lakbima.lk

ආණ්ඩුව නියෝජනය කළ මුස්ලිම් මැති ඇමැතිවරු නවදෙනෙක් ගිය සතියේ ඇමැතිකම්වලින් ඉල්ලා අස්වූහ. එහි විශේෂත්වය වන්නේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ මුස්ලිම් ඇමැතිවරුද ඉල්ලා අස්වීමය. එම පිරිස අතරේ එජාපයේ සභාපති කබිර් හෂීම් ඇමැතිවරයාද සිටියේය. ඉල්ලා අස්වීමෙන් පසු මුස්ලිම් මැති ඇමැතිවරු පැවැත්වූ සාකච්ඡාවට සහභාගි වූ එක්සත් ජාතික පක්ෂ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මේ පිළිබඳ අදහස් දැක්වූයේ මෙසේය.

මුස්ලිම් මැති ඇමැතිවරු සියලු දෙනාම තමන් දරන තනතුරුවලින් ඉවත් වුණේ ඇයි?

පාස්කු ඉරිදා බෝම්බය පිපිරුණේ මුස්ලිම් ජනතාවගේ වරදින් නොවෙයි. ආරක්ෂක අංශවලට තොරතුරු ලැබුණා බෝම්බ ප්‍රහාරයක් ගැන. ආගමික නායකයෝ මේ අන්තාවදීන් ගැන තොරතුරු ලබාදීලා තිබුණා. විදේශීය ඔත්තු සේවා තොරතුරු දීලා තිබුණා. ඒ තොරතුරු මේ රටේ ආරක්ෂාව ගැන තීන්දු තීරණය ගන්න තැනදී කතා කළේ නැහැ. දේශපාලන නායකත්වයෙන් මෙය මග හැරිලා තියෙනවා. ඒ හින්දා තමයි ඔය බෝම්බය පිපිරුණේ. මේ රටේ සිංහල - මුස්ලිම් ජනතාව අතර ගැටුම් හදන්න බලාගෙන හිටපු කණ්ඩායමක් හිටියා.

ඒ හරහා තමයි අලුත්ගම, දිගන වැනි ප්‍රදේශවල ඉතාම සංවිධානාත්මකව මේ සිදුවීම් ඇතිවුණේ. ඒ කණ්ඩායමට බෝම්බයත් සමග අවස්ථාව ලැබුණා සිංහල - මුස්ලිම් ජනතාව අතර වෛරය වපුරලා ගැටුමක් නිර්මාණය කරන්න. ඒ අනුව තමයි කුරුණෑගල, මිනුවන්ගොඩ, නාත්තණ්ඩිය වැනි ප්‍රදේශවල කලබල ඇති කරලා මුස්ලිම් ජනතාවට ප්‍රහාර එල්ල කළේ. විපක්ෂයේ දේශපාලන නායකයෝ දිගින් දිගටම මේ කාරණාවලදී මුස්ලිම් සමාජයට ඇඟිල්ල දිගු කෙරුවා. සමස්ත මුස්ලිම් ජනතාවටම ඒ වගකීම පැවරුවා. ඊළඟට රතන ස්වාමින්වහන්සේ පටන් ගත්තු උපවාසය උඩ ඉඳගෙන මුළු රටපුරාම යළි කළු ජූලියක් ඇති කරන්න උත්සාහ කළා.

ආණ්ඩුව මැදිහත් වෙන්නෙත් නැහැ මේක නවත්වන්න. ආරක්ෂක ඇමැති ලෙස ජනාධිපතිතුමා මැදිහත් වෙන්නෙත් නැහැ මේක නවත්වන්න. මේ නිසා සමස්ත මුස්ලිම් ජනතාවම මේ තත්ත්වය උඩ අසරණ වෙලා හිටියේ. ඒ නිසා පක්ෂ බේදයෙන් තොරව මුස්ලිම් මැති ඇමැතිවරු තීරණයක් ගත්තා තනතුරුවලින් ඉල්ලා අස්වෙලා සාධාරණ    පරීක්ෂණයක් කරන්න ඉඩ දෙන්න.


