lakbima.lk

රටේ දැන් පවතින  තත්ත්වය ඔබ නිර්වචනය කරන්නේ කොහොමද?

අද වන විට රට සම්පූර්ණයෙන්ම අරාජිකයි. ලන්දේසි, ඉංග්‍රීසීන්ගේ කාලයට වඩා යටත් විජිත් තත්ත්වයකට අපේ රට පත්වෙලා අවසන්. අපේ රටේ නායකයන්ගේ නිවටකම නිසා ශ්‍රී ලංකාව අද වහල් දූපතක් වෙලා.

දේශපාලන නායකයකු විදිහට මේ වහල්භාවයෙන් රට මුදා ගැනීම ගැන අදහසක් නැද්ද?

ඒකට කරන්න තියෙන්නේ මේ වහල්ලු ටික පන්නලා දාන එකයි.

ඔබ කියන්නෙ ආණ්ඩුව ගෙදර යායුතුයි කියන එකද?

වෙන මොකක්ද? ආණ්ඩුවේ නොවන විපක්ෂයෙත් ඉන්නවා වහල්ලු. ඔවුනුත් ගෙදර යවන්න ඕනේ. ඉන්පසු මේ රටට ආදරය කරන නායකයකුට අපිට  රට භාර දෙන්න පුළුවන්.

ඔබ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයෙක් කියලා හිතා ගන්නවත් බැරි ආකාරයට ඔබ එජාප ආණ්ඩුව විවේචනය කරනවා. කුමක්ද ඔබගේ අරමුණ?

මට පක්ෂය ලොකු නැහැ. මට වැදගත් රටයි. මොනවා කරන්නත් අපට රටක් තිබිය යුතුයිනෙ. ඔබට මතක ඇති 2016 නොවැම්බර් 18දා ආරක්ෂක අමාත්‍යාංශයේ අයවැය විවාදයේදී මම කිව්වා හම්බන්තොට වරාය විදේශකයන්ට දෙන එක තව පරම්පරා සිය ගණනකට කරන ද්‍රෝහී පාවා දීමක් කියලා.

ඒ වගේම මම කිව්වා අයි.එස්.අයි.එස්. කාරයෝ තිස් දෙදෙනෙක් පිට රට ගිහිල්ලා පුහුණූ වෙලා ඉන්නවා. මේ රට කොයිවෙලාවේ හරි පුපුරවනවා කියලා. ඒක කියලා මාස 30ක් යනකන් මේ රටේ හිටපු ත්‍රස්තවාදියා වුණේ මම. ජාතිවාදියා මම. ඒ නිසා මම හැමදාම කිව්වේ මට පක්ෂවත්, පක්ෂයේ නායකයෝවත් රටට සහ රටේ ජනතාවට වඩා ලොකු නැති බවයි. අද මුළු රටේම ජනතාවගේ ජීවිත අනාරක්ෂිතයි.

ඔබ තවදුරටත් එක්සත් ජාතික පක්ෂය තුළ ඉන්නේ ඇයි?

ජාතී ද්‍රෝහී, රට විකුණන කූට ව්‍යාපාරිකයෝ ටිකක් එක්සත් ජාතික පක්ෂයේ අයිතිකාරයෝ වෙලා. පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස ඇතුළු බිම් මට්ටමේ නායකයෝ අද ඒ නිවටයන්ගේ වහල්ලු වෙලා.

මම අහන්නේ මෙවැනි පක්ෂයක ඔබ තවදුරටත් ඉන්නේ ඇයි කියලායි.

මම පක්ෂයේ සාමාජිකයකු ලෙස පමණක් ඉන්නවා. එක්සත් ජාතික පක්ෂයේ ලක්ෂ 10ක සාමාජිකයෝ ඉන්නවා කියමුකෝ. ඒ ඔක්කෝම නිවටයෝ වුණත් මම නිවටයෙක් නොවෙයි. එක්සත් ජාතික පක්ෂයේ, කොළඹ දිස්ත්‍රික්කයේ මට ඡන්ද දුන්න එක්සත් ජාතික පාක්ෂිකයෝ මට කියලා නැහැ බැංකු කඩපු අය ආරක්ෂාකරන්න. රට විකුණන එවුන්ව රකින්න කියලා. මම පක්ෂය තුළ කෙළින් ඉන්නේ ඒ නිසයි.

