Coss Ear2
lakbima.lk
COSS Ear 1

දුෂ්කරයි තමා ඒත් එන්න උඩුගම් බලා පිහිනන්න

ජාතික වෘත්තිය සමිති මධ්‍යස්ථානයේ සාහිත්‍ය අනුකමිටුවේ සභාපති චන්දන සූරියආරච්චි මහතා සමඟ කල සාකච්ඡාවකි.
 
දහදිය සිත්තමත් සමඟ තරුණ නිර්මාණකරුවන්ගේ දායකත්වය කොහමද?
දහදිය සිත්තම කලා උළෙල පටන්අරන් අවුරුදු 11 ක් වෙනවා. මුල් කාලයට වඩා තරුණ අය අද වනවිට නිර්මාණ කරන්න පටන් අරගෙන තිබෙනවා. වැඩි පිරිසක් තුළ නිර්මාණයක් කිරිමේ උවමනාව තිබෙන බව නිර්මාණ දිහා බැලුවහම පේනවා. හබැයි නිර්මාණවලට පාදක වන බොහෝ සංකල්ප සම්මත ආරක් ගන්නා බවයි පේන්නේ. නිර්මාණ විනිශ්චය මණ්ඩලවලින් ඒ සම්බන්ධයෙන් අදහස් අපට ඉදිරිපත් කරනවා. ඒක තමයි ‍පොදු තත්ත්වය. ඒක නිර්මාණ කරන අයගේ පුද්ගලික දෝශයක් විදියහට අපි දකින්නෙ නැහැ. කලාව පිළිබඳව නිවැරදි අවබෝධයක්, නිවැරදි දක්මක් ගොඩනැගුනොත් පමණයි නිර්මාණකරුවෙකුට අලුත් භාවිතාවකින් කලා නිර්මාණ හසුරුවන්න හැකි වටපිටාවක් ගොඩනැගෙන්නේ. එවිට තරුණ නව නිර්මාණකරුවන්ගේ උසස් නිර්මාණ අපට දැකගන්න පුළුවන්. දහදිය සිත්තමත් ඒ සඳහා ඔවුන්ට මගකියන්න සූදානම්.
 
සටන් බිමේ අරගල බිමේ  නිරන්තරව දකින, අයිතිවාසිකම් ඉල්ලීම් වෙනුවෙන් හඬ නඟන වෘත්තිය සමිති ව්‍යාපාරයකට කලාවත් එක්ක තියෙන අදාළකම මොකක්ද?
අපි වෘත්තිය සමිති ව්‍යාපාරයේ නියැලෙන්නේ පුළුල් දේශපාලන අරමුණක් සහිතව වඩා නිවැරදි සමාජ පරිවර්තනයක් වෙනුවෙන්. වැඩකරන ජනතාවටත්, සැබෑ අයිතිවාසිකම් ආරක්ෂාවෙන්න ඔවුන්ගේ ශ්‍රමයට සැබෑ වටිනාකම ලැබෙන්නේ ඒ තුළ ඒ නිසා වෘත්තිය අයිතිවාසිකම් වෙනුවෙන් මැදිහත් වන අප ඒ අයිතිවාසිකම් දිනාගන්නා අපම වැඩකරන ජනතාවට වඩා පුළුල් සමාජ දැක්මක් ඇති කරන්න උත්සහ කරනවා. ඒ වෙනුවෙන් කලාව භාවිතා කරන්න අපි උත්සහ කරනවා.
අනෙක මිනිසාගේ මුල්ම සමාජ අවදිය තුළ නිෂ්පාදනය හා බැදුනු විවිධ ක්‍රියාකාරකම් අනෙකාට සන්නිවේදනය කිරීමට උත්සහ ගත්තා. ලෙනක චිත්‍රයක් ඇඳීමෙන් නර්ථනයක් ඉදිරිපත් කිරීමෙන් විවිධ හඬ විවිධ ස්වර පරාසයන් ඔස්සේ ගායනා කිරීමෙන් තම අද්දැකීම ප්‍රතිනිර්මාණය කරන්න උත්සහ කළා. එම ආරම්භය අද අපි විවිධ කලා විෂයන් ලෙස හදාරනවා, රස විඳිනවා. 
නිෂ්පාදනය හා බැඳුනු ජනතාවගෙන් ඈත් කරලා තිබෙන මේ කලාව මහ ‍පොළවට ගෙනැල්ල ඒක ‍පොදු ජනතාවට ලංවිය හැකි මාධ්‍යයක් කිරීම අත්‍යවශ්‍යයි. ඒ සඳහා අලුතින් ලියන අලුතින් හිතන වෙනස්ව හිතන නව නිර්මාණකරුවන් අවශ්‍යයි. එවැනි නිර්මාණකරුවන් වැඩකරන ජනතාව අතර ඉන්නවා. ඔවුන්ට වේදිකාවක්වීම තමයි අදාළකම.
 
