Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - lakbimaonline@gmail.com youtube
Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

සමේ රෝග

පැහැපත් වූ සුවපත් සමක් ඇත්නම් ඔබට කෙතරම් සතුටු විය හැකිද?සම යනු ශරීරයේ පිටතින්ම පවතින ඉතා වැදගත් කාර්යයන් ගණනාවක් ඉටු කරන ඉන්ද්‍රියකි. සමෙන් ඉටුවන කාර්යයන් වන්නේ,

*සිරුරේ ඇති අභ්‍යන්තර ඉන්ද්‍රියයන් ආරක්ෂා කිරීම.
*සිරුරේ ඇතැම් ස්ථාන වලට හැඩයක් ලබාදීම.
*සිරුරෙහි උණුසුම නියත මට්ටමක තබා ගැනීමට දායක වීම.
*ශරීරයේ එකතුවූ විෂ, අපද්‍රව්‍ය බහිශ්‍රාවී ක්‍රියා මගින් බැහැර කිරීම.

නමුත් විවිධ හේතුන් මත පැන නැගෙන ගැටලුකාරී තත්වයන් ගණනාවකින් සම රෝග වලට ගොදුරු වේ. එය ශරීරයට බාහිරින් පැමිණෙන ක්ෂද්‍ර ජීවී ආසාදනයක් විය හැකිය. එවැනි බෝවන රෝග තත්වයක් ස්පර්ශයෙන්, ලිංගික ක්‍රියා මගින් හෝ අපිරිසිදු කමෙන් සම්ප්රේකෂණය වේ. ක්ෂුද්‍ර ජීවීන්ට පහසුවෙන් වැඩීමට අවශ්‍ය පරිසර තත්වයන් එම පුද්ගලයන්ගේ කායික අභ්‍යන්තර හේතුන් මගින් ඇති වේ. එවැනි අවස්ථාවලදී පිටතින් පැමිණෙන විසබිජයන්ගේ ආසාදනයන් විකර්ෂණය කල හැකි ඒවාට ඔරොත්තු දෙන ඉහල ප්‍රතිශක්තින් ගොඩනගා ගැනීමට දියුණු ආයුර්වේද ක්‍රම ඇසුරු කිරීම යෝග්‍යයි.
ක්ෂුද්‍ර ජීවී ආසාධනයන්ගෙන් තොරව එනම් බෝ නොවන තත්වයන් යටතේ සමේ ස්වාභාවික තත්වයන්ට හානි පමුණවමින් හටගන්නා විවිධ සමේ රෝග නිට්ටාවටම සුව කර ගත හැකි ක්‍රමයන් අතර ආයුර්වේද වෛද්‍ය ක්‍රම පෙරමුණේ සිටි. ඉහත කී බෝ නොවන සමේ රෝග ඇති වීමට ප්‍රදානතම හේතුව වන්නේ විවිධ හේතුන් නිසා රක්තය දුෂණයට ලක්වීමයි.

රක්තය දූෂණය වන හේතු මොනවාදැයි සොයා බලමු

ශරීර ප්‍රෂකෘතිය-උපතේ සිටම පුද්ගලයෙකුට උරුම වෙන ‘වා’ ‘පිත්’ ‘සෙම්’ දෝෂයන් අතුරින් පිත් දෝෂය අධික වූ අයගේ සම පැසවීම බහුල වන අතර එයට ‘වා’ ‘සෙම්’ දෝෂවල දායකත්වයෙන් සම වියළීම,ඉරිතැලිම හෝ කැසීම ආදී ලක්ෂණ මතුවේ.

ආහාර විහරණයන්
පාරිබෝජනය කරන ආහාරවල ආම්ලික ප්‍රභවයන් (බිලිං ,ගොරකා,සියඹලා,තක්කාලි,අන්නාසි ආදී විටමින් සී පදාර්ථ බහුල ආහාර වල ඇති ඇස් කොබික් ඇසිඩ්,සිට්රික් ඇසිඩ් බහුලත්වය) හේතුවෙන් සහ උෂ්ණාධික ආහාර(දෙල්, කිරි අල, ඉස්සෝ, දැල්ලෝ, බලමාළු, කකුළුවෝ) කෙලින්ම රක්ත දෝෂ ඇති වේ.
ඊට අමතරව රාත්‍රී නිදි වැරීම, දහවල නිදීම, තද අව්වේ ගමන් බිමන් යෑම, විරුද්ධ අහාර භෝජනය, මත්පැන් භාවිතය ආදිය නිසා රක්ත දෝෂය හටගැනීම.