සිංහල හා අනිකුත් ජනතා නියෝජිතයෝ සහ මුස්ලිම් ජනතා නියෝජිතයෝ ලෙස පාර්ලිමේන්තුව තුළ නව බෙදුම් රේඛාවක් ඇතිවී තිබෙනවා. ඒ ගැන ඔබේ අදහස කුමක්ද?

මේ රටේ බහුතරය සිංහල. ඒ වගේම මේ රටේ බෞද්ධ, කතෝලික ජනතාව සියයට 80ක් විතර ඉන්නවා. මේ රටට එල්ල කළ ප්‍රහාරය ගත්තම ඉතාම ම්‍ලේච්ඡ, ආගම දහමක් තේරුම් ගන්න බැරි තිරිසන්නු ටිකක්නේ ඒ විනාශය කළේ. ඒ තිරිසන්නුන්ට විරුද්ධව රටේ සියලු දෙනා නැගී සිටියා. මුස්ලිම් සමාජයෙන් සියයට 50ක් 60ක් විතර නැගී සිටියා. මේ අන්තවාදීන්ට සම්බන්ධ බවට චෝදනා ලැබූ ඇමැතිවරයෙක් හා ආණ්ඩුකාරවරු දෙන්නෙක් පිළිබඳව මුළු රටම දන්නවා. සාක්ෂිත් තියෙනවා. අපි කිව්වේ ඒ 3 දෙනාට අයින් වෙන්න කියලයි. නමුත් ඔවුන් සමග අනිකුත් මුස්ලිම් දේශපාලනඥයොත් අයින් වෙනවනම් අපිට හිතන්න වෙන්නේ ඒ ඔක්කොම ත්‍රස්තවාදීන් කියලනෙ.

ඔබ එසේ චෝදනා කිරීම සාධාරණද?

ත්‍රස්තවාදයට සම්බන්ධ වුණු අයට අයින් වෙන්න කිව්වාම ඒ අය එක්ක අනිත් සියලු දෙනාත් අයින් වෙනවනම් ඒ සියලු දෙනාත් මේ ත්‍රස්තවාදයට සම්බන්ධයි කියලා අපිට හැඟෙන කාරණයේ වැරැද්ද මොකක්ද?

නමුත් ඔවුන් කියන්නේ ඔවුන් ඉවත්වුණේ මුස්ලිම් ජනතාවට රටේ ආරක්ෂාවක් නැති නිසා කියලයි. ඒ වගේම පරීක්ෂණ විදිමත් ආකාරයට ක්‍රියාත්මක කිරීමට මෙලෙස සියලු දෙනා ඉවත් වුණූ බවද ඔවුන් කියනවා.

අපිට ප්‍රශ්නය තිබ්බේ 3 දෙනෙක් ගැන මිසක් සිංහල මිනිසුන්ගේ ඡන්දත් අරන් පාර්ලිමේන්තුවට ආපු අනිකුත් මුස්ලිම් නායකයන් ගැන නොවේනෙ. මෙය ඉතාම නරක සහ රටක් විදිහට නොවිය යුතු දෙයක්. සිංහල අපි මෙහෙම බෙදීම්වල නැහැනේ. අපි සියලු ජාතීන් සමග සහයෝගයෙන් ඉන්නවනෙ. සාමාන්‍ය මුස්ලිම් ජනතාවට මේ රටේ එදත් ආරක්ෂාවක් තිබුණා. එය හෙටත් ස්ථීරයි. නමුත් මෙවැනි බෙදීම හදාගත්තාම එය තවත් ඛිෙදවාචකයක් වීමට පුළුවන්. මෙයින් පැහැදිලි වෙන්නේ මුස්ලිම් ජනතාව නියෝජනය කරන සියලු දෙනාම කැමැත්ත පළකරලා තියෙනවා  ත්‍රස්තවාදියෝ වෙන්න. එයයි මෙහි අර්ථය.