මේ සිද්ධියේදී මුස්ලිම් ඇමැතිවරයකු හා ආණ්ඩුකාරවරුන් දෙදෙනකුට විතරයි චෝදනා එල්ල වුණේ. ඇයි සියලු දෙනා අයින් වෙන්නේ. විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂයේ මුස්ලිම් මැති ඇමැතිවරුන්ට මෙතැන ප්‍රශ්නයක් තිබුණේ නැහැ නේද?

ඒ තුන්දෙනාට චෝදනා එල්ල වුණාට චෝදනා හරහා මුළු මුස්ලිම් ජනතාවටමනේ පහර ගැහුවේ. විශේෂයෙන්ම විද්‍යුත් මාධ්‍ය අරගත්තාම ප්‍රවෘත්තිය පටන් ගන්නෙත් මුස්ලිම් කියලා ඉවර කරන්නෙත් මුස්ලිම් කියලා. වෙන නිව්ස් නැහැ. ඊළගට කඩු ගෙනල්ලා පෙන්නුවා. කඩු ගෙනල්ලා තියෙන්නේ සිංහල ජනතාව ඝාතනය කරන්න කියන පණිවුඩය තමයි මාධ්‍යයෙන් දුන්නේ. ඊළඟට දොස්තර මහත්තයෙක්ව ගෙනල්ලා හම ගැහුවා.

සිංහල කාන්තාවෝ වඳ කරන දොස්තර මහත්තයෙක් ඉන්නවා කියලා කිව්වා. එස්.බි. දිසානායක ඇවිල්ලා කිව්වා මේ වගේම දොස්තර කෙනෙක් 2000 දී පේරාදෙණිය ඉස්පිරිතා‍ලේ හිටියා කියලා. වඳ බෙහෙත් තියෙනවා කිව්වා. මේ වගේ මුළු සමාජය පුරාම මුස්ලිම් විරෝධී ආකල්ප ගොඩ නැගුවා.

මුස්ලිම් ජනතාවට පාරේ බැහැලා යන්න බැරි තත්ත්වයක් උද්ගත වුණා. විශේෂයෙන්ම සිංහල - මුස්ලිම් ගැටුමක් නිර්මාණය කරන්න සංවිධානාත්මකව වැඩ කරගෙන ගියා. ඔබ දකින්න ඇති රතන හාමුදුරුවන්ගේ උපවාසය කළ දවසේ කඩවහලා පාරවල්වලට බහින්න, කඩවල් ගිනි තියන්න ඕනා කියලා උද්ඝෝෂණය කළා.

සියලු තත්ත්වයන් සලකා බලලා තමයි පක්ෂ බේදයෙන් තොරව පවතින තත්ත්වය සමනය කරගන්න අපි සියලු දෙනා ඉල්ලා අස්විය යුතු බවට තීන්දු කළේ. තනතුරු තියාගෙන සිටීමම මුස්ලිම් ජනතාවට හානිදායක තත්ත්වයක් උද්ගත වන බවට පෙනී ගියා. ආණ්ඩුවටත් මෙය කරන්න පුළුවන් කමක් තිබුණේ නැති නිසා අපි ඉල්ලා අස්වෙන්න තීන්දු කළා.

සියලු දෙනාම අයින් වීමෙන් පෙනෙන්නේ අන්තවාදීන් ත්‍රස්තවාදීන් ආරක්ෂා කරන්න ඔබ සියලුදෙනාම එකතු වූ බවක් නේද?


අන්තාවදීන් ආරක්ෂා කරන්න අපට ඕන කමක් නැහැ. මොකද අන්තවාදීන් ආරක්ෂා කරන්න ගියොත් මුස්ලිම් සමාජය විනාශ කරන එක තමයි වෙන්නේ. ඒ නිසා ඒ පාප කර්මය කරන්න අපට අයිති නැහැ. නමුත් විපක්ෂය මොකක්ද කළේ. විපක්ෂය තමයි මේ රටේ සිංහල අන්තවාදය ඇවිස්සුවේ. ඒකාබද්ධ විපක්ෂයේ ඉන්න මන්ත්‍රීවරු කිහිප දෙනෙක් තමයි ඔය මතවාදය හැදුවේ.

