Coss Ear2
lakbima.lk
COSS Ear 1

ඇත්තට ම එ් ශිෂ්‍යයෙක් ද?

කුඩයට දැරිය නොහැකි වැසි බිදු හමුවේ , කුඩය යටින් යන ඇය වැසි දෙකකට හසුවූවාක් මෙන් තෙමී ගියා ය. සාරිය ඇඟට ඇලී පය පැටලී වැටෙන්නට ද ගියා ය. නමුත් වැස්ස කිසිදු අනුකම්පාවක් නොමැතිව වසිමින් තිබූ අතර , ඇය හා වරුසාව අතරින් වාහන  එහා මෙහා ගියේ මහා ඝෝසාවෙන් නලා හඬවමිනි.  වේගයෙන් කටු කැරකැවෙමින් ඇති නගරයේ ඔරලෝසුවට වැස්ස නිසා හිමින් කැරකවීමට බැරිවාක් මෙන් ම සඳුදා දිනයේ එහා මෙහා දුවනා මිනිසුන්ට ද වරුෂාවකට මොහොතක් නැවතීමට ඉඩක් නම් කොහෙත් ම නැතිවාක් මෙනි.
ඇය සිටියේ මහ නගරයක තදාසන්න උප නගරයක තුන්මන්හංදියක් අසල වූ කුඩා බස් නැවතුමක කුඩයක් ඉහලා ගෙනය. අද ඇයට පාසල් යා යුතු දිනයක් නොවූ අතර රාජකාරිමය කටයුත්තක් සඳහා කලාප කාර්යාලයට යා යුතුම වී තිබුණි.
ඇය යා යුතු වූයේ ඇගේ වම් පසට  දිවෙනා බසයක වූ අතර ඇය වෙනදාට යන්නේ ඇගේ දැන් දකුණු පසට දිවෙනවා බසයකට ගොඩ වී ය. ඇය යනෙන මේ ගමන අතරතුර දී නිතර ඇයට මුණ ගැසෙන අය  අතර ඇගේ ගෝලයන් ද වූ අතර එය ඉතා සාමාන්‍ය වී, ඇය ගුරුවරියක වීම කිසිදු විටක කිසිවෙකුට වැදගත් නොවී ය.
මඟට බට වහා අපි කවුරුන් ද යන්න කිසිදු විටක කිසිවෙකුට වැදගත් නොවන අතර වැදගත් එකම දේ කෙසේ හෝ තමන්ගේ ගමනාන්තයට ළඟා විමයි.
ඇය සිටිනා ස්ථානයට ලම්භකව දිවෙන්නෙ නගරයට යා යුතු ප‍්‍රධාන මාර්ගයයි. තුන්මන්සල වෙන් කිරීමට යොදා ඇති රවුමේ විවිධ වර්ගයේ මල් පිපී වැස්සට තෙමී පොළව බදාගෙන මියැදෙන්නට ආසන්නව ඇත. නමුත් වැස්ස පායන පාටක් නම් ඇත්තේම නැත. ඒ ප‍්‍රධාන මාර්ගයේ වැස්සට තෙමෙමින් තම රාජකාරි කරමින් සිටි පොලිස් නිළධාරියකුගේ ඇස් වසා හදිසියේම ඇය සිටි පැත්තට කැපූ ත‍්‍රීවිලයක වැසි ආවරණය ක්ෂණිකව එක් අතකින් නිරාවරණය වනවාත් , ත‍්‍රී විලය ඇය ළඟින් නතර කරනවාත් සමඟින්ම ඇය ත‍්‍රීවිලය තුළට විසිවූයේ ත‍්‍රීවිල් රියදුරාගේ කෑගැසීමේ තමටමට ය.
 ” නගින්න මිස් නගින්නනනනන...නගින්න නගින්න..... ඉක්මන් කරල නැත්තම් අරූ ලියනවා ”
චාරයක් නැති ත‍්‍රීවිලය වහාම වාහන අතරින් කපා ඇය පාසල් යන දෙසට හෙවත් ඇගේ දකුණු පසට පදවන්නට ගත් වහාම ඇය පියවි සිහියට විත් ” අනේ ළමයෝ මම අද ඉස්කෝලෙට නෙමේ යන්නේ ” යැයි යන්තමින් කියා ගත්තාය.
”අයියෝ ............ටීචර් .........හරි කමක් නෑ ..........දැන් ටීචර්ට යන්න  ඕනි  කොහාට ද ” 
”මට යන්නෝනි කොළඹ පැත්තට. මට 234ක් ගන්න පුලූවන් තැනකින් බස්සන්න ළමයෝ ”
” හරි හරි  .......ඔහොම ඉන්න ” නැවතත් පොලිස් නිලධාරියාගේ දෑසට වැලි ගසමින් ගිනිමහ වැස්සේ ප‍්‍රධාන පාරෙන් කොළඹ දෙසට කැපූ ත‍්‍රීවිලය එක හුස්මට කොළඹ දෙසට පිඹින්නට විය.
” ඔය  ළමයායායා...................”
” අයියෝ ..........මාව ටීචර්ට මතක නැතිව ඇති. ඒ උනාට මම ටීචර්ගෙ ඉස්කෝලෙට තමා ගියේ. මම හැමදාම දකිනවා ටීචර් ඉස්කෝලෙට යන්න ඉන්නවා. මම හිතුවෙ අදත් ඉස්කෝල යන්න කියලා. වැස්ස නිසා තමයි ආටා එක ඇල්ලූවේ ”
” පුතා කොයි පැත්තට යන ගමන් ද ”
” මම කිරිබත්ගොඩට යන ගමන් ”
” එහෙම ද, අනේ පුතේ මාව 234ක ට දාන්න”
” හරි හරි ටීචර් බය නැතිව ඉන්න කෝ. යන්න  ඕනි කලාපෙට නෙ .මම බස් එකක් අල්ලල නතර කරන්නම් ”
වාහන අස්සෙන් රිංගමින් , ඇතැමුන්ට මහ හඩින් බනිමින් ඉතා අවිචාරවත් ලෙස එලවු ත‍්‍රීවිලය අවසානයේ දී තමාට ඉදිරියෙන් ගමන් කරමින් තිබූ 234 බසයක් පසු පස ලූහුබදින්නට විය. අවසානයේ දි එක් නැවතුමක බසය නතර වූ වහා ම නැවතූ බසය පසු කරමින් ගොස් බසයට ඉදිරියෙන් ත‍්‍රීවිලය නැවතූ හෙතෙම ත‍්‍රීවිලයෙන් බැස ගියේ ෂර්ට් කොලරය බෙල්ල පසුපසට කරමින් දෑත් දෙපසට දිගු කරමිනි.
” එන්න ටීචර් ........... ”
” නගින්න ටීචර් ............”
ඇය බසයට ගොඩවන විට ඇය පසු පසින්ම බසයේ පාපවුරුවේ පඩි දෙකක් නැගගත් කොල්ලා ” මේ අපේ ටීචර් .........කවුරු හරි සීට් එකක් දෙන්න වාඩි වෙන්න ” යැයි හඩ නැගුවේ මුළු බසයටම ඇසෙනා ලෙසටය.
ඒ හඬින් මදක් පසුබා ගිය ගුරතුමිය ලත් තැනම වූ ආසනය ට ඉක්මනින් සිය සිරුර බර කර ආසනය තුලට ගිලී ගියා ය.
” එහෙනම් ටීචර් මම යනවා” ඉතා යටහත් ලෙස පැවසූ ඔහු පාපුවරුවෙන් බිමට බැස , පාපුවරුවට නැග ගත් කොන්දොස්තරට ” මේ අර අපේ ටීචර් කෙනෙක් හරිය. කලාපෙ ළ`ගින් බස්සනවා තේරුනා ද. නැත්තම් මම බලා ගන්නම් . මතකනේ කලාපෙ ළ`ග ” යැයි පවසමින් කොන්දොස්තර කොලූවාගේ පිට හරහා තම අත්ලේ පහස මුදා හැරියේය.
මේ සියල්ල නිසා තක්බීර් වී සිටි ගුරුතුමිය , තම ගමන මුලූල්ලේමද , නිවසට පැමිණි තැන සිට නින්දට යනතුරු ද ඒ ළමයා කවුදැයි මතක් කල ද අද වනතුරුත් ඔහු කවුරුදැයි හඳුනා ගැනීමට ඇගේ ගුරු සිත අපොහොසත් වී ඇත.
(සත්‍ය කතාවක් ඇසුරිනි) 
 
