lakbima.lk

  • අපේ හාමුදුරුවනේ උපවාසය සාර්ථයිද ?

එය අපි ඉතාම අවිහින්සාවාදීව ගෙනගිය සටනක් .රටෙ නායකයො දෙපල අන්තවාදයට උඩ ගෙඩිදෙන දෙශපාලනඥයින්ට එරෙහිව පියවරක් නොගන්නකොට රටේ ජනතාව තුල ඒ පිළිබඳව ඉමහත් විරෝධයක් ඇතිවුණා. ජනතාවගේ උවමනාවන් මේ නායකයින් තේරුම් නොගත් නිසයි අපිට ඔවුන්ගේ ඇස් ඇරෙන්න උපවාස කරන්න වුනේ. අන්තවාදයට උඩ ගෙඩි දුන් බවට  චෝදනා එල්ලවන අසාද් සාලි. හිස්බුල්ලා වැනි අය තනතුරුවලින් එලවන්නයි අපි උපවාස ක‍ලේ. අවසානයේ සියලු මුස්ලිම් දේශපාලන නියෝජිතයින් එක තැනැකට ගාල්වුණා.

  • ඔබවහන්සේගේ උපවාසයෙන් සියලු මුස්ලිම් මන්ත්‍රීවරු එක තැනකට ගාල් වීම හොඳ දෙයක් කියලද හිතනිනේ.

ඇයි මොකක්ද වරද. චෝදනා තියෙන්නේ දෙතුන් දෙනෙකුට විතරයි. ඒ අයට අයින් වෙන්නකිව්වාම අනිත් අයත් අයින් වෙනවා නම් අපිට හිතන්න වෙන්නේ ඔවුණුත් මේ අන්තවාදයට උදව් වෙන බවයි .අද රටේ බහුතරයක් ජනතාව හිතන්නේ එහෙම.

  • නමුත් ඔබ වහන්සේගේ උපවාසයෙන් රිෂාඩ් බදුර්දීන්ව ඉවත්කර ගන්න බැරිවුණා නේද.

රිෂාඩ්ව ඉවත් කිරීම ජනාධිපතිට කරන්න බහැ. එය අගමැතිගේ වැඩක්. රිෂාඩ් අයින් වුණේ නැත්නම් අපිට ඔහුව පාර්ලිමේන්තුව හරහා ඉවත්කර ගැනීමට හැකියාව තිබණා.

  • මම ඔබ වහන්සේගෙන් අහන්න හිටියෙත් එයම තමයි. රිෂාඩ් එරෙහිව ගෙන එන ලද විශ්වාසභංගය ජය අරගෙන දිනන්න තිබූ සටන ඔබ වහන්සේගේ උපවාසය නිසා අහිමිවී ගියා නේද?

මීට පෙරත් අපි විශ්වාසභංග කීයක් නම් ගෙනාවාද. නමුත් ඒවා නිකම්ම නිකම් යෝජනාවලට විතරක් සීමා වුනා. සමහර විශ්වාභංග කුමන්ත්‍රණවලට හසුවුණා. ඒ නිසා රිෂාඩ්ට එරෙහිව ගෙන එන ලද විශ්වාස භංගයත් සාර්ථක වේයැයි අපිට සැකයක් තිබූණා. එහෙම සැකයක් තියාගෙනද ඔබ වහන්නේ එම විශ්වාසභංගයට අත්සන් ක‍ලේ  මම ඒ විශ්වාසගයට අත්සන් ක‍ලේ අපි මොනතරම් රිෂාඩ්ට විරුද්ධද කියලා පෙන්වන්නයි. අනික අපි ඒ මොහොතේත් උත්සාහ ක‍ලේ විශ්වාසභංගයෙන් මේ මිනිහව එලවලා දාන්නයි.. නමුත් අපිට පෙනීගියා රිෂාඩ්ව ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙලක් ආණ්ඩුව පැත්තෙන් සිද්ධ වෙනවා කියලා . ඒ නිසයි මම තීරණයක‍ලේ මාරාන්තික උපවාසයකින් හෝ මේ සටන ජයගතයුතු බව. ඉතා පැහැදිලිව අපිට ජයගන්න හැකිවුණා

  • ඉවත් වූ මුස්ලිම් මන්ත්‍රීවරු වෙනම සන්ධානයකින් ඉදිරි මැතිවර්ණවලදී තරගයට ආවොත්?

ඉතින් එන්න කියන්නොකෝ. වහබ්වාදයට උදව්කරන කිසිවෙකුත් අපි ඊළඟට හදන කිසිම පාර්ලිමේන්තුවක සිටියයුතු නැහැ. ඒ වගේම තමයි රටේ ජනතාව අන්තවාදයට තල්ලු කරන දකුණේ දේශපාලඥයින් ගැනද එලබෙන මැතිවර්ණවලදී ජනතාවට තීන්දුවක් ගන්න වෙනවා. රටට ආදරය කරණ, මේ මහ‍පොළව ගැන කැක්කුමක් තියෙන, විස රසායානවලින් අපේ රටේ ජනතාව ආරක්ෂා කර ගැනීමට කොන්දක් තියෙන පුද්ගලයෙකුට අපි රට භාර දිය යුතුයි.

  • මුස්ලිම් නියෝජිතයින් නැතිව දකුණේ කවර හෝ නායකයෙකුට ආණ්ඩුවක් පිහිටුවන්න පුළුවන්ද?

