Coss Ear2
lakbima.lk
COSS Ear 1

සියදිවි හානිකර ගැනීමට පෙර

ඔබටත් මෙසේ ද? රාත‍්‍රිය භියකරු ද? දහවල වෙහෙසකර ද? සිනහව අමතක ද? අහේතුක ව හැෙඞ් ද? ප‍්‍රියයන් අප‍්‍රිය ව සියල්ල අවසන් කිරීමට අවශ්‍ය බව දැනේ ද ? සියල්ලෙන් ගැලවී සැනසුම් සුසුමක් හෙලීමට සිතේ ද?  එසේනම් කල්පනාවෙන්....
මේ මිනිසා පිළිබඳ දෙවියන්ගේ බලයට අභියෝග කළ මිනිසුන් ගේ වීර ක‍්‍රියාවවන දිවි නසා ගැනීම ගැනයි. යම් කාලසීමාවකට පසු අප ජීවිතයේ  තීරකයා ද පාලකයා ද රසවිඳින්නා ද අප ම වන කාලසීමාවක් උදාවන අතර එහි යම් වැරද්දක් වේ නම් එහි වගකිවයුත්තා ද අප ම වේ. නමුත් එහි කුමන වරද සිදුවුව විදීම හා නඩත්තුව හැර ජීවිතය නැවැත්වීමට අපට අයිතියක් නැත. 
ලෝකයේ වසරකට මිලියන 10 පමණ දිවිනසා ගැනීමට උත්සාහ දරන අතර ඉන් මිලියනයක් පමණ මියයයි. මෙම මිලයනයෙන් 60% තරුණ ප‍්‍රජාව වන අතර එහිදී ද ලංකාව අංක එකට සිටීම ඉතා සතුටුදායකය. (1990 හා 2015 ජනගහණ අනුපාතය අනුව ලොව වැඩි ම දිවිනසා ගැනිම් ලංකාවේ සිදු වී ඇත) මෙයින් ද 50% තදබල මානසික ගටලූ හා රෝගයන්ගෙන් පෙලී ඇති අතර මෙය තවමත් දෛනිකව වසංගතයක් මෙන් සමාජය ආක‍්‍රමණය කරමින් තිබේ. 
මෙය කලාවක්වූ වර්තමාන ආධ්‍යාත්මික පරිහානියෙන් යුත් සිත් තුළට දුර්ලභ මිනස් ජීවිතයක වටිනාකම, ගෞරවය, යුතුකම් , වගකීම් හා බලාපොරොත්තු යන දේවල් එතරම් ජීරනය නොවේ. අතීතයේ දිවිනසා ගැනීම් පුද්ගල මනෝ ව්‍යාධියක ප‍්‍රතිඵලයක් පමණක් නොවූ අතර පුද්ගලයාට ඇති භාහිර සමාජ ආර්ථික බාධකයන් ගැන ප‍්‍රකාශයක් ද විය. එහිදී ග‍්‍රාමීය ප‍්‍රදේශ වල ගොවීන් අතර වැඩි ම දිවිනසා ගැනීම් සිදුවූයේ ආර්ථිකය බින්දුවට වැටී කුසගින්ණෙන් හෙම්බත්වූ පසු ය. නමුත් කාලය වෙනස් වී ඇත. සිතීමෙහි ඌණ සිතිවිළි බීජ තැන්පත්කරන ලද පහසුවෙන් ජීවත්වීමට උත්සාහ දරන විඳදරා  ගැනීමෙන් හීන බාදක දිවීමෙහි අපොහොසත් ප‍්‍රජාවක් විසින් ජීවිත වටිනාකම හෑල්ලූවට ලක්  කරයි.
සැමදා වසන්තය නොමැති ජීවිතයේ ඉඩෝරයට පෙම්බදින්නට නොදත් මිනිසුන් සීත වැහි නොලබාම දිවියෙන් පලායයි. ඊට නොයෙක් හේතූන් ඉදිරිපත් කරන ඔවුන් පේ‍්‍රමය, පලිගැනීම, වෛරය, ලැජ්ජාව, අත්මිදීම, වේදනාව හා කලාතුරකින් පරාර්ථය වැනි නම් යෙදු ආකර්ෂණීය කතාවක් ඉතිරි කරමින් තාරුණ්‍යයේ රත්වූ නහර තුළට මරණීය ආදර්ශයන් එන්නත් කරයි. එමඟින් ජීවත්වීමේ කලාව විකෘති කරගත් ශීග‍්‍ර පරිවර්තණීය සමාජයේ පටු අරමුණු වලට මෙසේ ජීවිත ලඝු වන්නේ දහස්දෙන අතර තනිවන මිනිස් හිත් යථාර්තයෙන් ඈත් ව ගොඩනගන ලෝක ශක්තිමත් නොවන බැවිණි. සියල්ලෝ මීට එකඟ නොවූවද සත්‍ය එයයි.
නමුත් වැදගත්ම වන්නේ ජීවිතයේ දාහකුත් ප‍්‍රශ්න අතර නොසැලී සිටීමේ ශක්තියයි. එනම් නොහඬන නොසැලෙන සිතක් නොව ඔනෑම අවස්ථාවක ජීවිතයේ ඉදිරිය දැකිය හැකි සිතක්, හැඟීම් සමග  බුද්ධියද චින්තනයද මෙහෙයවන සිතක්, ආශාව ආත්මාර්ථය ඉක්මවූ පරාර්ථකාමී සිතක්. එවන් සිතකට කිසිවිටෙක විරහව, මධුලෝලීතාවය, කළකිරීම, විශාදය, විරැකියාව, හුදෙකලාව, විභාග ආතතිය, පෞරුෂ ගැටලූ හෝ හදිසි ආවේග යන මේ කිසිවක් දිවිතොර කර ගැනීමට හේතු නොවෙයි. එහෙත් එවන් සිත් දුලභ වීම මෙවන් පුවත් සුලභ වීමට හේතු වේ. මෙම පේ‍්‍රමය විරහව මරණය මවන සුන්දර නිස්සාර ෆැන්ටසිය තුළ මරණය මිස මරණයේ ජීවිත පාඩම නො කියවේ.
මෝඩයින් දිවිනසා නොගනී. මෙය ජීවිත රංගනයේ ම කොටසකි. ඔවුන් සටහනක් තබයි, පටිගත කොට තබයි එහිදී ආත්මීය නිදහසකට එහා ගිය සමාජ ප‍්‍රචාරණයක් මෙන් ම සාධාරණීකරණයක් ද ඉල්ලයි.  කිසිවෙකුට සොයා ගත නොහැකි ලෙස මියයාමට කිසිවෙකුට අවශ්‍ය නැත. දිවිනසා ගැනීම ගැන විද්‍යාවේ පියා එඞ්වන්ෂ් නිංමෑන් ට අනුව මෙය තමන් විසින් තමන් විනාශකර ගන්නා සවිඥානක ක‍්‍රියාවකි. කිසිවෙකුත් අවසිහියෙන් එය නොකරන අතර වර්තමානයේ මෙය තවදුරටත් විකෘති වන්නේ බාල වයස්කරුවන් පවා මෙය අනුකරණය කිරීමෙනි.
විශාදය වැලඳියේ නම් මොළයේ ස්නායු සම්පේ‍්‍රෂක වෙනස් වී පුද්ගලයාට මරණ චේතනා ඇතිවිය හැකි නමුත් දිවිනසා ගැනීමට පෙර අවම 3 දෙනෙකුට හෝ ඒ බවට ඉඟිකරන අතර එහිදී සමාජයේ  දුර්වලතාවය නම් කිසිවෙකු ඊට සංවේදී නොවීමයි. නවීන  තාක්ෂණ හා අධිවේගී සමාජයේ හැකිලෙන මිනිස්කම්, දුර්වල සබඳතා හා පටු ආකල්ප ඊට හේතු වන අතර මෙම අනුකරණවාදී  හුදෙකලා මිනිසුන්ගේ ගැහෙන හිත් වල පණ අදින පේ‍්‍රමය වෙනුවට පේ‍්‍රමය වෙනුවෙන්  ගැහෙන හිත් සුවකිරීමට කාලය එළඹ ඇත. ඒ සඳහා තවමත් යථාර්තයත්, බුද්ධියත්, චින්තනයත් කලවම් පේ‍්‍රමණීය එන්නතක් සොයමින් පවතී.
 
