lakbima.lk

එක්සත් ජාතික පක්ෂය එළැඹෙන 05 වැනි දින බිහි කරන නව පෙරමුණෙහි සාමාජිකයකු වීමේ බලාපොරොත්තුවක් තවම  නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් හිටපු අමාත්‍යය පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය. ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ  අනුරාධපුරයේ පැවති සාකච්ජාවකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කීපයකට පිළිතුරු ලබා දෙමින්ය.


ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙලෙහි ප්‍රගතිය සම්බන්ධයෙන් විශේෂ සාකච්ජාවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම්  හිටපු අමාත්‍යය පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මැතිතුමන්ගේ සහභාගීත්වයෙන් අනුරාධපුර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි.


අනුරාධපුර දිස්ත්‍රික් නායක ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක හිටපු අමාත්‍යය පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා ඇතුළු අනුරාධපුර දිස්ත්‍රික්කයේ සියලු ආසන වල ආසන සංවිධායකවරුන් හා පළාත් පාලන ආයතන මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වයෙන් මෙම සාකච්ජාව පැවැත්විණි.


එහිදී ඉදිරියේ පැවැත්වෙන ඕනෑම මැතිවරණයක ජයග්‍රහණය සදහා සූදානම් වීම හා පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු සම්බන්ධයෙන් සාකච්ජා කෙරිණි.

එම සාකච්ජාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ  හිටපු අමාත්‍යය පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වන විට සම්පූර්ණයෙන්ම ජනාධිපතිවරණයට සූදානම්. අපි මේ දැනුත් ඒ සඳහා තමයි සූදානම් වෙන්නේ. ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රටට ගැලපෙන හොඳ තීරණයක් ගන්න පුළුවන්කම තියෙනවා. අපට ජනාධිපති අපේක්ෂකයා ලෙස  අර නම - මේ නම කියලා නම් කරන්න විශේෂයක් නෑ.

මෛත්‍රීපාල සිරිසේන මහතා මේ රටේ ජනාධිපති. එතුමාට තවත් වරක් ඉල්ලන්නත් ව්‍යවස්ථාවෙන් පුළුවන්කමක්  තියෙනවා. එතුමා තමයි අපේ අපේක්ෂකයා බවට පත් වෙන්නේ.

එක්සත් ජාතික පක්ෂය හා පොදු ජන පෙරමුණත් ජනාධිපති අපේක්ෂකයින්ගේ නම් යෝජනා කරමින් තිබෙනවා.ඒ කවුරුත් අපිට අභියෝගයක් කර ගන්න අවශ්‍යතාවක් නෑ.   අපි මැතිවරණයට සූදානම් වෙනවා. බලමු මැතිවරණයේදී ජනතාවනේ තීරණය කරන්නේ.


එහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් හිටපු අමාත්‍යයල පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා


ජනාධිපතිවරණයට තමයි අපි මේ සූදානම් වෙන්නේ දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට ආසනයෙන් ආසනයට අපි යනවා. අපේ සංවිධාන ජාල ගොඩනගනවා. හැමගමකම අපි විදිමත් සංවිධාන ජාල ගොඩනගමින් යනවා.

ලංකාව පුරාම ආසන 162 හිම අපි අපේ පක්ෂයේ ශක්තිය ඉදිරියට ගෙනයන වැඩපිළිවෙල අපි කර ගෙන යනවා.ඒ වගේම ඉදිරි ජනාධිපතිවරණයේදී අපේ පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා  වත්මන් ජනාධිපතිතුමා විය යුතුයි කියන මතයේ ඉන්නවා.

අනාගතයේ එතුමා ඉදිරිපත් වන්නේ නෑ කියලා තාම අපිට කියලා නෑ. එතුමා ඉල්ලන්නේ නැත්නම් ඊළඟට ගන්න පියවර මොකක්ද කියලා එතුමත් අපි සියලු දෙනාත් එකට එකතු වෙලා ගන්න ඕන තීන්දුවක්. එතනින් පස්සේ තමයි අපි ගන්න තීන්දුව - තීරණය ඉදිරියට ක්‍රියාත්මක කරන්නේ.

ජනාධිපතිවරණයට ඉල්ලනවා කියලා වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කලොත් හෙට උදේ ඉඳලා බැහැලා අපි වැඩේ කරනවා.