මේ හරහා රටේ තවත් ප්‍රශ්නයක් ඇතිවෙයිද?

මේ තත්ත්වය තුළ රට ඛිෙදවාචකයට තල්ලු වෙනවා. එක්සත් ජාතික පක්ෂයේ සභාපති කබිර් හෂීම් පෙනී සිටින්නෙත් ත්‍රස්තවාදීන් වෙනුවෙන්. මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් පෙනී සිටින්නෙත් ත්‍රස්තවාදීන් වෙනුවෙන්. ඒ වගේම ෆවුසිලා වගේ නිදහස් පක්ෂයේ අයත් ඒ ගොඩට ගිහිල්ලා ත්‍රස්තවාදීන් වෙනුවෙන් පෙනී ඉන්නවා.

කබිර් හෂීම්, රවුෆ් හකීම් සහ ෆවුසි වැනි දේශපාලන නායකයන් සිංහල ජන සමාජය සමග සිටි දේශපාලන නායකයන් නිසා ඉදිරියේදී ඔවුන්ට සිංහල ජනතාවගේ මනාපයක් ලැබෙයිද?

ඔය ගියපු විසි ගණනෙන් භාගයක් විතර අය දිනුවේ සිංහල ඡන්දවලින්. හැබැයි ඒ අය මුස්ලිම් ජනතාව වෙනුවෙන් පමණක් පෙනී හිටිනවා. ඒ ගැන අපි ගෞරව කරනවා. නමුත් සිංහල දේශපාලන නායකයෝ ඔවුන්ට වඩා ඉදිරියෙන් ඉන්නවා. අපි සියලු දෙනා වෙනුවෙන් කතා කරනවා. එහෙම බලද්දි ඉවත් වුණු සියලු දෙනා ඉතාම ග්‍රාම්‍යයයි.

 ඔබ සිතන ආකාරයට මොවුන් සියලු දෙනා මෙවැනි තීරණයක් ගත්තේ ඇයි?

අද රවුෆ් හකීම්ලා, කබිර් හෂීම්ලා ඇතුළු සියලු දෙනා වහබ්වාදයට භයවෙලා, ජමෙයිතුල් උලමා සංවිධානයේ සභාපතිත් කතාකරන්නේත් වහබ්වාදය ගැනයි. මෙය භයානක ප්‍රවණතාවක්.

රිෂාඩ් බදුර්දීන්ට මේ තරම් බලයක් දෙන්නෙ කවුද?

වෙන කවුරුත් නෙවේ රටේ අගමැතියි ඔහුට මේ බලය දුන්නෙ. අපේ රටේ මිනිසුන්ගේ වාසනාවට මේ රටේ ත්‍රිවිධ හමුදාව හා ‍පොලීසිය ශක්තිමත්. එහෙම නොවන්න මේ ඔළුවක් නැති නායකයන්ගෙන් රටේ ජනතාවට ආරක්ෂාවක් බලා‍පොරොත්තු වෙන්න බැහැ.

රිෂාඩ් බදුර්දීන්ලා, එහෙමත් නැත්නම් ඔය කියන ආණ්ඩුකාරවරුන්ට දඬුවම් දුන්න පලියට ඉස්ලාම් අන්තවාදය නැති කරන්න පුළුවන්ද?

පළමුවෙන්ම රට විනාශ කරපු ඔය කිහිප දෙනාට දඬුවම් දිය යුතුමයි. ඉන්පසු අන්තවාදීන්ට රට ඇතුළට එන්න දෙන්න හොඳ නැහැ. මුස්ලිම් පාසල්වලට දේශන පවත්වන්න සංචාරක වීසා ලබාගෙන ඉස්ලාම් අන්තවාදීන් කොපමණ නම් අපේ රටට ආවද? ඔවුන් තමයි සහරාන්ලව හැදුවේ. බෝම්බය පිපිරෙන දවසෙත් එවැනි 200ක් රට ඇතුළේ හිටියා. ඒ වගේම එක නීතියක් මුළු රටටම අවශ්‍යයි. විවාහ වෙන වයස අවුරුදු 18 කිව්වාම එය කාටත් ‍පොදු විය යුතුයි. එක මිනිහෙකුට එක් ගෑනියෙක් විතරයි. එය තමයි ලෝක සම්මතය. ඇඳුම්වලට නීති අවශ්‍ය වෙනවා.

