Coss Ear2
lakbima.lk
COSS Ear 1

මේවා අරුම පුදුම wedding

වෙඩිං කියන්නෙ මහ පුදුම කාරණාවක් ය. රෝමේ ගිනි ගනිද්දි වීණා වයපු නීරො වගේ, මේ වගේ වැහිබර දවසක තියෙන තරමක් වැඩ අමතක කර දාලා කල්පනා කරන්න තරම් පුදුම, සහ වටින කාරණාවක්ය. මේ කොහේවත් දෙතැනක ඉපදුණු දෙන්නෙක් ජීවිත කාලයක් එකට ජීවත් වෙන්න කුටුම්භගත වෙන්න යනව කියන්නෙ ලේසි පහසු දෙයක්ද..? කසාදෙට වඩා අරුම පුදුම දේ තමයි දික්කසාදෙ. ඒක හරියට අපිට අම්මයි තාත්තයි එපා වෙලා උසාවියෙ නඩුවක් දමලා අලූත් අම්මෙකුයි තාත්තෙකුයි ගන්නව වගේ දෙයක් කියලා මට වෙලාවකට හිතෙනවා. ඒක ගැන වෙනම කතාකරන්න  ඕන මොකෝ මේකෙ කතා කරන්න යන්නෙ කසාදෙ ගැන මිසක් දික්කසාදෙ ගැන නෙමේ නිසා. ඉතිං හිටි හැටියේ මේ වෙඩිං ගැන කතාකරන්න හිතුනේ මේ ඊයේ පෙරේදා දැක්ක වෙඩිං එකක් නිසා ය.
මහත, හුරුබුහුටි නමුත් සුන්දර මනාලියක් සහ කඩවසම් මනාලයෙක්. පළමුවෙන්ම උඩරට විදියට මාල හත පදක්කම්, තැලි තෝඩු සමඟ බරසාර වැඩ දමාපු ඔසරිය සහ ඉතාම උස අඩි සපත්තු සමඟ නළල් පටිය ඉර හඳ මේ ආදි සියලූම ආභරණ පැළඳපු මනාලිත්, උඩරට නිලමේ කෙනෙක් බවට පත් උන මනාලයත්, ඉතාම සුඛෝපභෝගී, උස බිත්ති සහ මිල අධික සුවිශාල විදුලි පහනක් එල්ලපු බටහිර පන්නයේ ශාලාවක් ඇතුලේ, නත්තල් ගහක් හැඩයට සකසපු වීදුරු ගොඩකට ෂැම්පේන් වත්කල හතර වටින් කෘතීම දුමක් පැන නගිද්දී. උඩරට ජෝඩුව, නත්තල් ගහ, බටහිර පන්නයේ ශාලාවේ සැරසිලි, සහ ෂැම්පේන් අතර සම්බන්දයක් ගොඩනගාගන්න මං උත්සහ කරන අතරේ, මේ දෙන්නා going away වටයට සැරසිලා ආවා.
රතු සහ රත‍්‍රං පාට කියන්නෙ කොයි තරම් ලස්සනට එකිනෙක සංකලනය කල හැකි පාට දෙකක් උනත් ඉතාම විනාසකාරී ලෙස සහ නොගැලපෙන ලෙස වැඩ දාපු බටහිර පන්නයේ ගවුමත් මනාලයාගෙ බටහිර පන්නයේ ඇඳුමත් සමඟ ජෝඩුව 
මධුසමය සඳහා පිටත් උනේ ලිමොසින් එකක. ඒ දක්වා වුනු සියලූ නොගැලපීම් ගැන හිතනන්වත් වෙලාවක් නොතබමින් මේ මංගල්ලයේ දෙවනි දවස අපිට පෙන්වනවා. දෙවනි දවස සඳහා මනාලියට ඉන්දියානු ක‍්‍රමයට සැරසෙන්න  ඕන උන බවයි වැඩසටහන් නිවේදිකාව අපිට පවසන්නෙ. ඉතාම අලංකාර සහ විචිත‍්‍ර ඉන්දියානු මනාලියන් කිහිප දෙනෙක් මගේ සිත හරහා ඇදී යන අතරෙ, මගෙ බලාපොරොත්තු නැවතත් සුනු විසුනු කරමින් මේ මනාලිය ඇයට කොහෙත්ම නොගැලපෙන ලෙස විශාල වැඩ දැමූ ලෙහෙන්ගා ඇඳුමකින් සැරසිලා මනාලයත් එක්ක පෙනී හිටින්නෙ, පසුබිමේ බර ගානක් වියදම් කරලා ගෙන්නපු බවක් පෙන්නන නැටුම් කණ්ඩායම ලතින් ඇමරිකානු සල්සා සහ චාචා නැටුම් ඉදිරිපත් කරන අතරෙ, සංගීත කණ්ඩායම මෑතකාලීන වේග රිදම ඉන්දියානු ගීතයක් වාදනය කරන අතරෙ, මනාල ජෝඩුව සහ පිරිස ඉන්දියානු ලාංකික සහ අරාබි බෙලි ඩාන්ස් මිශ‍්‍රිත නැටුම් සහ තවදුරටත් ඉන්දියානු නාගිනා නැටුම් ඉදිරිපත් කරනාතරෙ, අර නැටුම් කණ්ඩායම තනිවම තමන්ගෙ ලතින් ඇමරිකානු නර්තනයන් කරගෙන යනව අතරින් පතර අපිට පෙන්නුව. ඒ ”මැල්ලූං මංගල්ලයෙන්” භීතියට පත් වෙච්ච පාර මට හිතුනෙ මේ අරුම පුදුම වෙඩිං ගැන පොඞ්ඩක් හොයා බලන්න..
ලංකාවේ විවාහ මංගල්ලයක් ගැන පළවෙනියටම සඳහන් වෙලා තියන්නෙ මහාවංශෙලූ. ඒ විජය කුමාරයා ලංකාවට ගොඩ බැහැලා කුවේණි රවට්ටන්නත් කලින් කාලෙක මහාකාලසේන කියන යක්ෂ ගෝත‍්‍රිකයත් ඔහුගෙ මනාලි උන පෝලමිත්තා කියන තරුණියත් අතරෙ විවාහ මංගල්‍ය. උඩරට පහතරට කොයි කවුරුත් දැන් එක ලෙස අඳින පලදින උඩරට මංගල ඇඳුම 
පිටිපස්සෙ තියන්නෙත් එසේ මෙසේ කතාවක් නෙමේ.
