lakbima.lk

ජවිපෙ විශ්වාසභංගය ආණ්ඩුව හා රිෂාඩ් බේරා ගැනීමටයි

විශ්වාසභංගයට මොකක් වෙයිද?

රිෂාඩ් බදුර්දීන්ට එරෙහිව අද මුලු රටම කතාකරනවා. ඒ වගේම පක්ෂ විපක්ෂ දේෂපාලනඥයින් රැසක් ද ඔහුට විරුද්ධව අද කතා කරනවා.එවැනි තත්ත්වයක් මත මෙම විශ්වාසභංගය ජයග්‍රහණය කිරීමට අපට හැකියාව තිබෙනවා.

ඔය විශ්වාසභංගයට විපක්ෂනායකවරයා අත්සන් නොක‍ලේ ඇයි ?

විශ්වාසභංගයක් භාර දෙන්න විපක්ෂ නායකවරයා අත්සන් කලයුතු නැහැ. විශ්වාසභංගයක් කථානායකවරයාට භාර දෙන්න අත්සන් 6 ක් තිබුණාම ඇති. නමුත් මෙම විශ්වාසභංගයට අත්සන් 60 ට වඩා ලැබුණා. එයින් පැහැදිලියි මේ විශ්විසභංගයෙන් ආණ්ඩුව ඉවරයි කියලා.

ඇමතිවරයෙකුට එරෙහිව විශ්වාසභංගයක් ජයගත්තා කියලා ආණ්ඩුව අවසන් වෙන්නේ කොහොමද?

අගමැති රනිල් රිෂාඩ්ව රකින්නේ ආණ්ඩුවේ 113 ආරක්ෂා කරගන්නයි. රිෂාඩ්ගේ පක්ෂයට මන්ත්‍රීධූර 6 ක් තිබෙනවා. රිෂාඩ් පැරදිලා ඔහුගේ පක්ෂය ආණ්ඩුවෙන් ඉවත්වුණාම අණ්ඩුවේ 113 නැති වෙනවා.. ඊට පස්සේ ආණ්ඩුව ගෙදර.

ඔය වගේ හීන තමුන්නාසේලා මීට පෙරත් දැක්කා නේද අගමැතිට එරෙහිවත් විශ්වාසභංගයක් ගෙනල්ලා නිකම්ම නිකම් පරාදවුණා දැන් එය අමතකද?

අගමැතිට එරෙහි විශ්වාසභංගය පරාද ක‍ලේ අපේම පිරිසක්නෙ. එයින් ජනතාව දැනගත්තා මේ පරගැති ආණ්ඩුවත් රටට සහ රටේ දරුවන්ට ආදරය නොකරන රනිල් වික්‍රමසිංහව ආරක්ෂා කරන්නේ කවුද කියලා. ඒ නිසා මම නම් හිතන්නේ අගමැතිට එරෙහිව අපි ඉදිරිපත් කල විශ්වාසභංගයෙනුත් අපි දිනුවා කියලයි.

කොහොම වුණත් විශ්වාසභංගය පරාදවෙන තත්ත්වයකුත් තිබෙනවා නේද?

විශ්වාසභංගයට පක්ෂව කිසියම් කෙනෙක් අත ඉස්සුවොත් ඔහු කවුරුවුණත් අපිට කියන්න වෙන්නේ ත්‍රස්තවාදියෙක් කියලයි.

තමුන්නාසේ මොනවා කිවුවත් රිෂාඩ් බදුර්දීන්ට එරෙහිව ඉදිරිපත්වන කිසිම චෝදනාවකට ඔහු වැරදිකරුවෙක් වෙලා නැහැනේ.

චෝදනාවලට වැරදිකරුද නිවැරදිකරුද කියලා ඔප්පු කරගන්න එම චෝදනා පිළිබඳව පරීක්ශණයක් පැවැත්විය යුතුයිනේ. රිෂාඩ්ට එරෙහිව මේතරම් චෝදනා ඉදිරිපත් වෙද්දිත් ආණ්ඩුව එම චෝදනා පිළිබඳව කතා නොකර සිටීම ඔබට පශ්ණයක් නෙමේද, විපක්ෂයේ මන්ත්‍රී කෙනෙකුට මෙහෙම චෝදනා ඉදිරිපත් වුනානම් මේවන විට කීවතාවක් ප්‍රශ්ණකරලද පුලුවන්නම් හිරෙත්දාලා..