භික්ෂු වහන්සේලා ඉස්ලාම් අන්තවාදයට එරෙහිව ප්‍රබල ලෙස නැගී සිටිමින් සිටිනවා. රතන හාමුදුරුවෝ උපවාස කළා. ඥානසාර හිමියෝ සඟ සමුළු පවත්වන්න හදනවා. එවැනි කාරණාවලින් ඉස්ලාම් අන්තවාදය මෙල්ල කරන්න පුළුවන්ද කියලා ඔබ හිතනවාද?

ඒ සියලු දේත් ඉතාම අවශ්‍යයි. මහානායක හිමිවරුත් මේවාට වගකිව යුතුයි. බැංකු කඩපු එකාටත්, ත්‍රස්තවාදියාටත්, කුඩුකාරයාටත් ඔය කාටත් පිරිත් නූල් ගැටගහලා හරි යනවද. මේ රටේ දේශපානඥයන්ට නටන්න දුන්නු කාලය ඇති. ඒක නතර කරන්නම් ආගමික නායකත්වය උඩට එන්න අවශ්‍යයි.

නමුත් සමහරු නම් කියන්නේ ඇතැම් භික්ෂුන් වහන්සේ කරන කියන දේවල්වලින් සම්ප්‍රදායික මුස්ලිම් කඩවලටත් මිනිස්සු නොයන බවයි. මෙහෙම රටකට පවතින්න පුළුවන්ද?

හාමුදුරුවරු බෞද්ධ ප්‍රජාව එකතු කරලා මුස්ලිම් කඩවලට යන්න එපා කිව්වේ නැහැනෙ. හැබැයි මිනිස් භය නම් ගිහිල්ලා නැහැ. එය සාධාරණ නැද්ද? වහ දාල තියෙනවා කිව්වාම ඔබ වුණත් මුස්ලිම් කඩේකට යනවද?

මොකක්ද මේ ප්‍රශ්නයට විසඳුම?

ඒ සඳහා මුස්ලිම් නායකයෝ පෙරට එන්න අවශ්‍යයි.  මද්‍රාසාකාරයෝ ඉස්ලාම් අන්තවාදීන් රටේ ‍පෝෂණය වෙද්දි ඔය කවුරුවත් ඔත්තුවක් දුන්නද? නැහැනෙ. සුළු ජාතීන්ගේ ඔය මානසිකත්වයත් එක්ක රට ඉදිරියට යන්න බැහැ. එයින් ඔවුන් දිනන්නෙත් නැහැ. අපි දිනන්නෙත් නැහැ.

මුස්ලිම් දේශපාලනඥයන් සියලු දෙනා නව පෙරමුණකින් ඉදිරි මැතිවරණවලට ආවොත් ඔවුන්ට රටේ ආණ්ඩුවට කේවල් කිරීමේ ඇති බලය තවත් වැඩි වෙනවා නේද?

හැබැයි එයාල ඒ විදිහට එනවනම් එහි අවසන් ප්‍රතිඵලය වෙන්නේ සිංහල ජනතාවටත් එකට එකතුවෙලා එක තැනකට එන්න වෙනවා. නැත්නම් සිංහල නායකයන්ට ජනතාව ගහනවා.

තනතුරුවලින් ඉවත් වූ මුස්ලිම් දේශපාලන නායකයන්ට සත්‍ය මුස්ලිම් ජනතා නියෝජනයක් තියෙනවද?