සොඳුරු සිත

 

IMAGE

බසයේදී දුන් බොරු විවාහ පොරොන්දුවෙන් පවුල්ජීවිතේ 'හබක්'

IMAGE 2018 Feb 23 12:25
ඔහු අගනුවර ප්‍රසිද්ධ සමාගමක විධායක නිලධාරියෙකි. වයස අවුරුදු 40 ඉක්මවූ ඔහුට රූමත් බිරිඳක් සහ...
Views - 4002

අහිමි පෙම ඉල්ලා පෙම්වතියට ප්‍රසිද්ධියේ ගුටි ඇනලා

IMAGE 2018 Feb 23 10:42
පැරණි පෙම්වතියගෙන් අහිමි වූ ආදරය නැවත ඉල්ලා එය නොලැබුණු විට නාරාහේන්පිට ප්‍රදේශයේදී ඇයට...
Views - 2650

සංසාර සිහිනයේ ගී සංකල්පනය මම 'ටැබ් එකේ ටයිප් කරපු' එකක්

IMAGE 2018 Feb 21 12:00
සනුක වික්‍රමසිංහ ගායනා කරන “සංසාර සිහිනේ” කලක පටන් බොහෝ ගීත දර්ශකවල පෙරමුණ ගෙන තිබෙන...
Views - 3727

මම නාට්‍ය කලාවෙ ඉන්නේ ඒ ගැන තියන 'උණ' නිසයි

IMAGE 2018 Feb 21 11:53
වේදිකාව, පුංචිතිරය සහ සිනමාව යන මාධ්‍ය ත්‍රිත්වයෙහිම සිය ප්‍රතිභාව ප්‍රකට කළ කලාකරුවකුවන...
Views - 2241

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 7444

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 4595

Please publish modules in offcanvas position.