Coss Ear2
lakbima.lk
COSS Ear 1

ලංකාවේ Modelling

Modelling කියන්නෙ දැන් හරිම simple හිතුමතේ කරන වැඩක් වෙලා කියල හැමෝම කියනවා. ඉස්සර model කෙනෙක් වෙන්න හරිම අමාරුයි. Field එකේ හිටපු වුන් දන්නව කාපු කටු. Runwaymodel, Fashion model, Commercial Model,  Lingerie model,  Glamour model, Fitness model,  Fiton Model, parts model,  Promotionalmodel කියල එක එක catogory තියෙනව modelling වලදි. මේ වෙද්දි ලංකාවේ කොල්ලො කෙල්ලෝ බාගෙට බාගයක්ම models ලා. Trend එක හොඳයි. ඒත්quality එක තමයි ප‍්‍රශ්නේ. Modelling වලදි personality එක හොඳට බලපවත්වන දෙයක්. Runway model කෙනෙක් නම් උස සහ ශරීරයේ ස්වභාවය කියන එක තිතටම තියෙන්න  ඕන. නැත්තං output එක එචිචර quality වෙන් නැහැයි කියන එකයි මගේ මතය. කොහොම වෙතත් දැන් හැදිල තියෙන trend එකත් එක්ක camera   එකක් අතට ගත්ත කොල්ලා Photographer වෙනව. Poses කෙල්ල model වෙනවා. ඔහොම දෙන්නෙක්  shoot එකක් කරල fb දැම්මම එයාලා professional වෙනවා. ඒව බලන අපිට ඇඬෙනවා.

හැමෝම ආසයි ලස්සනට ඉන්න. තවත් කෙනෙක්ගේ ආසාවක් පහත් කරල සලකන්න මනුස්සකමට කොහෙත්ම වටින් නෑ. ඒත් දෙයියනේ ඒ posing. පිස්සු කෝටියයි. මම ලඟදි ඔහොම චසජ එකක් විවේචනය කරල pic එකේ කට්ටියගෙන් හොඳට අහගත්තා. ඔයත් කෙල්ලෙක් නේද? කෙල්ලෙක් කෙල්ලෙක් වෙනුවෙන් පෙනීහිටින් නැත්තං වැඩක් තියෙනවද? කාන්තාවට අපහාස කිරීම වෙනුවෙන් පෙනී හිටින් නැත්තේ ඇයි? ඔන්න ඔහොම කතා ගොඩයි. ඉතිං දෙයියනේ කෙල්ලෙක් තමයි මමත්. එහෙනම් ඉතින්  shoot එක කරන්න කලින් ඒ කෙල්ලත් දැනගන්න එපැයි එයත් කෙල්ලෙක් කියල. Photographer කෙනෙක් එයාව form කරපු පලියට ඔහොමත් poses දෙනවද? සිහි කල්පනාවෙන් නෙවේද ජීවත් වෙන්නේ. එයා අතින් වරදක් වෙන්න ඇති. එයා ඒක හදා ගනිවී.

කොහොමහරි හැම දේකටම නිසි මූලික අධ්‍යාපනය වැදගත් කියල මම හිතනවා. Modelling  වුනත් එහෙමයි. Rozanne අක්කිට පිං සිද්ද වෙන්න අවුරුදු 10 ක් විතර තිස්සෙ ඉදන් ලංකාවේ කෙල්ලෝ කොල්ලන්ට modeling ගැන මූලික අධ්‍යාපනයක් දුන්න. එතනින් ඉගෙන ගෙන ලංකාවේ ප‍්‍රසිද්ධ වෙච්ච පිටරටවලින් කිරුලූ පවා දිනපු models ඉන්නවා. ඇයි දන්නේ නෑ Rozanne අක්කිත් අන්තිමට වැඬේ අත්ඇරල දැම්ම. එයා ඉගැන්නුවේ සල්ලි වලට නෙවේ. එතන හොඳ තෝතැන්නක් වුනා කට්ටියට. Professional මිනිස්සු මේ සෙැකා එක අතාරින්න අතාරින්න කෙල්ලෝ කොල්ලෝ අයාලේ යන්න පටන් ගත්තා.