මේ පාර්ලිමේන්තුවේත් ඔවුන්ට හරි නියෝජනයක් නැහැනෙ.  ඔය  මුස්ලිම් මන්ත්‍රීවරු බහුතරයක් මුස්ලිම් ජනතාවගේ ඇත්ත නියෝජිතයෝ ‍නෙවෙයි. සිංහල ජනතාව ගොනාට අන්දගෙන ඉන්න හොර තක්කඩි දේශපාලනඥයෝ වගේම පිරිසක් ඔය මුස්ලිම් නියෝජිතයෝ ගොඩේ ඉන්නවා. හැබැයි අපේ නායකයෝ තමන්ගේ බලය සඳහා ඔවුන්ව කරේ තියා ගන්නවා. රිෂාඩ් බදුර්දීන්ට ආයතන 47ක් දුන්නේ අපේ අගමැතිනෙ. වෙන කිසිම ඇමැති කෙනෙකුට එවැනි ආයතන ප්‍රමාණයක් දීලා තියෙනවද? නැහැනෙ. අගමැතිටවත් එවැනි ආයතන ප්‍රමාණයක් නැහැනෙ.

අගමැතිවරයා රිෂාඩ් බදුර්දීන්ව මේ තරම් රකින්නෙ ඇයි?

රිෂාඩ්ව හැදුවේ බැසිල්. හැබැයි ඔහුට මහා බලයක් දුන්නේ රනිල්. රනිල්ට තියෙන්නේ තව එක බලා‍පොරොත්තුවයි. මේ රටට හෙණ ගහලා මේ රටේ ඔක්කොම මලත් අගමැතිට ප්‍රශ්නයක් නැහැ. ඔහුට අවශ්‍ය ඊළඟ ජනාධිපති මැතිවරණයේදී මුස්ලිම් ඡන්ද අරගෙන රටේ ජනාධිපති වෙන්නයි.

ඊළඟ ජනාධිපතිවරණය දෙසැම්බර් 9ට කලින් තියෙයිද?

නිසැකවම නොවැම්බර් 9ත් දෙසැම්බර් 9ත් අතර ජනාධිපතිවරණය පැවැත් විය යුතුමයි. එය වෙනස් කරන්න ජනාධිපතිවරයාටත් බැහැ.

ජනාධිපතිවරණයට පෙර පළාත් සභා ජන්දය තියෙයිද?

ඒකට එක්සත් ජාතික පක්ෂය ඉඩ දෙන්නෙ නැහැ. පළාත් සභා ඡන්දය තිබුණොත් එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද ප්‍රතිශතය සියයට 15 ට බහිනව. එය ඉරහඳ පායනවා වගේ විශ්වාසයි. ඉන්පසු ජනාධිපතිවරණයක් ගැන ඔවුන්ට හිතන්න බැහැ.

ජනාධිපතිවරණයට ‍පොහොට්ටුවෙන් ගෝඨාභය රාජපක්ෂ තරගවදියිද?

නාම යෝජනා දෙනකන් මම විශ්වාස කරන්නෙ නැහැ.

නාම යෝජනා දීලා ඔහු තරගයට ආවොත් ඔබ ඔහුට සහය දෙනවද?

මම පුද්ගලයෝ බලල ආයිනම් වැඩ කරන්නේ නැහැ. ඉස්සර නම් එහෙම නායකයෝ හැදුවා. මහින්දව යවන්නත් අපි වැඩ කළා.

 මහින්දව යවලා යහපාලනය හදපු එක ගැන දැන් කනගාටු වෙනවද?

මහින්දල යැව්වේ ඔහු ගිය ගමන සුදුසු නැති නිසයි. හැබැයි යහපාලන ආණ්ඩුවෙන් රටට වුණු හානිය ගැනනම් කනගාටුයි. හැබැයි මම ආණ්ඩුවේ ඉඳලා ආණ්ඩුවේ හොර මැරකම් හා දූෂණවලට එරෙහිව සටන් කරන්න ලැබිම ගැන සතුටුයි. ජනාධිපති විධායක බලය අතේ තියාගෙන කොස් කෙටුවා. රනිල් පිස්සු කෙළියා. අවසානයේ රට විකුණන් කෑවා.

 මට ආයිමත් අහන්න හිතෙනවා මොකටද ඔබ තවදුරටත් ඔය පක්ෂය තුළ ඉන්නේ කියලා.

මම තවදුරටත් මේ පක්ෂය තුළ ඉන්නෙ මම මෙතැනින් ගියොත් කවුද මෙතැනට එන්නෙ. මට වඩා සුදුසු කෙනෙක් එනවනම් මට ප්‍රශ්නයක් නැහැ.