හැමදාම රූපවාහිනියට ඇවිල්ලා සිංහල ජනතාවට මුස්ලිම් ජනතාව ගැන සැක ඇති වෙන විදියට කතා කෙරුවා. එයාලා තමයි මේක ඇවිස්සුවේ. එයාලා තමයි මේකට නායකත්වය දුන්නේ. එයාලාට ඕන කළේ සිංහල - මුස්ලිම් ගැටුමක් ඇති කරලා මේ රට අරාජික කරලා දේශපාලන බලය ලබා ගැනීමේ කුමන්ත්‍රණයක් තමයි මේ අය කළේ. ඔක්තෝබර් 26 කරගන්න බැරිවූ දේ කලකෝලහලවලින් කරන්න තමයි උත්සාහ කරමින් ඉන්නේ.

අන්තවාදයට උඩගෙඩි දීලා අන්තවාදය අවුස්සලා බලය ගන්න ඒකාබද්ධ විපක්ෂය කටයුතු කළා මිස මුස්ලිම් මන්ත්‍රීවරු එය කළේ නැහැ.


නමුත් මුස්ලිම් ජනතාව තමයි ඇඳුමෙන් පැලඳුමෙන් කෑමෙන් බිමෙන් සිංහල ජනතාවගෙන් ඈත් වුණේ?


එහෙම එකක් නැහැ. මම ගත්තහම මම සිංහල කඩවලින් කෑම කනවා. සිංහල කඩවලට කෑම බිම ඇඳුම් පැලඳුම් ගන්න යනවා. සිංහල යාළුවන්ගේ ගෙවල්වලින් කෑම කනවා. එහෙම ගැටලුවක් නැහැ. අන්තවාදී අදහස් දරන අය තමයි ඔහොම ගැටලු තියෙනවා කියලා කියන්නේ. අපිට නම් එහෙම ගැටලුවක් නැහැ. අපිට තවම එහෙම ප්‍රශ්නයක් නැහැ. අන්තවාදීව කල්පනා කරන පිරිසක් ඉන්නවානේ.

ඔවුන් තමයි සිංහල සමාජයට විෂබිජ දැම්මේ. ඔය නායකයෝ ටික තමයි සිංහල ජනතාවගේ ඔළුවට විෂබිජ දාලා පාරට ගෙනාවේ. ඒ නායකයෝ තමයි මේකට වගකියන්න ඕනේ. සහරාන්ලට ඕන දේ තමයි මේ අය හදලා දෙන්නේ. මේ කරන්නේ සහරාන්ට ඕන දේ. මුස්ලිම් ජනතාවට ගහන එක කඩවල් ගිනි තියන එක කරන්නේ සංහිඳියාව වෙනුවෙන්ද, තව සහරාන්ලා හදන්න තමයි මේ යන්නේ. සිංහල සමාජය මේක තේරුම් ගත යුතුයි. මේක නවත්තන්න ඉස්සරහට එන්න කියලා අපි සිංහල සමාජයෙන් ඉල්ලනවා.

ඇමැති ධුරවලින් ඉවත්වීමෙන් ඔබ කණ්ඩායම කළේත් ජාතීන්් අතර බේදීමක් ඇති කිරීම නොවෙයිද?


ඇත්තටම නැහැ. මොකද අපි ඉල්ලුවේ පරීක්ෂණයක් කරන්න කියලායි. අපි එක්කෙනෙක් හරි තනතුරක හිටියා නම් කියනවා අර මුස්ලිම් ඇමැතිවරයා හදනවා මේ මුස්ලිම් ඇමැතිවරයාව මන්ත්‍රීවරයාව බේරගන්න කියලා. ඒක නිසා තමයි සියලුදෙනාම අයින් වුණේ. අපි කවුරුවත් තනතුරක ඉන්න ඕනේ නැහැ.

ඉක්මනට පරීක්ෂණ කරලා වැරදි කරපු අය ඉන්නවා නම් ඒ අයව උසාවියට දාන්න. දාලා දෙන දඬුවම දෙන්න කියලා. පරීක්ෂණ   ඉක්මන් කරන්න කියලා තමයි අපි ඉල්ලුවේ. අරයා සම්බන්ධයි මෙයා සම්බන්ධයි කිය කියා ටීවීවලට ඇවිල්ලා කෑ ගහන අයට දැන් අවස්ථාව තියෙනවා ‍පොලිස් මූලස්ථානයට ගිහිල්ලා පැමිණිලි කරන්න. මෙච්චර කල් කළේ මාධ්‍ය ඉස්සරහට ඇවිල්ලා කෑ ගහපු එකනේ.

