lakbima.lk

ණය නොවී ජීවත් වෙන්න බැරිද?

වර්තමානයේ පවතින ඉතාම අර්බුදකාරි ආර්ථික තත්ත්වය මත බහුතරයක් දෙනා ණය බරින් මිරිකී තෙරපී ජීවත් වෙති. ණය නොවී වර්තමානයේ ජීවත්විය හැකිදැයි සිතීම පවා සමහරෙක් මවිතයට පත්කරලයි. නමුත් ණය වීම යනු යම් ආකාරයකින් බලන කල ඒ ණය ගත්ත පිරිස් තව තවත් පටලැලි රැසක පටලවන දෙයක් ලෙස පෙනීයයි. ණය නොවී අපට ජීවත්විය හැකිදැයි මෙහිදී අපි විමසා බලමු.

මූලිකවම ණය වීම කිසිසේත් අවශ්‍ය දෙයක් නොවන බව වටහාගත යුතුයි. ණය වීම යනු ඒ දෙය ඔබට දැනට නැති හෝ දැනට අවශ්‍ය ප්‍රමාණයට මදිබව ඉන් පෙන්නුම් කෙරේ. ණයවීම යනු ‍පොදුවේ මුදල් සම්බන්ධව බහුලව භාවිතා කළද භාණ්ඩ හා සේවාවන් ඕනෑම දෙයක් ණයට ගැනීමට අදාළ වේ. මඳක් සිතන්න ඔබට යම් දෙයක් කිරීමට අවශ්‍ය කර තිබේ. ඒ සඳහා රුපියල් 1000ක් අවශ්‍ය කර ඇත. නමුත් ඔබ ළඟ ඇත්තේ දැනට රුපියල් 800ක් පමණයැයි සිතමු. දැන් ඔබට ඉතිරි රුපියල් 200 ණයට ගැනීමට සිදුවේ.

මෙය ණය වීමේ මූලිකතම සිද්ධාන්ත අවස්ථාව වේ. මෙසේ ඔබ අත දැනට නොමැති මුදල වන රුපියල් 200 වෙනත් අයකුගෙන් ණයට ගත් විට ඔබ මානසිකව ණයට පුරුදුවීමේ මූලික අවස්ථාවට පත්වේ. මෙන්න මේ තත්ත්වය ඉතාම ප්‍රවේශමෙන් මෙහෙයවිය යුතු අවස්ථාවකි. මන්දයත් මේ අවස්ථාවේදී කෙනෙකු ණයට හුරුවීමට හෝ ණය ගැනීමට බිය නැති වීමට පත්විය හැකි නිසාය.


මිනිසුන්ට එදත් අදත් මෙන්ම හෙටත් ආර්ථික ප්‍රශ්න තිබිය හැකියි. නමුත් ඔබ අවංකවම ගැඹුරින් තරමක් දුරට සිතා බලනවිට ඔබටම පෙනී යාවි මේ ආර්ථික ප්‍රශ්න බොහෝමයක් දේ තමතමන්ගේ අත්‍යවශ්‍ය නොවන ආසාවන් අරමුණු නිසා නිර්මාණය වන බව. එදා 1980 දශකයේදී හෝ ඊට පෙර කාලයේ ගෙවුනු ජීවන රටාව ගැන වැඩිහිටියන්ගෙන් හොඳින් දැන වටහා ගන්න.


එවකට තමාගේ අතේ මුදල් නොමැති නම් තමාට අවශ්‍ය දෙය අත්‍යවශ්‍ය වුවද පසුවට කල් දැමීමේ මානසික ශක්තියක් හා ආත්ම දමනයක් බොහෝ මිනිසුන්ට තිබුණි. ඔවුන් මුදල් ණයට ගැනීමට බැංකු පසු පස ගියේ නැත. අතේ ඇති මුදලට තමාට අවශ්‍ය දේ පමණක් මිලදී ගැනීමට ඔවුනට පුළුවන්කම තිබුණි. තමුන්ට කිරීමට හෝ මිලදී ගැනීමට අවශ්‍ය දෙයම මුදල් නොමැති නම් ඒ වෙනුවෙන් සාධාරණ ආදේශකයක් ඔවුහු සොයා ගනිති. ඔවුන්ගේ ජීවිතය අනවශ්‍ය බාහිර ආටෝපයන්ගෙන් පිරී නොතිබුණි.

තමාට ගමන්බිමන් යන්නට වාහනයක් නොමැතිනම් දෙපයින් පවා ඔවුනට අවශ්‍ය ගමන යෑමට ඔවුන් පෙළඹුණි. ඔවුන් යමක් කළේ ඔවුනට අවශ්‍ය නිසා මිස රටට, ලෝකයට, සමාජයට පෙන්වන්නට නොවේ. ඔවුන් ඇන්දේ පැලැන්දේ ඔවුන් කැමති ඇඳුම් පැලඳුම්ය. ඒ තමාට කැමති තමාට මිලදී ගැනීමට හැකි ඇඳුම් පැලඳුම්ය. ඇඳුම් පැලඳුම් මගින් ඔවුන්ගේ සමාජ තත්ත්වය උසස් කර පෙන්වීමට කිසිදු අවශ්‍යතාවයක් ඔවුනට නොතිබුණි.