ලාංකිකයන්ට සාම්ප‍්‍රදායික සහ සුද්දන්ට සෙක්සි ඔසරිය සහ මාල හත තමා ප‍්‍රධානම අංගයන් වෙන්නෙ සිංහල උඩරට මංගල ඇඳුමෙ. සුදු ඔසරිය සංකේතවත් කරන්නෙ මනාලියගෙ පවිත‍්‍ර බව වෙන අතරෙ, ඒ මත රත‍්‍රන් පාටින් කරන සැරසිලි, ආදි කාලයේ රාජකීය බව සහ කුලවත් බව සංකේතවත් කිරීමට පාවිච්චි කරල තියනවා. 
මාල හත කියන්නෙ මංගල ඇඳුම කිව්වම ඒකත් එක්කම පතාගෙන ඇවිත් ඔතාගෙන ඉන්න වචන දෙකක්. ජනවහරෙ කියවෙන්නෙ ඔය මාල හතෙන් එකක් බිම ගෑවෙන්න දික් වෙන්න  ඕන කියලලූ. ඒ මාලෙන් ශරීරෙ තියෙන ලෙඩරෝගාබාධ පොළවට මුහු වෙලා නැති වෙලා ගිහින් මනාලියට හොඳ සෞඛ්‍ය සම්පන්න බවක් ඇතිකරනවා කියලා තමයි කියවෙන්නෙ. ඊට අමතරව මාල හත සම්බන්ධ තවත් සංකල්පයක් වෙන්නෙ හත්මුතු පරම්පරාව නියෝජනය කිරිම ලෙසත් ජනවහරෙ කියවෙනවා. ඒකත් පුදුම වැඬේ. මනාලියක් කියන්නෙ මේ බොරු ආටෝප සාටෝපයක් විතරක් නෙමේ, එයාගෙන්ම පටන් ගන්න අළුත්ම හත්මුතු පරම්පරාවක නිර්මාතෘවරියක්. ඒක ගැන හිතේ හාංකවිසියක්වත් නැතුව ලාංකික ඉන්දියානු බටහිර ලතින් ඇමරිකානු සහ අරාබි සම්භවයන් අතර මැද්දෙ එහාටයි මෙහාටයි පැද්දුන අර මනාලි ගැන මට මොහොතකට දුකක් දැනෙනව.
මේ මාල හතෙන් බලවත්ම මාලෙ විදියට හැඳින්වෙන්නෙ හංසපූට්ටු මාලෙ. මේ හංසයො දෙන්න පූට්ටු වෙලා ඉන්න නිසා තමයි ඒකට එහෙම කියන්නෙ. ඒකෙන් සංකේතවත් වෙන්නෙ බඳින ජෝඩුව සදාකාලෙටම සාමෙන් සතුටින් වෙන් නොවී ඉඳීම. ඊට අමතරව හංසපූට්ටු තැල්ල මනාලිගෙ පපුව මත රැුඳිය යුතු බවයි කියවෙන්නෙ. මෙයින් මනාලිය දවසක මවක් බවට පත්වීම සහ තමන්ගෙ දරුවන් මව්කිරෙන් පෝෂණය කිරිම සංකේතවත් වෙනව. කිරි මාලය ලෙස හැඳින්වෙන මීලඟ මාලය මනාලිගෙ පපුවට පහලින් ස්ථානගත වෙන්නෙ අනාගතේ ඇයව වැලඳගන්න ඇගේ දරුවන් සංකේතවත් කරමින්. බේරුණ්ඩ පක්ශියා සහිත පදක්කම සංකේතවත් කරන්නෙ මනාලියගේ ගෞරවය සහ අභිමානය වෙන අතරෙ, ඇගේ පපුවත් කුසත් අතර සථානගත වන මීලග මාලය ඇගේ දරුවන් කෙරෙහි දක්වන ආරක්ශාව සංකේතවත් කරනවා. අගස්ති මාලය පලදින්නේ අවාසනාව දුරු කිරිම සඳහා වෙන අතර, මීලග මාලය වෙන අරලූ, බුලූ වැනි ධාන්‍ය වලින් සැකසූ මාලය මනාලියගේ යහපත් සෞඛ්‍ය තත්වය පැතීම සඳහා පලදිනවා. පෙති මාලයවන මීලඟ මාලය ඇගේ පවිත‍්‍ර බව පෙන්නුම් කරනව.
මීට අමතව දැන් දැන් නයි පොලොන්ගු හැඩ වලින් පවා නිපදවෙන නලල් පටයේ දකුණු පැත්ත මනාලයව නියෝජනය කරන අතර වම් පැත්ත මනාලියව නියෝජනය කරනවා. මේ අනුව දකුනු පස ඉර සහ වම් පස හඳ ස්ථානගත කිරිමෙන් කරන්නෙ කාන්තාව හඳේ ගති ගුන වලටත් පිරිමියා ඉරේ ගතිගුන වලටත් සම කිරිමක්. මේ ඉර සහ හඳ විවාහවෙන යුවලගේ සදාකාලික බැඳීමක් සංකේතවත් කරනවා.
ඉතිං අද බිස්නස් එකක් සහ තරාතිරම පෙන්නීමේ එක් ආකාරයක් වෙලා තියෙන මංගල ඇඳුමේ කතාවෙන් ටිකක් තමයි ඔය ලිව්වෙ. කෝටි ගනන් වියදම් කරන එකේ තේරුමවත් දැනගෙන බැන්දනන් අඩු ගානේ  ඕක කසාදෙන් ඉවරක් වෙනව මිසක් දික්කසාදයක් දක්වා යන්නේ නැතිවෙයි.
අර පලවෙනියටම කිව්ව මැල්ලූං කසාදෙ තේරුම හෙවිල්ල අතෑරලා දාල මං අන්තිමේ හිතුවෙ, ඔය තැලි තෝඩු නැතුව හරි, පොතක ලියල පොරොන්දු නොවී හරි, මුදු මාරුකිරිල්ලකුත් නැතුව හරි, අර කිව්ව මාල හතේ සහ මංගල ඇඳුමේ තේරුම් ටික හිතේ තියාගෙන පැනල ගියත් දෙයියනේ කියලා සන්තෝසෙන් දෙන්නෙක්ට මැරෙනකන් ජීවත් වෙන්න පුලූවන් කියලා.
අනිත් අතට, පොඩි කඳු ගැටයක් උඩ හරි, මුහුදු වෙරළක හරි, රූෆ් ටොප් එකක හරි, ඉර එළියෙන් නෑවෙන මොහොතක, ලාවට වැඩ දාපු ඇඳුමකින් සැරසිලා, අෂ්ටක මඟුල් බෙර හිතේ වැයෙද්දි හදවතින්ම තමන්ට ආශිර්වාද කරන කීපදෙනෙක් විතරක් වටකරගෙන කසාද බැඳලා, මධුසමයට වනගත උනත් ඊට වඩා කොයිතරම් රොමෑන්ටික් වෙයිද කියලත් හිතුණා.
 