මාධ්‍ය ඉස්සරහට ඇවිල්ලා මේ අය සෙල්ලං කරන්නේ ජනතාවගේ ජීවිත එක්ක. සිංහලද දෙමළද මුස්ලිම්ද කියලා නැහැ ජාතිවාදය කියන්නේ ඉතාම භයානක දෙයක්. මොකද කිසිම අන්තවාදයකින් රට දියුණු වෙන්නේ නැහැ.


රිෂාඩ් ඇමැතිවරයා විශ්වාසභංගයෙන් බේරාගන්නත් ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගය ජය ගන්නත් අගමැතිවරයා කරපු සැලසුමක්ද මේක?


අගමැතිතුමා මේ වැඩේට සම්බන්ධ වුණේ නැහැ. විශේෂයෙන්ම මේ තීන්දුව ගත්තට පස්සේ අගමැතිතුමා හමුවෙලා සාකච්ඡා කරලා අගමැතිතුමාට අපේ තීන්දුව කිව්වා. නමුත් අගමැතිතුමා මේකට එකඟ වුණේ නැහැ. ඇමැතිවරු එතනදී පෙන්නලා දුන්නා මුස්ලිම් සමාජය ආරක්ෂා කරන්න ආණ්ඩුවට බැහැ. ඔබතුමා ළඟ ආරක්ෂක ඇමැතිකමත් නැහැ. ඒක තියෙන්නේ ජනාධිපතිතුමා ගාව.

එතුමාව හමුවෙලා කිහිපවතාවක් කිව්වත් ඒක කෙරුණේ් නැහැ. එතුමා කියන දේ ‍පොලීසිය අහන්නේ නැද්ද කියන ප්‍රශ්නය තියෙනවා. දිගින් දිගටම මේවා සිද්ධ වෙන නිසා තමයි අපි කිව්වේ අපි මේ තීන්දුවට යනවා අපිට කරන්න දෙයක් නැහැ කියලා. මේ තීන්දුව තාවකාලික තීන්දුවක් ලෙස අපි ගන්නවා. ඊට පස්සේ තත්ත්වය සමනය වෙලා මේ  පරීක්ෂණවලින් හරිවැරැද්ද තීන්දු වුණාට පස්සේ අපි මේවා බාර ගන්නම් කියලා.

ඉල්ලා අස්වුණා කීවට ඉල්ලා අස්වීමේ ලිපි භාරදීලත් නැහැ. මේක රඟපෑමක් නොවෙයිද?

සියලු දෙනාම එක ඉල්ලා අස්වීමේ ලිපියකට අත්සන් කරලා තිබුණේ. ව්‍යවස්ථාව අනුව එහෙම කරන්න බැහැ තනි තනිව ලියුම් දෙන්න ඕනා කියලා අගමැතිතුමා කිව් බව හකීම් ඇමැතිතුමා පාර්ලිමේන්තුවේදී කිව්වා. තනි තනි වශයෙන් ඉකුත් බ්‍රහස්පතින්දා ඒ ලියුම් ජනාධිපතිවරයා වෙත යැව්වා.

අයින් වුණාට මුස්ලිම් මන්ත්‍රීවරු ඇමැති වරප්‍රසාද භාවිත කරනවා. කාර්ය මණ්ඩල භාවිත කරනවා. මොකක්ද මේ කරන්නේ?


මම හිතන්නේ නැහැ කවුරුත් ඒ වරප්‍රසාද භුක්ති විඳිනවා කියලා. හකීම් ඇමැතිතුමා පාර්ලිමේන්තුවේ පැහැදිලි ප්‍රකාශයක් කරමින් කිව්වේ අපි ඇමැතිකම් දරන්නේ නැහැ වගේම ඒ වරප්‍රසාදත් ගන්නේ නැහැ කියලායි. සියලු දේවල් නැවත භාර දෙන බව එතුමා කිව්වා.

රිෂාඩ් බදියුදීන් ඇමැතිවරයාට එරෙහිව චෝදනා ගණනාවක් පවතිනවා. විමල් වීරවංශ මන්ත්‍රීවරයා කියනා බෝම්බකරුවන් ප්‍රවාහනය කළේ සතොස වාහනවලින් කියලා. ඉතින් රිෂාඩ් ඇමැතිවරයාගේ ක්‍රියාකලාපය ඔබ කණ්ඩායම අනුමත කරනවාද?


