lakbima.lk

දේශපාලන ස්ථාවරත්වය තහවුරු කළ හැකි නායකයෙක් රටට අවශ්‍යයි - කරූ

දේශපාලන ස්ථාවරත්වය තහවුරු කළ හැකි නායකයෙක් රටට දැන් අවශ්‍යය බව නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු නියෝජ්‍ය අමාත්‍ය  කරුණාරත්න පරණවිතාන මහතා පවසයි. දේශපාලනයට සෑම ප්‍රශ්නයක්ම විසදන්න බෑ.

හැබැයි දේශපාලනයට බොහෝ ප්‍රශ්න විසදන්න පුළුවන්. ඒ සදහා හොද, ශක්තිමත් දේශපාලන නායකත්වයක් අවශ්‍ය බව නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි. ඔහු මේ බව සදහන් කළේ රත්නපුර ප්‍රදේශයේ අද (20) පැවති ජන හමුවකට සහභාගි වෙමිනි.

නියෝජ්‍ය අමාත්‍යවරයා එහිදී වැඩි දුරටත් මෙසේද සදහන් කළේය.

ඊළගට පත් කර ගන්න ජනාධිපතිවරයා අඩුම තරමින් උසස් පෙළ සමත් වෙලා තියෙන්න ඕන.

අද රටට අවශ්‍ය වෙලා තියෙන්නේ කෙළින් කථා කරන, ප්‍රශ්නයක් වුනාම එහෙට මෙහෙට බොලේ පාස් කරන්නේ නැති, තමන්ගේ උපන්ගෙයි ගොබ්බකම් එළි පිටට පෙන්වන්නේ නැති, නිර්භීතව වැඩ කරන පුද්ගලයෙක්. ඒ විතරක් නෙමෙයි, රටේ ප්‍රශ්න, ලෝකේ ප්‍රශ්න ගැන අවබෝධයක් තියෙන, මේ රටේ ජාතියට, සංස්කෘතිය, ඉතිහාසය ගැන හැගීමක් තියෙන නායකයෙක් අපට අවශ්‍යයි.

ජාතික ආරක්ෂාව තහවුරු කරන්නේ කොහොමද ?. ජාතික සමගිය තහවුරු කරන්නේ කොහොමද?. බිද වැටුණු ආර්ථිකය ගොඩ නගනනේ කොහොමද ?. මහා පරිමාණ ප්‍රශ්නයක් වෙලා තියෙන බල ශක්ති අර්බුදය විසදන්නේ කොහොමද?. අධ්‍යාපනය, පාරිසරික උවදුරු වැනි ප්‍රශ්න නිරාකරණය කරන්න පුළුවන්, නැවුම්ව හිතන දැක්මක් සහිත නායකයකුගේ අවශ්‍යතාව බරපතල විදියට මතු වෙලා තියෙන අවස්ථාවක් මේ රටට දැන් උදා වෙලා යයි ද අමාත්‍යවරයා එහිදි සදහන් කළේය.

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.