තමුන්නාසේලා මේ හරහා කරන්නේ දේශපාලනය නෙමේද?

අපිට දේශපාලනය අමුතුවෙන් කරන්න දෙයක් නැහැ. මුලු රටම වෙච්චි වැරදි හදාගෙන මහින්ද සමග නැගිටින්න දැන් ලෑස්තියි.. ඒ නිසා විශ්වාසභංගවලින් අපිට අමුතු ජයක්ග්‍රහනයක් ලබන්න අවශ්‍ය නැහැ. අවුරුදු 10 ක් මහින්ද චින්තනයෙන් අපි ගොඩ නගපු රට මේ යහපාලන ආණ්ඩුව ඇවිල්ලා විනාශ කරපු එකයි අපිට දුක.. අහින්සක මිනිස් ජීවතත් එක්ක සෙල්ලම් කරපු මේ ආණ්ඩුවට සමාවක් දෙන්න අපිට පුලුවන්ද. ආණ්ඩුව තවදුරටකත් බලයේ ඉන්න කරන සෑම උත්සාහයක්ම විනාශ කිරීමයි අපගේ අරමුණ. එය අපගේ ජාතික වගකීමක්. මේ අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව මේ අන්තවාදී මුස්ලිම් ඇමැතිවරුන්ට එරෙහිව පියවරක් ගත්තනම් අපිට මෙහෙම විශ්වාසභංග ඉදිරිපත් කරන්න අවශ්‍ය නැහැ. මේ ආණ්ඩුව රිෂාඩ්ව ආරක්ෂා කරන බව මුලු රටම දන්නවා

රිෂාඩ්ලව දේශපාලනයට ගෙනල්ලා කිරි පෙව්වේ තමුන්නාසේලාගේ පක්සය නේද. එහෙම තිබියදී ඹබ කියන්නේ ආණ්ඩුව ඔහුව ආරක්ෂා කරන බවයි..ඒ නිසා මෙවැනි පුද්ගලයින් දේශපාලනයට ගෙනාපු තමුන්නාසේලාට මේ චෝදනාවලින් ගැලවෙන්න පුලුවන්ද?

රිෂාඩ්ව අපි දේශපාලනයට ගෙනාපු එක ඇත්ත.. නමුත් ඔවුන්ට අපගේ පක්ෂයේ ප්‍රතිපත්තිවලට පිටින් වැඩකරන්න බැරිවුණා. ඒ වගේම ඔහු මුල්කාලයේ මේ වගේ ව්‍යාපර ක‍ලේ නැහැ. මට මතකයි ඔහු ඉස්සෙල්ලාම අපිව හමුවෙන්න මන්නාරමේ ඉදන් කොළඔ ආවේ බයිසිකලයෙන්. මම ඇහුවා යන්න සල්ලි තියෙනව ද කියලා. එක්සත් ජාතික පක්ෂයේ විදේශ ගැති ප්‍රතිපත්ති මතයි මේ අන්තවාදි දේශපාලඥඳයින් ‍පෝෂණය වුණේ.. මෙච්චර චෝදනා ඇවිල්ලත් එක්සත් ජාතික පක්ෂය මේ මුස්ලිම් ඇමතිවරුන්ට එරෙහිව එක වචනයක්වත් කතා කරන් නැහැ.. හැබැයි අපි එලිපිට ඔවුන්ට විරුද්ධව කතා කරනවා.. විශ්වාසභංගයෙන් රිෂාඩ්  පැරදුණම හරි ආණ්ඩුව රිෂාඩ්ට එරෙහිව නීතිය ක්‍රීයාත්මක කල යුතුයි. එදා බයිසිකලයෙන් කොළඔ ආපු රිෂාඩ් අද වන විට ආසියාවේ ලොකුම කෝටිපතියා වෙලා.ඇයි ආණ්ඩුව මේ ගැන හොයන් නැත්තේ