ජේ.ඒ. නුවන්ති දිල්හානි

 

IMAGE

බසයේදී දුන් බොරු විවාහ පොරොන්දුවෙන් පවුල්ජීවිතේ 'හබක්'

IMAGE 2018 Feb 23 12:25
ඔහු අගනුවර ප්‍රසිද්ධ සමාගමක විධායක නිලධාරියෙකි. වයස අවුරුදු 40 ඉක්මවූ ඔහුට රූමත් බිරිඳක් සහ...
Views - 4004

අහිමි පෙම ඉල්ලා පෙම්වතියට ප්‍රසිද්ධියේ ගුටි ඇනලා

IMAGE 2018 Feb 23 10:42
පැරණි පෙම්වතියගෙන් අහිමි වූ ආදරය නැවත ඉල්ලා එය නොලැබුණු විට නාරාහේන්පිට ප්‍රදේශයේදී ඇයට...
Views - 2651

සංසාර සිහිනයේ ගී සංකල්පනය මම 'ටැබ් එකේ ටයිප් කරපු' එකක්

IMAGE 2018 Feb 21 12:00
සනුක වික්‍රමසිංහ ගායනා කරන “සංසාර සිහිනේ” කලක පටන් බොහෝ ගීත දර්ශකවල පෙරමුණ ගෙන තිබෙන...
Views - 3728

මම නාට්‍ය කලාවෙ ඉන්නේ ඒ ගැන තියන 'උණ' නිසයි

IMAGE 2018 Feb 21 11:53
වේදිකාව, පුංචිතිරය සහ සිනමාව යන මාධ්‍ය ත්‍රිත්වයෙහිම සිය ප්‍රතිභාව ප්‍රකට කළ කලාකරුවකුවන...
Views - 2242

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 7445

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 4596

Please publish modules in offcanvas position.