තුළම ඖෂධ වර්ග නිෂ්පාදනය කිරීමයි. ඖෂධ සකස් කිරීම සඳහා දීර්ඝ කාලයක් ගත වන අතර, මෙම කර්තව්‍යය වෙහෙස මහන්සිය නොබලා ඒ අයුරින්ම සිදු කරන බව අපට ද දක්නට ලැබුණි.
ඉතාමත් දුෂ්කර කටුක ගමනක් පැමිණි විශාඛා සූරියබණ්ඩාර මහත්මියට යෝධ සෙවනැල්ලක්ව සිටි තම සැමියා පිළිබඳව ද මෙහිදී අප හා පැවැසීමට අමතක නොකළාය. ‘‘මේ වෛද්‍ය මධ්‍යස්ථානය මගේ සහ මාගේ ස්වාමිපුරුෂයාගේ උත්සාහයෙනුයි මේ අයුරින් දියුණු කර ගන්නට හැකි වුණේ. ඔහුගෙන් මා හට ලැබුණු නොමඳ සහයෝගය මා හට කිසිවිටෙකත් අමතක කළ නොහැකියි.’’
ජීවක වෛද්‍ය මධ්‍යස්ථානයට මේ අයුරින් යෝධ සෙවනැල්ලක් වූයේ ඞී.පී.ජී.ටී. සූරියබණ්ඩාර වෛද්‍යතුමන්ය. වෛද්‍යවරුන් කිහිප දෙනෙකුගෙන් හෙබි වෛද්‍ය මඩුල්ලේ කැඩුම් බිඳුම් අංශය භාරව කටයුතු කළ ඔහු කීර්තිමත් වෙද පරපුරකට හිමිකම් කියූ එක් පුරුකකි.
ජීවක වෛද්‍ය මධ්‍යස්ථානයෙන් සේවය ලබා ගැනීමට අපේක්‍ෂා කරන ඕනෑම අයෙකුට පහත සඳහන් ලිපිනය හා දුරකථන අංක සමඟ සම්බන්ධ වීමෙන් ඔබට අවශ්‍ය ප‍්‍රතිකාර ලබා ගත හැකිය.


 
ජීවක වෛද්‍ය මධ්‍යස්ථානය
නො. 508, ගාලූ පාර, වැල්ලවත්ත 
(දෙහිවල පාලම අසළ), කොළඹ 06.
දු.ක. 011 2 361 196, 077 622 61 48
E-mail : ask.jeewaka@gmail.com
IMAGE

බාර් තහනමට එරෙහිව උසාවි ගිය සමනලී කියන කතාව

IMAGE 2018 Jan 22 13:49
කාන්තාවන්ට මත්පැන් මිලට ගැනීම සහ අලෙවි කිරීම සඳහා වාරණයක් මෙරට නීතියේ පවතින බව බොහෝ අය...
Views - 1400

දෙහිඅත්තකණ්ඩියේ ජන්ද බලය මන්දො කරන හේනානිගල කැකුළි

IMAGE 2018 Jan 22 12:40
ලබන දහ වැනිදා පැවැත්වෙන පළාත් පාලන ඡන්දයේදී දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය සභාව මෙරට මැතිවරණ...
Views - 881

නෙවිල් ප්‍රනාන්දු රෝහලේ විස්මිත පොත් දොරට වැඩුමක්!

IMAGE 2018 Jan 22 10:33
පොත් දොරට වැඩීමේ උත්සව අප බොහෝ දෙනෙකුට හොඳින් ‍හුරුපුරුදුය. ප්‍රසිද්ධ දේශනාගාර සහ ශාලාවල,...
Views - 666

බස් එකේ ඉන්න කාගේ හරි චේන් එකක් කඩාගන්න මට හිතුණා

IMAGE 2018 Jan 21 12:54
ජීවිතේ අපි අත් විඳපු සමහර අත්දැකීම් අපේ හිත පතු‍ලේ හැංගිලා හිතටම කා වැදිලා හැමදාමත් තියෙනවා....
Views - 3145

මේක විහිළුවක් නෙමෙයි සමහර විට යාළුකම් නැතිවෙයි

IMAGE 2018 Jan 21 12:30
මඟුල් කපුකම් කරනවාට වඩා තමන්ට ලැබෙන්න තියෙන මුදල් ටික එකතු කර ගත්තොත් හොඳයි කියලා හිතපු...
Views - 2738

බ්‍රොයිලර් කාපුවාම හෘද රෝග-දියවැඩියාව හැදෙනවාමයි

IMAGE 2018 Jan 21 11:38
කුකුළු මස් සහ පීකුදු ආහාරයට ගැනීම පිළිබඳ මේ දිනවල සමාජයේ උණුසුම් කතිකාවක් ගොඩ නැගෙමින් පවතී....
Views - 3042

Please publish modules in offcanvas position.

X

Right Click

No right click