ඔබට සෘජුවම කියන්න පුලුවන්ද රිෂාඩ් බදුර්දීන් මුස්ලිම් අන්තවාදයට සම්බන්දයි කියලා

මම මොකටද අමුතුවෙන් කියන්නේ මුලු රටම කියන්නේ රිසාඩ් විතරක් නොවෙයි, එක්සත් ජාතික පක්ෂය තුල ඉන්න මුජුබර් රහුමාන්ලා ඇතුලු තවත් ඇමැතිවරු කිහිප දෙනෙක්ම මුස්ලිම් අන්තවාදයට සම්බන්ධ බවයි. ඒ වගේම ආණ්ඩුකාර හිස්බුල්ලාටත් මොනතරම් චෝදනා තිබෙනවද.. මෙයාල සියලු දෙනා අපේ රට කොහාටද අරගෙන යන්න හැදුවේ. ලෝකයටම ඇති එකම සිංහල බෞද්ධ රට මුන්ට විනාශ කරන්න දීලා අපිට බලාගෙන ඉන්නද කියන්නේ.

ඔබ ඔය කියන කිසිදු මුස්ලිම් දේශපාලඥයෙක් මුස්ලිම් අන්තවාදයට සම්බන්ධයි කියලා සාක්ෂි තිබෙනවද?

මඩකලපුවේ ශරියා විශ්විද්‍යාලය මොකක්ද. ඉන් ඉගැන්නුවේ මුස්ලිම් අන්තවාදය නෙමේද.  මාරාගෙන මැරෙන බෝම්බයක් පුපුරාගෙන මියගිය එක්  පුද්ගලයෙකුගේ  පියෙකු වූ මොහොමඩ් ඊබුහීම්, රිෂාඩ්ගේ ‍ලේකම් කෙනෙක් නෙමේද. අන්තවාදී මුස්ලිම් සංවිධානවලට මේ තරම් ශක්තිමත්ව ගොඩනැගෙන්න අපිද උදව් ක‍ලේ.

තමන්ගේ ආගම මුල්කරගෙන අන්තවාදීන් සංවිධානය වෙනකොට ඔවුන්ට එරෙහිව පලමුවෙන්ම කතාකරන්න ඔනේ මුස්ලිම් නායකයෝ නෙමේද. මුස්ලිම් නායකයෝ දැන් නිකන් හොටු පෙර පෙර ඇඩුවට වැඩක් නැහැ. බොරුවට දුක්වුණාට වැඩක් නැහැ... බෞද්ධයන් අතරින්  මේ වගේ අන්තවාදයක් යම් ලෙසකින් ගොඩනැගුන නම් අපි ඊට එරෙහිව නැගි සිටින් නැද්ද. අපිට කලින් අපේ හාමුදුරුවෝ එහෙම නම් ඒ බෞද්ධයින්ව මෙල්ල කර ගන්නවා. නමුත් මුස්ලිම් අන්තවාදීන් දැක දැක මොවුන් නිහඬව සිටීම වරදක් නෙමේද.

තමුන්නාසේලාගේ විශ්වාසභංගයට නිදහස් පක්ෂයේ සහය ලැබෙයිද?

ඒ පිළිබඳව විශ්වාසයක් තිබෙනවා. මේ වනවිටත් නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු කිහිප දෙනෙකුම අත්සන් තබා තිබෙනවා.

මොනවා වුණත් පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය නිසා ඒකාබද්ධ විපක්ෂයට දේශපාලන වාසියක් වුණා නේද?