ඔබ හිතන විදියට කලාවට සමාජය වෙනස් කළ හැකිද?
අද වන විට වෙළඳ‍පොල ආර්ථිකය විසින් සියලුම දෙයට අගයක් තීරණය කරල තියෙනවා. අපේ සමාජයේ ජීවත්වන ඉතා සීමිත කොටසක් සාතිෂය බහුතර ජනතාවක් සූරාකෑමට ලක්කරමින් ලාභය එකතු කර ගන්නවා. ඒ තුළින් ඔවුන් ජීවිතය විඳිනවා. 
සාතිෂය බහුතරයක් ජීවිතය විඳවනවා. ඉතින් එවැනි සමාජයකට අපි කැමතිද? අපි කවුරුත් කැමතියි නිදහසේ සතුටින් කාලා, බිලා ඉන්න පුළුවන් මූලික මිනිස් අවශ්‍යතා සපුරාගන්න පුළුවන් වඩා දියුණු සමාජයකටයි. ඒ සඳහා සමාජ පරිවර්තනයක් අවශ්‍යයි.
කලාවට ඒක කරන්න බෑ. නමුත් කලාව කියන දියුණු සොඳුරු මාධ්‍යයට පුළුවන් සමාජය තේරුම්ගත හැකි, සමාජය වෙනස් කළ හැකි මිනිසුන් නිර්මාණය කරන්න. ඒ සඳහා මිනිසුන්ට බුද්ධිය දෙන්න මිනිසුන් තුළ දියුණු මානුෂීය ගුණාංග රෝපණය කරන්න පුළුවන්. ඒ කාර්ය භාරයේදී සමාජය වෙනුවෙන් කලාවට කළ හැකි දෙයක් තිබෙන බව අපි විශ්වාස කරනවා.
 
ඔය කියන ආකාරයේ නිර්මාණ අපිට දකින්න පුළුවන්ද?
එවැනි නිර්මාණ තියෙනවා. නමුත් විරලයි. අද බොහෝ කලා නිර්මාණ සමාජයට එන්නේ වෙළඳ‍පොළ ඉලක්ක කරගෙනයි. ඒ නිසා විකුණා ගන්න පුළුවන් ආකාරයට නිර්මාණ කරන්නත් අපි ජිවත්වන සමාජ වටාපිටාව ඇතු‍ලේ බලකරමින් තිබෙනවා. ඒ වගේම තව පැත්තකින් නිර්මාණය සමාජ අර්බුදය, ජිවන අර්බුදය, අවනීතිය, අසාධාරණකම්, අසමානකම් මේ ඔක්කෝම ගැන බොහෝ නිර්මාණ තුල කතා කරනවා. එහෙම කතා කරලා ඒ අත්දැකිම ඒ විඳිම සිද්ධ වුනේ ඔක්කොම දුප්පත්කම නිසා හෝ ලබා උපන් හැටි නිසා හෝ ෙදෙවය නිසා හෝ කියලා අවසන් වුනොත් ඒ නිර්මාණයේ තිබෙන සමාජ වටිනාකම මොකක්ද?. ඒකෙන් වෙලා තියෙන්නේ මේ සමාජ ක්‍රමය රකින කටයුත්තක්. එ නිසා බොහෝ කලා නිර්මාණ අපේ රටේ මේ කියන තා‍ලේ ඒවා උනත්, ඒ අතර ඉතා විශිෂ්ට ගනයේ උසස් රස වින්දනයකින් හා ගැඹුරු බුද්ධිමය පරිවර්ථනයකට මඟ කියන නිර්මාණත් වෙනවා.
 
ඔබ කෙසේ කීවත් කලාව දේශපාලනයට යට වෙලා කියා මම යෝජනා කළොත් ඔබට ඒ ගැන ඇති අදහස මොන 
වගේ ද?
ඉතිහාසයේ කලාව නිෂ්පාදනය සමඟ බැදිලා තිබුණා. සාමුහික සමාජය තුල මිනිසා සමඟ බැඳි තිබු කලාව පංති සහිත සමාජය ආරම්භ වෙන විට, ඇති නැති පංති ආරම්භ වන විට කලාව මෙම ඇති පංති සමාජය අවශ්‍යතාවය ඉටු කරන මාධ්‍යයක් බවට පත් වුණා. ඉඩම් හිමි පංතිය, වහල් හිමි පංතිය, ධනේෂ්වර පංතිය තමන්ගේ පංති අරමුණ ඉටු කර ගැනීම සඳහා කලාව හා කලාකරුවන් මිලට ගන්නා පංතිමය ක්‍රියාවලියක් බවට පත් වී තිබෙනවා. කලාව යම් පංති අරමුණක් ඉටු කරන මාධ්‍යයක් බවට පාලකයන්, දේශපාලකයින්, බලධාරින් පාවිච්චි කරනවා. අපි නොදැනුවත්වම වුණත් කලාව දේශපාලන අරමුණක් වෙනුවෙන් භාවිතා වෙනවා ඒක වළක්වන්න බැහැ. නමුත් ඒ වගේම කලාව ගැන අපේ වෙනම දැක්මක් තියෙනවා. කලාව 
නිෂ්පාදනය සමඟ බැදුණු දෙයක්. කලාව ජනතාවගේ.  නිෂ්පාදනය කරන්නේ ජනතාව. ඔවුන් තුලින් තමයි අත්දැකීම් නිර්මාණය වෙන්නේ. ඒ අත්දැකිම් ප්‍රතිනිර්මාණය වීමෙන් නිර්මාණ බිහිවෙන්නේ. වැඩ කරන ජනතා කලා උළෙල යනු ශ්‍රමයේ සැබෑ උරුමය සොයා පිය නගන කලා උළෙලක් බවට පත් වෙලා තියෙනවා.  අප කලාව භාවිතා කරන්නේ සමාජයේ සංවර්ධනය, සමාජයේ යහපත, සමාජයේ උන්නතිය වෙනුවෙන්.
 