බෝසාධි තෙව්නුලී වික‍්‍රමසූරිය

 

IMAGE

බසයේදී දුන් බොරු විවාහ පොරොන්දුවෙන් පවුල්ජීවිතේ 'හබක්'

IMAGE 2018 Feb 23 12:25
ඔහු අගනුවර ප්‍රසිද්ධ සමාගමක විධායක නිලධාරියෙකි. වයස අවුරුදු 40 ඉක්මවූ ඔහුට රූමත් බිරිඳක් සහ...
Views - 4004

අහිමි පෙම ඉල්ලා පෙම්වතියට ප්‍රසිද්ධියේ ගුටි ඇනලා

IMAGE 2018 Feb 23 10:42
පැරණි පෙම්වතියගෙන් අහිමි වූ ආදරය නැවත ඉල්ලා එය නොලැබුණු විට නාරාහේන්පිට ප්‍රදේශයේදී ඇයට...
Views - 2651

සංසාර සිහිනයේ ගී සංකල්පනය මම 'ටැබ් එකේ ටයිප් කරපු' එකක්

IMAGE 2018 Feb 21 12:00
සනුක වික්‍රමසිංහ ගායනා කරන “සංසාර සිහිනේ” කලක පටන් බොහෝ ගීත දර්ශකවල පෙරමුණ ගෙන තිබෙන...
Views - 3728

මම නාට්‍ය කලාවෙ ඉන්නේ ඒ ගැන තියන 'උණ' නිසයි

IMAGE 2018 Feb 21 11:53
වේදිකාව, පුංචිතිරය සහ සිනමාව යන මාධ්‍ය ත්‍රිත්වයෙහිම සිය ප්‍රතිභාව ප්‍රකට කළ කලාකරුවකුවන...
Views - 2242

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 7445

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 4596

Please publish modules in offcanvas position.