ඔබ ඒ වකවානුව ගැන සහ ඔවුන් ජීවත් වූ ජීවන රටාව ගැන සොයා බලා අධ්‍යයනය කරන්න. ඔබට වැටහේවි එවකට අද මෙන් අනිකට පෙනෙන්නට කැපී පෙනෙන්නට තරගයක් නොතිබුණු බව. ඵධජඪචත ථඥඤඪච  තුළින් සිහින මවා පෑමට ඔවුනට එදා ඒ Unlimited calling තිබුණේද නැත. වර්තමානයේ මෙන් නානාවිධ දේ විවිධාකාර වූ බඩු භාණ්ඩ එවකට නොතිබුණි. වෙළඳ නාමයන් පසු පස හඹායන සහ එමගින් තමාගේ තත්ත්වය ඉහළ නංවාගැනීමට උත්සාහ දරන පිරිස් එදා සමාජයේ සිටියේ නැත. එම රූපවාහිනි චැනලයක් පමණක් නැරඹු ඔවුන් ගත කළේ අල්පේච්ඡ ජීවිතයක් යැයි කීමට ඔබ උත්සුක නොවන්න. මන්දයත් මේ ආර්ථික ප්‍රශ්න ලෙස පෙනෙන බොහෝමයක සදාකාලික පිළිතුර ඇත්තේ මේ අල්පේච්ඡ ජීවන රටාව තුළය.


ඔබ දන්නවා ඇති සුප්‍රසිද්ධ බිලියනපති කිහිප දෙනෙක්ම ඔවුන්ගේ ජීවන ක්‍රමය, අඳින පලඳින ක්‍රමය, සිතුම් පැතුම් පිළිබඳව විමසා බලන කල පැහැදිලිවම පෙනෙන්නේ ඔවුන්ද ඉතා සංසුන් අල්පේච්ඡ ජීවිත ගත කරන අය බවයි. ඔවුනට අවශ්‍ය කරන ඕනෑම දෙයක් තොග ගණනේ මිලදී ගැනීමට හැකි වුවද ඔවුන් මිලදී ගැනීම කරන්නේ ඉතාම අරපිරිමැස්මක් සහිතවයි. මුදල් උතුරන්නට තිබෙනවිට ඔවුනට සියල්ලම මුදල් නොවන බව ඉතා හොඳින් වැටහෙනවා.


ඔබට මේ සිද්ධාන්තය වටහා ගැනීම මේ උදාහරණාත්මක නිදසුන ආදේශකර බැලීමට හැකියි. ඔබම දැන් දැන් ලංකාවේ ප්‍රකට තිබෙන Unlimited calling  පැකේජයක් ඔබගේ දුරකථනයට සක්‍රීය කරගන්න. මතෛක් ඔබට තිබුණේ සීමිත පහසුකමක් සහිත, ගන්නා දුරකථන ඇමතුම් ගෙවීමට වන පැකේජයක් යැයි සිතමු. දැන් ඒ සීමාකාරී පැකේජය වෙනුවට ඔබට අසීමිත ඇමතුම් ගත හැකි පැකේජයක් ඇත.

ඔබට මුල් දින කිහිපය තුළදී සිත තුළ තිබෙන දැඩි සතුටට ආසාවට ඔබ අසීමිත ලෙස යහළුවන්, නෑදෑ හිතමිතුරන්ට දුරකථනයෙන් කතා කරනු ඇත. නමුත් දින දින ගෙවී සති කිහිපයක් ගතවනවිට ඔබට අසීමිත ලෙස කතා කරන පැකේජය තිබුණේ නමුදු ඒ සඳහා එතරම් උනන්දුවක් නොදැනෙනු ඇත. ඒ ඔබට උදතඪථඪබඥඤ ජචතතඪදඨ  පහසුකම තිබෙන නමුත් අසීමිතව කතා කර කර ඉන්නවාට වඩා ජීවිතයේ තව බොහෝ වැදගත් දේ තිබෙන බව ඔබට ඒ තත්ත්වයට පැමිණවිට ඉතා හොඳින් වැටහී යන නිසාය.


මුදල් පිළිබඳව තත්ත්වයද ඉහත Unlimited calling   පැකේජයක් තිබෙනවිට කතා කරන ප්‍රමාණය ගැන ඉතා හොඳ අවබෝධයක් ලැබෙන්නාක් මෙනි. මිලියනපතිවරු, බිලියනපතිවරු වූ පසු Unlimited money  ලැබෙනවිට ඔබට මුදල් නැතිව පවා ජීවිතය ගෙවීමේ හැකියාව උදාවේ. ඉතින් නොයෙකුත් මානසික මංමුලාවීම්වලට රැවටී රටට ලෝකයට පෙනෙන්නට වියදම් කරන එක නවත්වා ණය බරින් තොර ජීවිතයක් ගෙවීමට අදම තීරණය කරන්න.

ඕස්ට්‍රේලියාවේ බ්ලිස්, කන්සල්ටන් කවුන්සලින් ඇන්ඩ් කෝචින් ඉන්ටර්නැෂනල් ආයතනයේ අධ්‍යක්ෂ අනුෂ්ක ද සොයිසා අවධාරණය කරයි

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.