ඒ වගේ පටු විදිහට මෙම ප්‍රශ්ණය අපි දකින්නේ නැහැ. මළමිනී මතින් දේශපාලනය කරන්න අපට අවශ්‍ය නැහැ. ශ්‍රී ලංකා ‍පොදුජන පෙරමුණ මේ රටේ අති බහුතරයක් ජනතාවගේ විශ්වාසය දිනා ගත්තේ මේ බෝම්බ    පිපිරෙන්නට පෙර බව ඕනම කෙනෙක් දන්නවා. අපේ දෑස්මානය ඉදිරිපිට මේ රට විනාශ වෙන්න දෙන්න පුළුවන්ද... විදේශීය හස්තයන්ට ඕන ඕන විදිහට මේ රට විනාශකරන මේ ආණ්ඩුවේ නායකයින්ට ජනතාව ගල් ගහන දවස වැඩි ඈතක නැහැ.

විපක්ෂය පාසල්ගියේ දරුවන්ගේ විශ්වාසය දිනාගන්නද දෙමාපියන්ගේ විහ්වාසය දිනාගන්නද?

මේ ආණ්ඩුවේ පාලකයෝ ලමයින්ව පාසල් එවන්න කිය කිය ඔවුන්ගේ දරුවන් ගෙදර තියාගත්තා. මේ ජනතාවට මේ රටේ ආරක්ෂාව පිළිබඳ සැකයක් ඇතිවුණා. දෙමාපියෝ කවුරුවත් දරුවන්ට වඩා ආදරය කරණ වෙන කාරණයක් තියෙනවද. ඒ නිසා දෙමාපියෝ දරුවන්ව පාසල් එව්වේ නැහැ. ආණ්ඩුව ගැන විශ්වාසයක් නැතිවුණාට අපිට දැන් අපේ ආරක්ෂක අංශ විශ්වාසයි. දරුවන්ට බියෙන් සැකෙන් තොරව පාසල් යන්න බය නැති කරන්නයි මහින්ද රාජපක්ෂ මහතා සමඟ අපිත් පාසල් ගියේ..මේ රටේ ජනතාවට අදටත් මහින්ද රාජපක්ෂ අපේ ජනාධිපතිතුමාව විශ්වාසයි.. තිස් වසරක යුද්ධය අවුරුදු 3 න් අවසන් කල ලෝකයේ සිටින එකම නායකයා ඔහුයි. මාත් පාසල් එනවා කිව්වාම දෙමාපියෝ තම දරුවන්ව බොහොම සතුටින් පාසල් එව්වා

ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගයක් ගෙනඑන්න හදනවා නේද?

ජනාතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවේ කොන්ත්‍රත්තුවක් ඉටුකරන බව අද රටේ සියලුදෙනා දන්නවා..ඔවුන් හදන්නේ අපේ විශ්වාසභංගයෙන් රිෂාඩ් බේරාගන්නයි. ඔය ජනතා විමුක්ති පෙරමුණේ නායකයා පාස්කු ඉරිදා රටේ හිටියෙත් නැහැ.  දිනගනනක් ගිහිල්ලා ලංකාවට ඇවිල්ලා රටේ නායකයෝ සියල්ලන්ටම බනිනවා ප්‍රහාරයට වගකියන්න ඕනේ කියලා. හැබැයි ඊට පස්සේ රනිල් වික්‍රමසිංහගෙ කරට අත දා ගන්නවා. ඒ විතරක් නමෛයි ඔය පක්ෂයේ ජාතික ලැයිස්තුවේ හිටපු කෙනෙක් තමයි මෙහොමඩ් ඊබ්‍රහීම් කියන්නේ. ඔහුගේ පුතුන් දෙදෙනෙක් ,‍ලේලිලා බෝම්බ පුපුරාගෙන මැරුණා.. ජනතා විමුක්ති පෙරමුණේ නායකතුමා ඒ ගැන කතා කරන්නේ් නැහැ. හැබැයි බැරි වෙලාවකවත් ඒ පුද්ගලයා අපේ පක්ෂයක ජාතික ලැයැස්තු මන්ත්‍රී කෙනෙකු වුණෘනම් ඹය නායකතුමා මෙනෙතරම් කෑ ගහයිද

සාකච්ඡාව - පානුක රාජපක්ෂ

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.