පහුගිය අත්දැකීම් අපි දැක්කනේ. වංචා සහගත තරඟ, ලිංගික අල්ලස් ගැනීම් සහ පිස්සු හැදෙන posing.

අපේම සඟයෙක් ඉන්නවා විහිලූවට කියන්නේ වන්නිල photography කියල. අම්මෝ එයා ගැන තියෙන කතා. හරි රසවත්. හරි දුක හිතෙන කතාවක් තියෙනවා එයා කියන. පස්සෙ කියන්නම්. කොහොමහරි මේ අයාල්  a  photography කලාවෙ හිනිපෙත්තෙම ඉන්නෙ එයා තමයි. Modelling වල තියෙන වටිනාකම තියාගෙන shoot එකක් කරපංකෝ කියල කියන්න කියන්න කරන්නෙම casualphotography තමයි. මේ කියන සංහාරයට ගොඩක්ම නතුවෙලා තියෙන්නේfashion modelling තමයි. කවුරුත් ආසයි passion එකට අනුව ජීවත්වෙන්න. ඒත් එහෙම කරන්න ගිහිං විහිලූවක් වුනොත් ඉස්සරහට යන්න තියෙන මාර්ගය එතනින්ම අවහිර වෙනවා. ඉතිං කොල්ලෙක් වුනත් කෙල්ලෙක් වුනත් තමන්ට modelling කරන්න ආසයි කියල දැනෙනව නම් මුලින්ම ඒ ගැන පොඩි self study එකක් දාන්න. internet දැන් touch එකක දුරින් තියෙන්නේ.  ඕනි දෙයක් ගැන ඉගෙන ගන්න පුල්වන්නේ. ඊට පස්සේ follow කරන්න පුලූවන් ගුරුවරයෙක්ව හොයාගන්න. තමන්ට ගැලපෙන modellingtypes මොනවද කියල තේරුම් ගන්න. ගුරුවරයගෙන් උපදෙස් ගන්න. Photo shoot එකක් කරන්න ආසාවක් තියෙනව නම් හොඳ photographer කෙනෙක්ව හොයා ගන්න. නිකම්ම නිකං casual shoot නෙවෙයි creative වැඩක් කරන්න හිතට ගන්න. මඬේම වැටෙන් නැතුව නෙලූමක් වගේ උඩට එන්න පුලූවන් නිර්මාණාත්මක game එකක් චක්හ කරන්න. ඔයා දිනාවි නැත්තං ඉතිං photo වලින් cartoon හැදුවට පස්සේ මූණ හංගගෙන තමයි ඉන්න වෙන්නේ. තවත් දෙයක් තමයි මේ කොල්ලෝ කෙල්ලෝ හිතන් ඉන්නව කොටට ඇන්දම බාගෙට නිරුවත් වුනාම photos වලට කොහෙවත් නැති  quality එකක් එනව කියල. ඒත් මේ ගැන  study එකක් තියෙන අය දන්නවා ඒක එහෙම වෙන් නෑ කියල. එයාලා දන්නව photo එක්කට  quality එකක් එකතු කරන්න  ඕන angel  එක edit එක style එක වගේ දේවල්. ඒකයි මම කියන්නේ  ඕනිම දෙයක් කරද්දි  study එකක් එක්ක කරන්න කියල. එතකොට අපිට වරදින chance එක හරිම අඩුයි.