විමල් වීරවංශ මන්ත්‍රීවරයා කියන්නේ කට ඇරියොත් බොරු කියන කෙනෙක්නේ. විමල් වීරවංශ මහත්තයා කියපු දේවල් කොහෙද හරි ගිහිල්ලා තියෙන්නේ. එයාට ඔච්චර සාක්ෂි තියෙනවා නම් ඇයි ඒවා හංගගෙන හිටියේ. ‍පොලීසියේ පැමිණිලි කරන්න තිබුණාණේ. දැනටත් පත් කරලා තියෙන කමිටුවට භාර දෙන්න පුළුවන්නේ. ඇයි එහෙම නොකර මාධ්‍ය ඉස්සරහට ඇවිල්ලා කෑ ගහන්නේ.

එයාට තියන්නේ වහාම සාක්ෂි පෙන්නලා රිෂාඩ් බදියුදීන් ඇමැතිවරයාව අත්අඩංගුවට පත් කරන එකයි. ඒකනේ කරන්න ඕන දේ. ටීවී එකට ඇවිල්ලා කෑ ගැහුවා කියලා මාධ්‍යයට පුළුවන්ද නීතිය ක්‍රියාත්මක කරන්න. ඇයි කියන්න ඕන තැන්වලට යන්නේ නැත්තේ. යන්න බැහැ මොකද අතේ පත්තු වෙන බොරු කියන්නේ.

රිෂාඩ් ඇමැතිවරයා වරදක් කරලා තියෙනවා නම් අන්තවාදීන්ට සහය දීලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම එයාට දඬුවම් කරන්න ඕනේ. ඒ ගැන අපි කවුරුවත් ප්‍රශ්න කරන්නේ නැහැ.

අපි කියන්නේ සාක්කි තියෙනවා නම් පැමිණිලි කරන්න කියලායි. එහෙම කරන්නේ නැහැනේ. ටිවි එකට ඇවිල්ලා කියවන එකනේ කරන්නේ.

සියලු දෙනාම ඉල්ලා අස්වෙලා කරන්නේ මැදපෙරදිගට කියලා ලංකාවට බලපෑම් එල්ල කරලා සම්බාධක පනවන තැනට ගෙනියන්න කියලා චෝදනාවක් එල්ල වෙනවා?

ඉල්ලා අස්වුණ කිසිම ඇමැතිවරයෙක් මුස්ලිම් රටවල තානාපතිවරයකුවත් හමුවුණේ නැහැ. නමුත් ලෝකයේ පවතින තාක්ෂණ දියුණුවත් එක්ක අපේ රටේ වෙන දේවල් ලෝකයට හංගන්න බැහැ. ජාත්‍යන්තර මාධ්‍ය ඔස්සේ අපේ රටේ පහුගියදා වුණු දේවල් ලෝකයට වාර්තා වෙලා තියෙනවා.

අරාබි රටවල්වලට විතරක් නොවෙයි මුළු ලෝකයටම මේ දේවල් වාර්තා වෙලා ඉවරයි. ඒ නිසා ඔවුන් දැනුම් දී තිබෙනවා රට තුළ සාමය සංහිඳීයාව ඇති කරන්න කියලා. අපිට කිසිම වුවමනාවක් නැහැ රටට සම්බාධක පනවන්න හෝ වෙනත් දේවල් කරන්න. මොකද මේ අපි ඉපදුණ රට.... අපි මැරෙන්නෙත් මේ රටේමයි. ඒ නිසා මේ රට පස්සට යනවා කියන්නේ අපිත් පස්සට යනවා කියන එකමයි. ඒ නිසා අපට එහෙම ආකල්පයක් හෝ අදහසක් නැහැ.

මහානායක හාමුදුරුවරු ඉල්ලුවා යළිත් ඔබ කණ්ඩායමට වගකීම් භාර ගන්න කියලා. මේ සම්බන්ධයෙන් ප්‍රතිචාරය කුමක්ද?