ආහාර ජීර්ණ පද්ධතියේ දුර්වලතාවයන්
ඇතැම් පුද්ගලයන්ගේ ආහාර ජිර්ණයේ පවතින දුර්වලතාවයන් නිසා ගන්නා ආහාර ශරීරයට ගත හැකි අවසාන පල දක්වා බේදනය නොවී අවශෝෂණය වී (මෙය ආයුර්වේද වෛද්‍ය විද්‍යාව තුල ආමරසය හෙවත් අමු අහාර රසය ලෙස දැක්වේ.) රක්තයට එකතු වීමෙන් නිරන්තරයෙන් රක්තය දුෂණය වේ.

මානසික හේතු මත
නිතර ඇතිකර ගන්නා වෛර ක්රෝකධ සිතුවිලි, කනස්සල්ල, නිතර කේන්ති ගැනීම, කාර්ය බහුලත්වය නිසා ඇති වන මානසික පීඩනය ආදී හේතුන් නිසා රක්ත දෝෂ හට ගනී.

දිගු කලක් දියවැඩියාව පැවතීම
දියවැඩියා රෝගයෙන් පෙලෙන්නන්ගේ රුධිරයට නිරතුරුවම විස කොටස් එකතු වන්නේ එයද ආහාර ජිර්ණයේ විකෘත්තියක් වන බැවිනි.දීර්ග කාලීනව දියවැඩියාවට ඉවක් බවක් නැතුව පෙති ගිලින්නන් එමගින් සමේ රෝග වැනි අතුරු අබාධ ඇති වන්නේ යයි නිතර මැසිවිලි නගති.
ඉහත හේතු නිසා හටගන්නා වර්තමානයේ බහුල බෝ නොවන සමේ රෝග.

සමේ පලු දැමීම
ඇතැම් අයට විවිධ දෑ ස්පර්ශ වීම(ශාක වල බූව දලබුවන් ආදී වූ…) නිසා විසම වූ ආහාර වර්ග හෝ ක්රීතම් දෂ්ටන (මදුරුවන්,මකුණන්…) නිසා සිරුර පුරා පලු දැමීම සහ ආසාත්මිකතා වලින් ආරම්භවී ඇතැම් විට දරුණු පීඩාවන් ඇති කරවන අවස්ථා තිබේ.
ඇතැම් අයට කැසීම් නිසා හෝ සවස් කාලයේ දිය නෑම,ඇගපත සේදීම වැනි අවස්ථාවල පලු දැමීම සිදුවේ. මදුරුවන් දෂ්ට කලවිට හෝ ඉබේටම තැන් තැන්වල ඇති වන කුඩා බිබිළි විශේෂයෙන්ම කැසීම නිසා ඇතැමුන්ගේ තුවාල හටගනී. ක්‍රමයෙන් වේගවත්ව මේවා පැතිරී යයි. ඇතැම් විට තෙත් වූ දියර වගුරයි. මෙවැනි පැතිරෙන සුළු තුවාල ශරීරයේ ඕනෑම තැනක හටගත හැකිය.
ඊටත් වඩා ප්‍රබලව රක්ත දෝෂ ඇති අයට දෙපාවල දණහිසින් පහල ප්‍රදේශවල සම පුපුරා තෙත දියර ගලන අධික කැසීම් සහිත වාතරක්ත අවස්ථාවන් මතුවේ. ඇතැම් විට මේවා පාද හෝ ඇගිලි කරු ආශ්‍රිත සන්ධිවල කැසීම් වලින් ආරම්භ වේ. සමේ රෝග වල දරුණුතම අවස්තාව වනුයේ විවිධාකාරයෙන් හට ගන්නා කුෂ්ට රෝගයන්ය.
සමේ රෝග ඇතිවන බොහෝ අවස්ථාවලදී එම රෝගවලට සමගාමිව ඇතිවන විවිධ වූ වෙනත් කායික රෝගද හටගනී. ඇදුම්, පීනස, අර්ශස්, බඩ පුරවා දැමීම, මලබද්ධය, බඩගින්න අඩුවීම හෝ අධික බඩගින්න ආශ්‍රිත ජීර්ණ පද්ධතියේ දෝෂ, ගැස්ට්රවයිටිස්, හිසේ කැක්කුම, නින්ද නොයෑම, අධික නිදිමත, අධික ලෙස කේන්තියාම, ඇස් කන් කැසීම, උගුරේ සෙම පැටලීම, සෙම්ගෙඩි, නිතර සෙම ඇවිස්සීම ආදී බොහෝ රෝග හා රෝග ලක්ෂණ අවස්තනුකුලව ඒ ඒ පුද්ගලයන්ට අවේණික ලෙස ප්‍රමුඛ වේ. විමර්ශනශිලිව ආයුර්වේද වෛද්‍ය විද්‍යාත්මක රීතීන්ට අනුව රෝග සුවපත් කිරීමේ නියැලෙන්නන්ට එකවිට රෝග තත්වයක් හෝ ලක්ෂණයක් පිළිබද පමණක් සලකා බැලීමකින් තොරව ඉහත සියළු ලක්ෂණයන් හෝ රෝග තත්වයන් පිලිබදව පුළුල්ව සොයා බලා සැලසුම් සහගතව ප්‍රතිකාර කිරීමෙන් එවන් වූ සියළු රෝග නිට්ටාවටම සුව කර ගත හැකිය. වත්මන් සමාජයේ බුද්ධිමත් විමර්ශනශීලි
ආයුර්වේද වෛද්‍ය ක්‍රිමය ගැන කියුවිට ඊට යොමුවීමට බොහෝ අය මැලි වන්නේ බෙහෙත් සෙවීම තැම්බීමට ඇති අපහසුතාවය නිසාය.
“බෙහෙත් වට්ටෝරු ලියාදීමෙන් බැහැරව තම්බා පිලියෙලකළ කෂාය වර්ග බෝතල් ලෙසම අප ලබා දෙනවා. ඇතැම් කසාය වර්ග පෙති ලෙස සකස් කරලා තියනවා. මිට අමතරව ගුලි වර්ග, චුර්ණ වර්ග, කලක වර්ග, ක්වාථ වර්ග අප නිපදවලා තියෙන්නෙත් ඉතා පහසුවෙන් භාවිතා කල හැකි ලෙසයි. විවිද රැකියාවල් සහ සේවා මුරයන්ට අනුව බෙහෙත් වර්ග භාවිතා කිරීම තවත් පහසුවක් වනු ඇත. ඒ නිසා බොහොමයක් කාර්ය බහුල අය අතරේ අපගේ ඹෞෂධ ක්‍රිමය ඉක්මනින් ජනප්‍රිය වුනා.”