Modellingfield එකේ තව අවුල් වෙච්ච තැනක් තමයි pageant පහුගිය දවස්වල fb එකේ සහ ටදිිසච වල අපි දැක්කා pageant  වල සිද්ධ වුනු දේවල් එක එක profile හරහා එලියට ආපු හැටි. කිසිම නීතිමය අවසරයක් නැතිව හිතුමතේ සංවිධානය කරල national directors ගැහැණු ළමයින්ගෙන් මුදල් වංචා කරල තිබුන හැටි සහ ලිංගික අල්ලස් ඉල්ලල තිබුන හැටි. ඉතිං මේ  අයට platform එක හදල දෙන්නේ අපිමයි. මේවයේ නීතිමය රාමුව සොයා බලන්නේ නැතිව සහභාගී වන අපිමයි වැරදි කියලයි මට හිතෙන්නේ. අන්තිමට කට උත්තර නැතිවෙන්නෙත් අපිටමයි නරක වැඩ කරන මිනිස්සු අනිවා ඒව කරනවා. නමුත් සමාජය ඒ නරක මිනිස්සු සහ නරක වැඩ විවේචනය කරන්න පටන් ගත්තම එයාලා කොහොමත් ටිකක් බයවෙනවා. ලංකාවේ අපි බහුතරයක් පුරුදු වෙලා ඉන්නේ අසාධාරණයක් සිද්ධ වුනත් කට වහගෙන ඉන්න. ඒකට ඉතිං අපේ platform එක හුඟක් බලපානවා. අපි පුරුදු වෙලා තියෙන්නේ ඉවසන්න, නැත්තං ඒ මනුස්සයා කරන දේවල් ඒ මනුස්සයට තියෙයි කියල හිත හදාගෙන ඉන්න. නමුත් අපි ඒවා හෙලි කලොත් සමාජයෙන් හැදෙන මතවාදය මඟින් ඒ අසාධාරනයන් නිරෝධායනය වෙයි කියන එකයි මගේ මතය. කොහොම වුනත් කෙල්ලනේ කොල්ලනේ ආසාධාරනයක් වුනාට පස්සේ කෑ ගහනවට වඩා ඒක වෙන්න කලින් වලක්වා ගන්න එක කෝකටත් හොඳයි. ඉතිං කවුරුහරි කිව්ව පලියට දෙරප වෙලා photo shoot සහ pageant වලට සහභාගී වෙලා reputation එක නැති කරගන් නැතිව ඒ තැන් වලට සුදුසු විදියට ඉදිරිපත් වුනානම් හොඳයි කියල යෝජනා කරනවා.
 ඕනම දෙයක් කරන්න අපේ කැපවීම ඉතාම වැදගත්. ආසන්නම රටෙන් මේ field එකට අදාලව උදාහරණයක් ගත්තොත් අපි හැමෝම දන්නනවා අමීර් ඛාන් චරිතයක් කරන්න කලින් එයාගේ body එක හදාගන්න  කොච්චර මහන්සි වෙනවද කියල. අන්න ඒ වගේ workout එකක් අපි හැමෝටම තියෙන්න  ඕනි කියන එකයි මගේ අදහස . Mind" body සහ knowledge කියන හැම අංශයකින්ම අපි දැනුවත් වුනොත් අපිට වෙන්න තියෙන හානිය අවමයි.

Lena Yap

 

IMAGE

බසයේදී දුන් බොරු විවාහ පොරොන්දුවෙන් පවුල්ජීවිතේ 'හබක්'

IMAGE 2018 Feb 23 12:25
ඔහු අගනුවර ප්‍රසිද්ධ සමාගමක විධායක නිලධාරියෙකි. වයස අවුරුදු 40 ඉක්මවූ ඔහුට රූමත් බිරිඳක් සහ...
Views - 4004

අහිමි පෙම ඉල්ලා පෙම්වතියට ප්‍රසිද්ධියේ ගුටි ඇනලා

IMAGE 2018 Feb 23 10:42
පැරණි පෙම්වතියගෙන් අහිමි වූ ආදරය නැවත ඉල්ලා එය නොලැබුණු විට නාරාහේන්පිට ප්‍රදේශයේදී ඇයට...
Views - 2651

සංසාර සිහිනයේ ගී සංකල්පනය මම 'ටැබ් එකේ ටයිප් කරපු' එකක්

IMAGE 2018 Feb 21 12:00
සනුක වික්‍රමසිංහ ගායනා කරන “සංසාර සිහිනේ” කලක පටන් බොහෝ ගීත දර්ශකවල පෙරමුණ ගෙන තිබෙන...
Views - 3728

මම නාට්‍ය කලාවෙ ඉන්නේ ඒ ගැන තියන 'උණ' නිසයි

IMAGE 2018 Feb 21 11:53
වේදිකාව, පුංචිතිරය සහ සිනමාව යන මාධ්‍ය ත්‍රිත්වයෙහිම සිය ප්‍රතිභාව ප්‍රකට කළ කලාකරුවකුවන...
Views - 2242

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 7445

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 4596

Please publish modules in offcanvas position.