ඉල්ලන්නේ නැත්නම් කවුරු එක්කද අපි වැඩ කරන්නේ කියලා පක්ෂයක් ලෙස තීන්දුවක් ගන්නවා.
ඒ වගේම මම නම් කියන්නේ වහාම පළාත් සභා මැතිවරණය ඉස්සරලා තියන්න කියලා.   එතකොට එක තීරණයකට අපිට යන්න පුළුවන්.

ඔක්කොම ඉල්ලන්නේ පළාත් සභා මැතිවරණයනේ මැතිවරණ තිබ්බේ නෑ කියලා ආණ්ඩුවටත් බණිනවානේ.

ජනාධිපතිතුමාට අපි කියන්නේ කරුණාකරලා පළාත් සභා මැතිවරණය ඉස්සරලා ගේන්න පළාත් සභා මැතිවරණයෙන් අපි පටන් ගමු.ඊළඟට තීරණය කරමු ජනාධිපතිවරණය කොහොමද එන්නේ කියලා.

පොදු ජන පෙරමුණෙන් ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කරන ගෝඨාභය රාජපක්ෂ මහතාට අපි කිසිම භයක් නෑ. අපි එතුමා හොඳට අදුරනවා. හොඳ නායකයෙක්  අපේ හිටපු ආරක්ෂක ලේකම්තුමා අපිට කිසි ප්‍රශ්නයක් නෑ .එතුමා එක්ක ජනාධිපති අපේක්ෂකයෙක් ඉදිරිපත් කරලා එක පක්ෂයකට එයාව ජනාධිපති කරන්න බෑ.

ඒ නිසා තමයි මහා පෙරමුණු හදන්නේ එක්සත් ජාතික පක්ෂය ලබන 05 වැනිදා ඔක්කොම එකතු කරලා පෙරමුණක් හදනවා.

පෙරමුණක් හදන කොට පෙරමුණේ නායකයා තීරණය කරනවා මිසක් එක පක්ෂයකට බෑ තීරණයක් ගන්න අපේ ජනාධිපති අපේක්ෂක මෙයා තමුසෙලා කැමති නම් ඇවිත් අපිත් එක්ක වැඩ කරනවා කියලා එහෙම කියන්න බෑ.

මෛත්‍රීපාල සිරිසේන මහතා පහුගිය ජනාධිපතිවරණයට තරඟ කරන කොට සංවිධාන 49 ක් එකතු කර ගත්තා එතුමා ඒ වගේම පක්ෂ ගණනාවක් එකතු වෙලා ඒ ගොල්ල තමයි තීරණය කලේ මෙතුමා තමයි පොදු අපේක්ෂකයා කියලා.

මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ නම යෝජනා වුණෙත් එහෙම තමයි. ඒ නිසා අලුත් ජනාධිපති අපේක්ෂක කියලා වෙන විකල්පයක් නෑ. දැන් තියෙන තත්වය අනුව රට තියෙන්නේ ඉතාම නරක තැනක.එක් කේාටි විසි හත් ලක්ෂයක් - එක්කෝටි තිස් ලක්ෂයත් අතර ඡන්ද වැටෙයි ඉදිරි ජනාධිපතිවරණයේදී  ඒකෙන් ලක්ෂ 65 ක් ජන්ද ගන්න ඕන කිසිම පක්ෂයක් ජන්ද ලක්ෂ 65 ක් අරන් නෑ ලක්ෂ 50 ක් 60 ක් ගත්තා මිසක් 65 ක් අරන් නෑ. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පහුගිය මැතිවරණයේදී ගත්තේ ලක්ෂ 50 යි තව ලක්ෂ 15 ක් එකතු කර ගන්න ඕන අපි වීජ ගණිතය නෙමෙයි අංක ගණිතය අනුව කථා කරන්නේ.

අර ඩිලාන් පෙරේරා කියලා තිබුණා මමයි හිටපු ලේකමුයි කේලමුයි වීජ ගණිතයෙන් ගණන් හදන්නේ කියලා කියලා තිබුණා.අපි නම් වීජ ගණිතයෙන් නෙමෙයි අංක ගණිතයෙන් වැඩ කරන්නේ.හරියට අපේ ටිකයි පොදු ජන පෙරමුණයි එකතු කර ගෙන අනෙක් අයත් එකතු කර ගත්තොත් දිනන්න පුළුවන්.

කවුරු හරි හිතනවා නම් අපේක්ෂකයා නම් කරලා ඉවර වෙලා කැමති නම් මෙයාට වැඩ කරන්න කියලා එහෙම නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කල්පනා කරනවා කොහොමද අපි වැඩ කරන්නේ කියලා.