අනිවාර්යයෙන්ම අපි ඒ ගැන සැලකිලිමත් වෙනවා. අපේ මැතිඇමැති කණ්ඩායම මහනායක හාමුදුරුවෝ හමුවෙන්න තීරණය කරලා තියෙනවා. ඒ වෙනුවෙන් කාලය ඉල්ලා තිබෙන බව හකීම් ඇමැතිතුමා කිව්වා. උන්වහන්සේලා හමුවෙලා අපේ දේ කියන්න අපි බලා‍පොරෝත්තු වෙනවා.

මොකක්ද ඔබේ කණ්ඩායමේ ඉදිරි පියවර. මාසෙකින් පස්සේ ඇමැතිකම් යළි ගන්නවාද?

තවම කණ්ඩායමක් ලෙස අපි හමුවුණේ නැහැ. හමුවෙලා ඉදිරියේදී ගන්නා පියවර තීරණය කරනවා.

ලසන්ත වීරකුලසූරිය

  1. කබිර්ලා හකීම්ලා ෆවුසිලාත් දැන් සිටින්නේ ත්‍රස්තවාදීන්ගේ ගොඩේ
  2. ඊබ්‍රහීම් සමග අපිට ඉතා දිගු දේශපාලන සම්බන්දකමක් තිබෙනවා
  3. දේශපාලනයට එන්න තුන් හිතකවත් නෑ
  4. ජාතික ආරක්ෂාවට ශ්‍රීලනිපයෙන් යෝජනාවලියක්
  5. අපේ ආණ්ඩුවක රිෂාඩ්ට නම් ඉඩක් නෑ
  6. ජවිපෙ විශ්වාසභංගය ආණ්ඩුව හා රිෂාඩ් බේරා ගැනීමටයි
  7. දෙමළ සමාජය තල්ලු වූ තැනටම මුස්ලිම් සමාජයත් තල්ලු කළ යුතු නැහැ
  8. හරි හමන් මාධ්‍ය ප්‍රකාශකයෙක් හිටියානම් මෙච්චර වැරදි තොරතුරු රට පුරා යන්නේ නෑ
  9. ෂරියා විශ්වවිද්‍යාලය අත්පත් කරගෙන ආරක්ෂක විශ්වවිද්‍යාලයක් කළ යුතුයි
  10. මුස්ලිම් අන්තවාදය මඩින්න පස් වැදෑරුම් ක්‍රමයක් තියෙනවා
  11. ජාතික ආරක්ෂක මණ්ඩල හිටපු ප්‍රධානීහු මහින්දගේ ප්‍රධානත්වයෙන් රැස්වෙති
  12. මේ බෝම්බ සිද්ධියේදී අපේ පැත්තට ඇඟිල්ල දිගුවීමේ අසාධාරණයක් නෑ
  13. එජාපයේ ජනපති අපේක්ෂකයා හරියටම කවුද?
  14. ඇමෙරිකානු පුරවැසිභාවය ගැන ගෝඨා තවමත් කල්මරන්නේ ඇයි?
  15. ජනපතිගේ ධුර කාලය අවසන් වන්නේ 2020 ජනවාරිද? ජුනි ද?
  16. අපි කියපු කිසිදෙයක් විදුලිබල මණ්ඩලය කරලා නැහැ විදුලි අර්බුදයට හේතුව ඒකයි
  17. ජනාධිපති අපේක්ෂකයා කවුද කියලා මහින්ද තවම කියලා නැහැ
  18. ජනපති අපේක්ෂක තීන්දුව නව පෙරමුණ විසින් ගන්නවා
  19. හොඳ ‍පොදු අපේක්ෂකයෙක් සොයා ගැනීම එ.ජා.ප.යට එතරම් අමාරු නැහැ
  20. මේ ආණ්ඩුව තිබුණොත් ලංකාවට ගැලවීමක් නෑ
  21. ගෝඨාභය ජනපති අපේක්ෂකයා කරන්න තීන්දුවක් ගෙන නෑ
  22. අප්‍රේල් 5දා ගලඋඩ සටනේදී අයවැය දිනයිද? පරදියිද?
  23. අයවැයේදී ජනාධිපතිතුමාව බේරගත්තේ අපේ අගමැතිතුමයි
  24. මේ අය වැයේ ජාතික සංවර්ධන ඉලක්ක මොකුත්ම නැහැ
  25. මේක සුපර් මෑන් අය වැයක්

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.