lakbima.lk

අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය මෙම අදහස් පළ කළේ පවුල් ලක්ෂ 06 කට සමෘද්ධි හිමිකම්පත් ලබාදීමේ රජයේ වැඩ පිළිවෙල යටතේ රත්නපුර දිස්ත්‍රික්කයේ කහවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පවුල් 1112 කට සමෘද්ධි හිමිකම්පත් ලබාදීමේ අවස්ථාවට එක්වෙමිනි.

එහිදී තවදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරිය මෙසේ ද සඳහන් කළාය.

අපි දන්නවා එදා සමෘද්ධි වැඩ සටහන ක්‍රියාත්මක වෙන කොට මේක හිමි වුනු අයට හිමි වුණේ නැහැ කියලා.ඒ නිසාම තමයි තවත් ලක්ෂ හයකට මේක දෙන්න වුණේ.ඒ නිසා තමයි මුදල් ඇමතිතුමා මුදල් වෙන් කළේ.ඒ අනුව රත්නපුර දිස්ත්‍රික්කය සදහා පවුල් විසි පන් දහසකට සමෘද්ධිය ලබා දෙනවා.

සමෘද්ධි වැඩ සටහන රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ ජන සවිය වැඩ සටහනින් ඇති වුනු දෙයක් බව කිව යුතුයි.එදා ජනසවිය දෙන්න බලපු එකම සුදුසුකම අඩු ආදායම්ලාභී වීම පමණයි.එදා ජනසවිය දෙන කොට මේ රටේ ඉස්සෙල්ලාම  දුන්නේ නිවිතිගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඇලපාතටයි.මම දැක්කා සමහර අය කියනවා තවත් ලක්ෂ 06 කට සමෘද්ධිය දෙන්නේ පසුගිය කාලය තුළ දුප්පත්කම වැඩි වෙලා නිසාලු.

අපි මේ සමෘද්ධිය දෙන්නේ අඩු ආදායම්ලාභි අයට විතරයි.ඒත් එදා ලක්ෂ 14 කට දුන්නේ දුප්පත්කම බලලා විතරක් නෙවෙයි.එදා දේශපාලන හිතවත්කම මත ව්‍යාපාරකයින් රාජ්‍ය සේවකයින් සමෘද්ධිය ලබා ගත්තා.සමීක්ෂණයක් තියෙනවා ඒ ලක්ෂ 14 න් ලක්ෂ 06 ක්ම සමෘද්ධිය ගන්න සුදුසු නැහැ කියලා .නමුත් අපි ඒ අයගේ සමෘද්ධිය කපන්න කටයුතු කළේ නැහැ.මේකේ දේශපාලනයක් තියෙනවා නම් ඒ ලක්ෂ 06 කපලා තමයි දෙන්න ඕන.නමුත් එහෙම දේශපාලනයක් නැහැ.

එදා සමහර නිලධාරීන්ට දේශපාලන අවශ්‍යතා අනුව දේශපාලන බලධාරීන්ගේ උපදෙස් අනුව කටයුතු කරන්න වුණා.සමෘද්ධි නිලධාරීන්ටත් ගැටළු තියෙනවා.සමහර අයට තමන්ගේ තනතුර ස්ථිර නැහැ.සමෘද්ධිය ලබාගත් අයට එදා දේශපාලන රැස්වීම්වලට යන්න සිදු වුණා.

රාජපක්ෂ මහත්තයා රුපියල් ලක්ෂ 1054 ක් රජයට ණයයි මැතිවරණ කාලේ ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස් පාවිච්චි කරලා.මේ ආණ්ඩුව දේශපාලන පළි ගැනීම් කරන ආණ්ඩුවක් නෙමෙයි හරි දේ හරියට උපරිම ආකාරයට කැප වෙනවා.සහනාධාර ලබා දෙනවා කියන එක අපි වගේ රටවල්වල විතරක් නෙමෙයි එංගලන්තය ඇමෙරිකාව ජර්මනිය ස්වීඩනය වගේ රටවලත් දෙනවා.සමහර අය කියනවලු ඒ අය ආවහම සමෘද්ධිය කපනවා කියලා.

එහෙම කපන්න බැහැ .අපි දීලා තියෙන්නේ සුදුසුකම තියෙන අයට විතරයි.ඔන්න බලන්න ඔය කථාවලින් පේනවා නේද වෛරය හා කුහකකම.අපි පළිගන්න කාගේවත් සමෘද්ධිය කපන්නේ නැහැ.අපි මේ සහනාධාර ලබා දෙනවා සමෘද්ධිය දෙනවා කියලා 2015 ජනවාරි 08 වැනිදාට ඉස්සෙල්ලා කිවුවේ නැහැ.අපි කිවුවේ මාධ්‍ය නිදහස ඇති කරනවා කියලා .අධිකරණයේ ස්වාධීනත්වය ඇති කරනවා කියලා.

අපි දන්වා එදා රජ්ජුරුවන්ගේ මාධ්‍ය නිදහස කොහොමද කියලා .ඒක රටේ ජනතාව දන්නවා.අද පෞද්ගලික නාලිකා බලන්න .වැඩිපුරම කරන්නේ ජනාධිපතිතුමාව අගමැතිතුමාව අමාත්‍ය මණ්ඩලය එහෙමත් නැත්නම් රජයේ වැඩ පිළිවෙළක් විවේචනය කරන එකයි.