එක්සත් ජාතික පක්ෂය ලබන 05 වැනි දින හදන අලුත් පෙරමුණෙහි සාමාජිකයකු වීමේ බලාපොරොත්තුවක් තවම නෑ. අපි තවමත් ස්ථාවරව පක්ෂය විදිහට තීන්දුවක් අර ගත්තේ නෑ. නමුත් අපි පක්ෂයේ සංවිධාන ශක්තිය හදනවා ඕනෑම මැතිවරණයකට මුහුණ දෙන්න පුළුවන් විදිහට එතනින් පස්සේ අපි තීන්දුවක් ගන්නවා කොහොමද අපි ඉස්සරහට යන්නේ කියලා පළමුව අපිට අපේ රට වැදගත් වෙන්නේ දෙවනුව පක්ෂය වැදගත් නෑ.

ප්‍රථිපත්තිමාලාවක් තුළ අපි ඉදිරියට යන්න ඕන.  රට ගොඩගන්න පුළුවන් කාටද කියන එක ගැන යම් අදහසක් තියාගෙන අපි ඉදිරියට යන්න ඕන. ඒ නිසා අපිට පවුල් වාදයත් අවශ්‍යය නෑ. ගජමිතුරුවාදයත් අපිට අවශ්‍යය නෑ. අපිට ඕන හොඳට මේ රට හදන්න පුළුවන් වැඩපිළිවෙලක් තියෙන හොඳ සන්ධානයක් හදාගන්න එක ඒකට අපි සියලු දෙනාම මහන්සි වෙනවා.

එහිදී අදහස් දැක්වූ  ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක හිටපු අමාත්‍යය පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා.

පක්ෂයේ මහ ලේකම්තුමා අවශ්‍යය කාරණා ටික කිව්වාල අවසාන වශයෙන් කියන්න තියෙන්නේ කෙසේ හෝ ඉදිරි ජනාධිපතිවරණය පවත්වන කොට පත්වන ජනාධිපතිවරයා කවුද කියලා කියන තීරණාත්මක බලවේගය වෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි කියලා ඉතාම ස්ථාවරව කියන්න පුළුවන්කම තියෙනවා.

ලේකම්තුමා ඉතා  හොඳින් ගණන් මිනුම් පෙන්නුවා ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙ සහයෝගය නොමැතිව කවුරු මොන විදිහට මේ වෙලාවේ පළාත් පාලන මැතිවරණයේ සංඛ්‍යාලේඛණ වෙන්න පුළුවන් තමන්ට හිතෙන විදිහ අනුව වෙන්න පුළුවන් කෙසේ හිතුවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තමයි ඉදිරියේදී තීරණාත්මක බලවේගය බවට පත් වෙන්නේ ඉදිරි ජනාධිපතිවරයා කවුද කියන කාරණාවේදි ඒක අපි ඉතාම පැහැදිලිව කියනවා.

ඒ වෙනුවෙන් තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වන විට ප්‍රථිසංවිධාන වැඩකටයුතු ආරම්භ කරලා ඉතාම සාර්ථකව සියලුම ආසන සංවිධායකතුමන්ලා ප්‍රාදේශිය සභාවන්ට පත් වුණ මන්ත්‍රීතුමන්ලා මන්ත්‍රීතුමියන්ලා  අපේ අපේක්ෂකතුමන්ලා - අපේක්ෂකුතමියන්ලා  ලංකාව පුරා ජනාධිපතිතුමන් පත් කළ එතුමන්ගේ නියෝජිතයෝ සිටිනවා.

නව දහස් ගණනක් මේ සියලු දෙනාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් කැප වෙන කට්ටිය ඒ නිසා ඉදිරි ජනාධිපතිවරණයේදී තීරණාත්මක බලවේගය බවට පත් වෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයගමහා බලවේග තියනවා වෙන්න පුළුවන්.

නමුත් තීරණාත්මක බලවේගය වෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය.ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයෙක් ඉදිරිපත් විය යුතුයි කියන කාරණාව අපි ඉතාම පැහැදිලිව පක්ෂයක් විදිහට කියන කාරණයක් ඒක ඉදිරියේදී අපි සන්ධානගත වීම මත මොකක්ද අපේ එකඟතාවය කියලා තවම අපිට කියන්න බෑ.

