Coss Ear2
lakbima.lk
COSS Ear 1

අපි පොත් කියැවීමේ උන්මත්තකයෝ වෙමු

අප ජීවත් වන්නේ ස්වර්ණමය සාහිත්‍ය යුගයක් පසුකර ආ දේශයක ය. කීර්තිමත් සාහිත්‍යධරයන් ජීවත් වූ දේශයක ය. රාජ්‍ය පාලකයන් ගේ පූර්ණ අනුග‍්‍රහය සාහිත්‍යයේ උන්නතිය උදෙසා ලබා ගත් ඓතිහාසික සාක්ෂි සහිත දේශයක ය. අවසානයේ ‘සාහිත්‍ය කන්නදැයි‘ ඇසූ පාලකයන් විසූ දේශයක ය.
ඒ යුගයේ දී ‘ සාහිත්‍ය කන්නදැයි‘ ඇසූ ප‍්‍රකාශය ඇමීබාකාරව ව්‍යාප්ත විය. සාහිත්‍ය කරන්නේ රස්තියාදුකාරයන් බව ඇදහු කාලයක් විය. පොත් කියවානම්, එහෙනම් ඌ JVP කාරයෙක් බව විශ්වාස කළ යුගයක් විය. මිනිස්සුන්ට trend විශ්වාස කරවීමට සැලැස්වීම අතිශය පහසු ය. ලේසි ය.
මේ එළඹ ඇත්තේ සාහිත්‍ය කන්නදැ‘යි ඇසූ රටක සාහිත්‍ය මාසය යි. සාහිත්‍ය යනු පොත් පමණක් බව විශ්වාස කළ සංස්කෘතික ඇමතිවරු සිටි රටක සාහිත්‍යයට මාසයක් වෙන්වීම එක් අතකින් ආශ්චර්යයකි. මේ රටට විවිධ තේමා රැගත් දිනවලින් කිසිදු අඩුවක් නැත. අවුරුද්දේ දින තුන්සිය හැට පහ ම මොකක් හෝ දිනයකට වෙන්ව ඇත.  එවන් විටෙක සාහිත්‍යයට මාසයක් වෙන්වීම සාහිත්‍ය ලෝලීන්ගේ අමන්දානන්දයට හේතු වන බැව් නොකිවමනා ය.
කියවීම මිනිසා සම්පූර්ණ කරන බවත්, එක් හොඳ පොතක් මිතුරන් සිය දෙනෙකුට වඩා වටිනා බවත් පැවසීම යුක්ති සහගත වන්නේ මේ වැඩියෙන් පොත් ගැන අසන්නට දකින්නට ලැබෙන කාලයක් බැවිනි. සම්මාන ප‍්‍රදානෝත්සව, පොත් එළිදැක්වීම් මෙන් ම කොළඹ අන්තර්ජාතික පොත් ප‍්‍රදර්ශනය ද බහුලව කතාබහට ලක්වන කාලයක් බැවිනි.
අද මාතෘකාව කොළඹ අන්තර්ජාතික පොත් ප‍්‍රදර්ශනය ය: නොහොත් Book Fair ය. පාඨකයන්ගේත් ලේඛකයන්ගේත් කියවීමේ වසන්තය එළඹීමේ, කූඨප‍්‍රාප්තිය වන්නේ Book Fair ය. වසරේ ඔක්තෝබර් සිට අගෝස්තු දක්වා මුදල් ඉතිරි කිරීමටත්, සැප්තැම්බරය උන්මාදනීය සුවඳ සහිත පොත් පිටු අතර සිරවීමටත් බොහෝ පාඨකයෝ සිහින දකිති. ලියනගේ අමරකීර්ති මහාචාර්යවරයාට අනුව නම් මේ උමතුව මෘදු ය. මොළොක් ය. මෘදු  මොළොක් උමතුවකි. ඉතිං සැප්තැම්බරය එවන් උමතුවූවන්ගේ ලාලසාව සංසිඳුවන කාලයක් බවට පත් වූ යුගයක් ද අප පසුකර විත් ඇත්තෙමු.
ඒ වසර කිහිපයකට පෙර ය. දැං තත්වය වෙනස් ය. ‘‘නිකං කියවන්නැතුව පොතක් කියවන්න ” කියූ විට ” මේකත් පොතක් තමයි ” කියා මුහුණු පොත පෙන්වන තරුණ පරම්පරාවක් අප සතු බව වැඩිහිටියන්ගේ හැඟීමය. වත්මන් පරම්පරාව පොත් නොකියවන බවත්, තාක්ෂණය සහ කාර්යබහුලත්වය පොතපතින් ඈත්වූ තරුණ පිරිසක් නිර්මාණය කරන බවටත් දැවැන්ත 
චෝදනාවක් ලෙස ඉදිරිපත් වේ. 
ඉතිං අපි කිව යුත්තේ මෙපමණ ය. උපන්‍යාසයන්, උපන්‍යාසයන් ලෙස ම පවතිනවා විනා ඒවා තහවුරු කිරීමක් සිදු වන්නේ නැත.
Book Fair එන ලක්ෂ ගණනාවක් අතරින් වැඩි පිරිසක් පාසල් සිසුන් සහ තරුණ තරුණියන් බව ඔබට හඳුනාගත හැකි විය යුතුය. සමාජ ජාල හරහා ක‍්‍රියාත්මක වන පාඨක-ලේඛක කණ්ඩායම් සහ සංවාද අතර පෙරමුණ ගන්නේ මේ පිරිස බව ද ඔබට හඳුනාගත හැකි වනු ඇත.
අනෙක් අතට මිනිස්සුන් වහා trend වැළඳගන්නා සුළු ය. පිළිගන්නා සුළු ය. Book Fair කෙරෙහි පමණක් එයින් වියුක්ත වීම නොකළ හැකි ය. මුදු මොළොක් උමතුවේ උපරිමයට ළඟා වූවන් හැරෙන්නට, කොළඹ කේන්ද්‍රීය තාරුණ්‍යයට නම් Book Fair යනු Motor show හෝ food festival තරමටම Fun ගන්නා තැනක් බවට පත් වී හමාර ය. පොත් ගන්නට කැටවල එකතු කළ මුදල් මෙන් ම මිලදී ගත් පොත් අට්ටි ගසා ලබා ගන්නා ඡායාරූපවලින් ද ඉදිරි දින කිහිපයේ දී facebook ඇතුළු සමාජ ජාල ඉතිරී යනු ඇත.
එහි වරදක් නැත. ඕනෑ ම මුදුමොළොක් උන්මත්තකයෙක්ගේ සිහිනය වන්නේ තමාගේ ම පොත් එකතුවක් නිර්මාණය කරගැනීම ය. එය ප‍්‍රදර්ශනය හා බෙදාහදා ගැනීම පොත් කියවන්නෙකුගේ උමතුව දැල්වීමටත්, නොකියවන්නෙකුගේ කුතුහලය  අවදි කිරීමටත් හේතු නොවන බව කාට නම් කිව හැකි ද? 
එම එක් කිරීම්, බෙදාහදා ගැනීම්, පොත් කියවීමෙන් දුරස් වූවා යැයි සාපරාධී ලෙස චෝදනා ලබන තරුණ ප‍්‍රජාවගේ නිහඬ, අභිමානවත් පිළිතුරක් ලෙස හඳුන්වා දිය හැකි ය. එහෙත් ඒ යම් සංශෝධනයන් සහිතව ය. ඔබ මිල දී ගන්නා පොත හෝ පොත් සියය හෝ ප‍්‍රදර්ශනය කිරීම ඔබේ අයිතියක් බවත් එය ඔබේ අභිමානය බවත් සැබෑ ය. එසේ වුව ද එම පොත් ප‍්‍රදර්ශන කාමුකත්වය එලෙසින් ම එම පොත් කියවීම කෙරෙහි ද යොමු වන්නේ දැයි විමසිය යුතු ය. 
මේ වසරේ මිල දී ගන්නා පොත් කට්ටලය ලබන වසර දක්වාත් නොකියවීමකට ලක්ව ප‍්‍රදර්ශනයට පමණක් යොදා ගැනීම කවර ආකාරයකින් හෝ මිනිසා පරිපූර්ණත්වයට පත් කරන්නේ නැත. අනෙක් අතට book fair ආවා යැයි උජාරුවට දමන සෙල්ෆිය පසුපස ඇත්තේ ලිපි ද්‍රව්‍යමය අවශ්‍යතාවයක් පමණක් වීම ඔබගේ තත්වය ඉහළ නංවන්නේ ද නැත. මුදු මොළොක් උමතුව ඇත්තෙකුට නම් ඉරිගසා වෙන් කළ කියවීමේ හෝ රැස් කිරීමේ කාල රාමු අවශ්‍ය නොවේ.
එම නිසා රැල්ලට book fair යන පරපුරක් වෙනුවට රැල්ලට පොත් කියවන සංස්කෘතියක් ඇති වන්නේ නම් සාහිත්‍ය මාසයේ අර්ථයත් ජයග‍්‍රහණයත් එය වනු ඇත. නූඞ්ල්ස්, කොකාකෝලා සහ සෙල්ෆි අතරට කියවිය හැකි පොතක්, එක් හොඳ පොතක් ඇතුළත් කර ගැනීමෙන් ඔබට සුව කළ නොහැකි මුදු මොළොක් උන්මත්තකයෙක් බවට පත් වීමටත් ඒ උමතුව සාඩම්බරයෙන් දැරීමටත් හැකි වනු ඇත.
 