බොරු ප්‍රචාර මවනවා.අද තියෙන මාධ්‍ය නිදහස නිසාම නොයෙකුත් විදිහේ බොරු අසත්‍ය ප්‍රචාර යවනවා.හැබැයි අද වගේ නොවෙයි එදා තිබුණේ මාධ්‍ය මර්දනයක්.එදා ඒ අයගේ මතයට එරෙහි වුණා නම් සිද්ධ වුණේ රණයයි.එහෙමත් නැත්නම් අතුරුදහන් කළා.එහෙමත් නැත්නම් මාධ්‍ය ආයතන ගිනි තැබුවා.එදා මේ රටේ වුනු බරපතලම වංචාවක් තමයි 2007 සිදු වුනු මිග් යානා ගනුදෙනුව.

ඒක ලිවුවා කියලා සන්ඩේ ලීඩර් පුවත් පතේ කර්තෘ ලසන්ත වික්‍රමතුංගව 2008 ජනවාරි 08 වැනිදා මහ මඟ මරා දැම්මා.ප්‍රගිත් එක්නැලිගොඩ අතුරුදහන් කළා.අද මාධ්‍ය නිදහස ඇති කරලා කථා කිරීමේ අයිතිය ලබාදීලා  යෙනවා.අද අධිකරණය ස්වාධීනයි.නීතිපති දෙපාර්තමේන්තුවට කාටවත් ඇඟිලි ගහන්න බැහැයැයි ද අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.

 

  1. මැතිවරණ පැරදුණ අය රට ආපස්සට අදින්නේ මොන රටේද ?
  2. දේශපාලන ස්ථාවරත්වය තහවුරු කළ හැකි නායකයෙක් රටට අවශ්‍යයි - කරූ
  3. රනිල් ඉන්න බංකුවකවත් ඉඳගන්නේ නැහැ
  4. මුස්ලිම් ජනතාව අසරණයි ඒකයි අපි ඉල්ලා අස්වුණේ
  5. කබිර්ලා හකීම්ලා ෆවුසිලාත් දැන් සිටින්නේ ත්‍රස්තවාදීන්ගේ ගොඩේ
  6. ඊබ්‍රහීම් සමග අපිට ඉතා දිගු දේශපාලන සම්බන්දකමක් තිබෙනවා
  7. දේශපාලනයට එන්න තුන් හිතකවත් නෑ
  8. ජාතික ආරක්ෂාවට ශ්‍රීලනිපයෙන් යෝජනාවලියක්
  9. අපේ ආණ්ඩුවක රිෂාඩ්ට නම් ඉඩක් නෑ
  10. ජවිපෙ විශ්වාසභංගය ආණ්ඩුව හා රිෂාඩ් බේරා ගැනීමටයි
  11. දෙමළ සමාජය තල්ලු වූ තැනටම මුස්ලිම් සමාජයත් තල්ලු කළ යුතු නැහැ
  12. හරි හමන් මාධ්‍ය ප්‍රකාශකයෙක් හිටියානම් මෙච්චර වැරදි තොරතුරු රට පුරා යන්නේ නෑ
  13. ෂරියා විශ්වවිද්‍යාලය අත්පත් කරගෙන ආරක්ෂක විශ්වවිද්‍යාලයක් කළ යුතුයි
  14. මුස්ලිම් අන්තවාදය මඩින්න පස් වැදෑරුම් ක්‍රමයක් තියෙනවා
  15. ජාතික ආරක්ෂක මණ්ඩල හිටපු ප්‍රධානීහු මහින්දගේ ප්‍රධානත්වයෙන් රැස්වෙති
  16. මේ බෝම්බ සිද්ධියේදී අපේ පැත්තට ඇඟිල්ල දිගුවීමේ අසාධාරණයක් නෑ
  17. එජාපයේ ජනපති අපේක්ෂකයා හරියටම කවුද?
  18. ඇමෙරිකානු පුරවැසිභාවය ගැන ගෝඨා තවමත් කල්මරන්නේ ඇයි?
  19. ජනපතිගේ ධුර කාලය අවසන් වන්නේ 2020 ජනවාරිද? ජුනි ද?
  20. අපි කියපු කිසිදෙයක් විදුලිබල මණ්ඩලය කරලා නැහැ විදුලි අර්බුදයට හේතුව ඒකයි
  21. ජනාධිපති අපේක්ෂකයා කවුද කියලා මහින්ද තවම කියලා නැහැ
  22. ජනපති අපේක්ෂක තීන්දුව නව පෙරමුණ විසින් ගන්නවා
  23. හොඳ ‍පොදු අපේක්ෂකයෙක් සොයා ගැනීම එ.ජා.ප.යට එතරම් අමාරු නැහැ
  24. මේ ආණ්ඩුව තිබුණොත් ලංකාවට ගැලවීමක් නෑ
  25. ගෝඨාභය ජනපති අපේක්ෂකයා කරන්න තීන්දුවක් ගෙන නෑ

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.