එළැඹෙන මහ මැතිවරණයේදී ඔබ ගන්න තීන්දුව මොකක්ද?

ඒ ගැන මම තාම හිතලා නැහැ. මටත් දැන් දේශපාලනය ඇතියි කියලා හිතලා තියෙන්නේ. හැබැයි මේ රටේ ජනතාවගේ සහ රටේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී ඉන්න මගේ අදහස්වලට ගැළපෙන, රට ආර්ථීක වශයෙන් දියුණු කරන කවුරුහරි මිනිහෙක් හරි කණ්ඩායමක් ඉදිරියට එනවානම් මම ඔවුන් සමග හිටගන්න ලෑස්තියි.

පානුක රාජපක්ෂ

  1. ඊබ්‍රහීම් සමග අපිට ඉතා දිගු දේශපාලන සම්බන්දකමක් තිබෙනවා
  2. දේශපාලනයට එන්න තුන් හිතකවත් නෑ
  3. ජාතික ආරක්ෂාවට ශ්‍රීලනිපයෙන් යෝජනාවලියක්
  4. අපේ ආණ්ඩුවක රිෂාඩ්ට නම් ඉඩක් නෑ
  5. ජවිපෙ විශ්වාසභංගය ආණ්ඩුව හා රිෂාඩ් බේරා ගැනීමටයි
  6. දෙමළ සමාජය තල්ලු වූ තැනටම මුස්ලිම් සමාජයත් තල්ලු කළ යුතු නැහැ
  7. හරි හමන් මාධ්‍ය ප්‍රකාශකයෙක් හිටියානම් මෙච්චර වැරදි තොරතුරු රට පුරා යන්නේ නෑ
  8. ෂරියා විශ්වවිද්‍යාලය අත්පත් කරගෙන ආරක්ෂක විශ්වවිද්‍යාලයක් කළ යුතුයි
  9. මුස්ලිම් අන්තවාදය මඩින්න පස් වැදෑරුම් ක්‍රමයක් තියෙනවා
  10. ජාතික ආරක්ෂක මණ්ඩල හිටපු ප්‍රධානීහු මහින්දගේ ප්‍රධානත්වයෙන් රැස්වෙති
  11. මේ බෝම්බ සිද්ධියේදී අපේ පැත්තට ඇඟිල්ල දිගුවීමේ අසාධාරණයක් නෑ
  12. එජාපයේ ජනපති අපේක්ෂකයා හරියටම කවුද?
  13. ඇමෙරිකානු පුරවැසිභාවය ගැන ගෝඨා තවමත් කල්මරන්නේ ඇයි?
  14. ජනපතිගේ ධුර කාලය අවසන් වන්නේ 2020 ජනවාරිද? ජුනි ද?
  15. අපි කියපු කිසිදෙයක් විදුලිබල මණ්ඩලය කරලා නැහැ විදුලි අර්බුදයට හේතුව ඒකයි
  16. ජනාධිපති අපේක්ෂකයා කවුද කියලා මහින්ද තවම කියලා නැහැ
  17. ජනපති අපේක්ෂක තීන්දුව නව පෙරමුණ විසින් ගන්නවා
  18. හොඳ ‍පොදු අපේක්ෂකයෙක් සොයා ගැනීම එ.ජා.ප.යට එතරම් අමාරු නැහැ
  19. මේ ආණ්ඩුව තිබුණොත් ලංකාවට ගැලවීමක් නෑ
  20. ගෝඨාභය ජනපති අපේක්ෂකයා කරන්න තීන්දුවක් ගෙන නෑ
  21. අප්‍රේල් 5දා ගලඋඩ සටනේදී අයවැය දිනයිද? පරදියිද?
  22. අයවැයේදී ජනාධිපතිතුමාව බේරගත්තේ අපේ අගමැතිතුමයි
  23. මේ අය වැයේ ජාතික සංවර්ධන ඉලක්ක මොකුත්ම නැහැ
  24. මේක සුපර් මෑන් අය වැයක්
  25. විධායක ක්‍රමය අහෝසි කරන්න මහින්දත් කැමතියි

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.