ධරණි අබයරත්න{jcomments on}

 

IMAGE

බසයේදී දුන් බොරු විවාහ පොරොන්දුවෙන් පවුල්ජීවිතේ 'හබක්'

IMAGE 2018 Feb 23 12:25
ඔහු අගනුවර ප්‍රසිද්ධ සමාගමක විධායක නිලධාරියෙකි. වයස අවුරුදු 40 ඉක්මවූ ඔහුට රූමත් බිරිඳක් සහ...
Views - 4003

අහිමි පෙම ඉල්ලා පෙම්වතියට ප්‍රසිද්ධියේ ගුටි ඇනලා

IMAGE 2018 Feb 23 10:42
පැරණි පෙම්වතියගෙන් අහිමි වූ ආදරය නැවත ඉල්ලා එය නොලැබුණු විට නාරාහේන්පිට ප්‍රදේශයේදී ඇයට...
Views - 2650

සංසාර සිහිනයේ ගී සංකල්පනය මම 'ටැබ් එකේ ටයිප් කරපු' එකක්

IMAGE 2018 Feb 21 12:00
සනුක වික්‍රමසිංහ ගායනා කරන “සංසාර සිහිනේ” කලක පටන් බොහෝ ගීත දර්ශකවල පෙරමුණ ගෙන තිබෙන...
Views - 3727

මම නාට්‍ය කලාවෙ ඉන්නේ ඒ ගැන තියන 'උණ' නිසයි

IMAGE 2018 Feb 21 11:53
වේදිකාව, පුංචිතිරය සහ සිනමාව යන මාධ්‍ය ත්‍රිත්වයෙහිම සිය ප්‍රතිභාව ප්‍රකට කළ කලාකරුවකුවන...
Views - 2241

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 7444

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 4595

Please publish modules in offcanvas position.