වැඩ කරන ජනතා කලා උළෙල දහදිය සිත්තම පැවත්වෙන්නේ කවදාද කොහේද?
මෙම උත්සවය සහ සංස්කෘතික ප්‍රසංගය 12 වෙනිදා සවස 2.00 ට මරදාන ටවර් රඟහ‍ලේ දි ක්ෂේත්‍ර ගණනාවක වැඩ කරන ජනතාව, වෘත්තිය සමිති නායකයින්, කලාකරුවන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්වෙනවා. වැඩ බිමේ, කාර්යාලයේ ශ්‍රමය හෙළන, ඔබේම සොහොයුරු සොහොයුරියන්ගේ නිර්මාණ හා දැහන්ගත වෙන්න එදිනට එන්න. ඔවුන්ගේ නිර්මාණකරණයේ දි කොහොමද ඔවුන් නිවැරිදි සමාජමය හැරවුම් ලක්ෂ්‍ය නිර්මාන තුලින් සමාජගත කර ඇත්තේ කෙසේ ද කියා ඔබ බලන්න.  දැනට තියෙන සම්මත කලා ධාරව ඇතු‍ලේ සම්භාවනීයයි කියා අප දැනට ගරු බුහුමන් කරන, විශ්වාස කරන එවැනි සමාජ කියැවීමක් සඳහා වන ඉඩකඩක් නොමැති නිසා වෙනස් වු කලා උළෙලක් වෙනස් වු නිර්මාණකරුවන් හොයා ගෙන යන මෙම උඩුගං බලා පිහිනිමේ ක්‍රියාවලියය ඔබ විනිශ්චය කරන්න. මේ සොඳුරු හෝරාවට එක්වෙන ලෙසට සාහිත්‍ය කලාව පිළිබඳ ආදරයක් තිබෙන, වඩා යහපත් ලෝකයක් දකින්නට ප්‍රාර්ථනා කරන, සියලු දෙනාට විවෘත ආරාධනයක් කරනවා. 
 
පද්මිණි මාතරගේ 
 
ඡායාරූපය - මලිත් ගමගේ

 

IMAGE

බසයේදී දුන් බොරු විවාහ පොරොන්දුවෙන් පවුල්ජීවිතේ 'හබක්'

IMAGE 2018 Feb 23 12:25
ඔහු අගනුවර ප්‍රසිද්ධ සමාගමක විධායක නිලධාරියෙකි. වයස අවුරුදු 40 ඉක්මවූ ඔහුට රූමත් බිරිඳක් සහ...
Views - 4002

අහිමි පෙම ඉල්ලා පෙම්වතියට ප්‍රසිද්ධියේ ගුටි ඇනලා

IMAGE 2018 Feb 23 10:42
පැරණි පෙම්වතියගෙන් අහිමි වූ ආදරය නැවත ඉල්ලා එය නොලැබුණු විට නාරාහේන්පිට ප්‍රදේශයේදී ඇයට...
Views - 2650

සංසාර සිහිනයේ ගී සංකල්පනය මම 'ටැබ් එකේ ටයිප් කරපු' එකක්

IMAGE 2018 Feb 21 12:00
සනුක වික්‍රමසිංහ ගායනා කරන “සංසාර සිහිනේ” කලක පටන් බොහෝ ගීත දර්ශකවල පෙරමුණ ගෙන තිබෙන...
Views - 3727

මම නාට්‍ය කලාවෙ ඉන්නේ ඒ ගැන තියන 'උණ' නිසයි

IMAGE 2018 Feb 21 11:53
වේදිකාව, පුංචිතිරය සහ සිනමාව යන මාධ්‍ය ත්‍රිත්වයෙහිම සිය ප්‍රතිභාව ප්‍රකට කළ කලාකරුවකුවන...
Views - 2241

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 7444

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 4595

Please publish modules in offcanvas position.