නමුත් පක්ෂයක් ලෙස ගත්තම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේ බලාපොරොත්තුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ජනාධිපති අපේක්ෂකයෙක් ඉදිරිපත් විය යුතුයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවක් හැදිය යුතුයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පළාත් සභාවන් හැදිය යුතුයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙවර පළාත් පාලන මැතිවරණය  පරාජය වුණත් ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජයග්‍රහණය කළ යුතුයි කියන එක තමයි පක්ෂයක් විදිහට අපේ මතය.

මෙම අවස්ථාවට මහා සංඝරත්නය අනුරාධපුර හොරොව්පතාන ආසන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක හිටපු අමාත්‍යය පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මිහින්තලය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක හිටපු පළාත් සභා අමාත්‍යය ආණ්ඩුකාර පුද්ගලික ලේකම් සරත් ඉලංගසිංහ මැදවච්චිය ආසන සංවිධායක හිටපු අමාත්‍යය තිස්ස කරල්ලියද්ද මහතා ඇතුළු ආසන සංවිධායකවරුන් ඇතුළු මන්ත්‍රීවරුන් හා මන්ත්‍රීවරියන් පිරිසක් සහභාගී වූහ.

තිසර සමල් - අනුරාධපුර  
 

  1. ඩබල් ගේම්, ඩීල් නැහැ
  2. GMOA ත්‍රස්තවාදීන් මෙන් හැසිරෙනවා - සුව ඇමැති
  3. මේ ආණ්ඩුව දේශපාලන පළි ගැනීම් කරන ආණ්ඩුවක් නෙමෙයි
  4. මැතිවරණ පැරදුණ අය රට ආපස්සට අදින්නේ මොන රටේද ?
  5. දේශපාලන ස්ථාවරත්වය තහවුරු කළ හැකි නායකයෙක් රටට අවශ්‍යයි - කරූ
  6. රනිල් ඉන්න බංකුවකවත් ඉඳගන්නේ නැහැ
  7. මුස්ලිම් ජනතාව අසරණයි ඒකයි අපි ඉල්ලා අස්වුණේ
  8. කබිර්ලා හකීම්ලා ෆවුසිලාත් දැන් සිටින්නේ ත්‍රස්තවාදීන්ගේ ගොඩේ
  9. ඊබ්‍රහීම් සමග අපිට ඉතා දිගු දේශපාලන සම්බන්දකමක් තිබෙනවා
  10. දේශපාලනයට එන්න තුන් හිතකවත් නෑ
  11. ජාතික ආරක්ෂාවට ශ්‍රීලනිපයෙන් යෝජනාවලියක්
  12. අපේ ආණ්ඩුවක රිෂාඩ්ට නම් ඉඩක් නෑ
  13. ජවිපෙ විශ්වාසභංගය ආණ්ඩුව හා රිෂාඩ් බේරා ගැනීමටයි
  14. දෙමළ සමාජය තල්ලු වූ තැනටම මුස්ලිම් සමාජයත් තල්ලු කළ යුතු නැහැ
  15. හරි හමන් මාධ්‍ය ප්‍රකාශකයෙක් හිටියානම් මෙච්චර වැරදි තොරතුරු රට පුරා යන්නේ නෑ
  16. ෂරියා විශ්වවිද්‍යාලය අත්පත් කරගෙන ආරක්ෂක විශ්වවිද්‍යාලයක් කළ යුතුයි
  17. මුස්ලිම් අන්තවාදය මඩින්න පස් වැදෑරුම් ක්‍රමයක් තියෙනවා
  18. ජාතික ආරක්ෂක මණ්ඩල හිටපු ප්‍රධානීහු මහින්දගේ ප්‍රධානත්වයෙන් රැස්වෙති
  19. මේ බෝම්බ සිද්ධියේදී අපේ පැත්තට ඇඟිල්ල දිගුවීමේ අසාධාරණයක් නෑ
  20. එජාපයේ ජනපති අපේක්ෂකයා හරියටම කවුද?
  21. ඇමෙරිකානු පුරවැසිභාවය ගැන ගෝඨා තවමත් කල්මරන්නේ ඇයි?
  22. ජනපතිගේ ධුර කාලය අවසන් වන්නේ 2020 ජනවාරිද? ජුනි ද?
  23. අපි කියපු කිසිදෙයක් විදුලිබල මණ්ඩලය කරලා නැහැ විදුලි අර්බුදයට හේතුව ඒකයි
  24. ජනාධිපති අපේක්ෂකයා කවුද කියලා මහින්ද තවම කියලා නැහැ
  25. ජනපති අපේක්ෂක තීන්දුව නව පෙරමුණ විසින් ගන්නවා

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.