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

තනුජා සිරස හැර යයි

IMAGE 2017 Dec 17 12:25
පෞද්ගලික රූපවාහිනී නාලිකා මේ රටේ ඇති කළ වෙනස තුළ බිහි වූ ප්‍රබල චරිතයක් තමයි තනුජා ජයවර්ධන...
Views - 187

මගේ ගීත ගායනා කරන්න එපා වික්ටර්ගෙන් පුතුන්ට නියෝගයක්

IMAGE 2017 Dec 17 11:32
නව පරපුරේ සංගීතවේදියකු වන ඉරාජ් වීරරත්න මීට මාස කිහිපයකට පෙර නිර්මාණය කළ දැණුනා නම්වූ...
Views - 256

රුපියල් දහසේ නෝට්ටු මවන භූතයෙක්

IMAGE 2017 Dec 17 10:13
නිවෙස්වලට කඩාවැදී ගෙහිමියන්ට වින පමුණුවන භූතයන් ගැන අපි කොතෙකුත් අසා ඇත්තෙමු. එහෙත්,...
Views - 264

ෆේස්බුක් එකෙන් ඔබේ හිතේ ලෙඩ ගැනත් කියන්න පුළුවන්

IMAGE 2017 Dec 15 10:42
ඔබටත් ෆේස්බුක් ගිණුමක් තිබෙනවාද? එසේ ගිණුමක් තිබෙනවා නම් ඔබ ඒ සඳහා දවසකට; සතියකට හෝ මාසයකට පැය...
Views - 2089

සුද්දන්ට උණවටුන එපා කරවන ඩිස්කෝ ඩාන්ස්

IMAGE 2017 Dec 14 07:56
ආචාර්ය ආතර් සී. ක්ලාක් විද්වතා පවසන ආකාරයට උණවටුන වෙරළ තීරය ලෝකයේ ඇති දර්ශනීය වෙරළ දොළහෙන්...
Views - 3498

ගැබිණි නිලධාරිනිය අධ්‍යක්ෂක හා 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Dec 13 10:33
ඔහු මෙරට ප්‍රමුඛතම සමාගමක අධ්‍යක්ෂ වරයෙකි. වයස අවුරුදු 40 ක් පමණ වන ඔහු දරු දෙදෙනෙකුගේ පියෙක්...
Views - 9389

Please publish modules in offcanvas position.