ඇයි බැරි. ඔය සියට 10 ක ජනතා ඡන්දය පැත්තකින. දකුණේ සියයට 90 අපි එක මතයකට ගෙනාවොත් අපිට මැතිවරණ දිනන එක මහ දෙයක් නොවෙයි.

  • යම් ලෙසකින් අනාගතයේ බිහිවෙන හෝ ඔබ වහන්සේලා ගොඩනගන ආණ්ඩුවක මුස්ලිම් නියෝජිතයින් වාඩි වුනෝත්.

කිසිසේත් ඒ සඳහා අපි ඉඩතියන් නැහැ රිෂාඩ්ලා අසාද් සාලිලා ඉන්න පාර්ලිමේන්කුවක අපි ඉන්නේ නැහැ. ඒ වි.රක් නොවෙයි අගමැති රනිල් වික්‍රම සිංහ ඉන්න බංකුවකවත් අපි ඉදගන් නැහැ.

  • ඔබවහන්සේලා නේද 2015 රනිල් වික්‍රමසිංහව බලයට ගෙනාවේ.

අපි එය ක‍ලේ  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශක්තිමත් ජනාධිපති කෙනෙකු ලෙස කටයුතු කරයි  කියලා විශ්වාසයෙනුයි. අන්තිමට සිරිසේන ජනාධිපතිතුමා රනිල්ගේ උවමනාවට වැනෙන කොන්දක් නැති නායකයෙකු වූනා. අද මේ රටේ සිදුවී ඇති සියලු ව්‍යසනයන්ට ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් වගකිව යුතුයි. නිකන් පහල නිලධාරීන්ට ඇගිල්ල දිගුකරලා මෙ ප්‍රශ්ණය විසඳන්න බැහැ.

  • අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ කලකිරිලද ඉන්නේ...

කිසිම කලකිරීමක් නැහැ. මම කිසිම දවසක කලකිරෙන කෙනෙක් නොවෙයි.  මම ඔබගෙන් අසුවේ 2015 වසරේ නව රජය බලයට ගෙන ඒම පිළිබඳව කනගාටුවක් තියෙනවද කියලයි. ඇත්තටම අපි කබලෙන් ලිපට වැටුනා වගේ දෙයක් වුනේ .. අපි බලා‍පොරොත්තුවූ කිසිම දෙයක් අපිට කරගන්න බැරිවුණා. ලක්ෂ 62 ක ඡන්දයකටයි මෙ අය ද්‍රෝහිකම්කරන්නේ.

  • වත්මන් ආණ්ඩුවට වඩා ගිය ආණ්ඩුව හොඳනැද්ද හාමුදුරුවනේ...

මේ ආණ්ඩුව දුරුවල වුණා කියලා අපිට කියන්න බැහැ ගිය ආණ්ඩුව හරි ෂෝක් කියලා. පසුගිය රජය යුද්ධය අවසන් කලා .ඉන් පසු ඔවුන් රට ගොඩනගන්න ගෙන ගිය වැඩ පිළිවෙල පිලබඳව රටේ ජනතාවගේ විශාල කලකිරීමක් ඇතිවී තිබෙනවා. ඉන්පසු පැවැති ආණ්ඩුවට එරෙහිව ජනතා නැගිටීමක් සිදුවුණා .ඒ ජනතාව සමග එදා අපි එකතුවුණා.

  • 2015 දී ඔබවහන්සේ ලා සටන අතට ගත්තේ රට ගොඩනගන්න වුණත් එය අසාර්ථක වුණා. ඉදිරියේ දී ගොඩනගන ආණ්ඩුව පිළිබඳව ජනතාව විශ්වාසය පළකරයිද?

ඒ පිළිබඳව හොඳකියවීමක් අපිට තිබෙනවා. තවත්  මෙ රටේ සෙල්ලම් කරන්න මේ දේශපාලඥයින්ට ඉඩදෙන්නේ නැහැ. අපි සියලු බලවේල ඒකරාශී කරගන්නවා.

  • අපේ හමුදුරුවනේ ඉස්ලාම් අන්තවාදය අතුගා දමන්න මේ පාලකයින්ට හැකිවෙයිද?

මම නම් සිතන්නේ නැහැ. එවැනි උවමනාවක්වත් මේ පාලකයින්ට නැහැ. අද වන තුරු ඔය නායකයින් දෙදෙනාගෙන් එක්කෙනෙක්වත් මාව නිකමටවත් ගෙන්වලා ඇහැවේ නැහැ උපවාස ක‍ලේ ඇයි. මුස්ලිම් අනතවාදය අපි නැතිකරමු අදි වශයෙන් අද වෙනතුරු කතා කරලා නැහැ. මෙයාල නිසා දවසින් දවස සිදුවන්නේ  ත්‍රස්තවාදය ‍පෝෂණය වීමයි. මේ අන්තවාදීන් මේ තරම් ශක්තිමත් වුනෙත් පසුගිය අව්රුදු කිහිපයතුලයි. අපි අවස්ථා කිහිපයකදීම මෙම අර්බුදයේ තරම කිව්වත් මොවුන් ඒ ගැන සැලකිලිමත්වුණේ නැහැ.

  • අපේ හාමුදුරුවනේ හෙට දවසේ ඔබගේ දේශපාලන කඳවුර කුමක්ද?

මම ඒ පිළිබඳව තවම කිසිම තීරණයකත් අරගෙන නැහැ. සියල්ලට වඩා මට වැදගත් රට ඉදිරියට ගෙනයන වැඩ පිළිවෙලක් සැකසීමයි. ඒ සඳහා පංචවිධ ප්‍රතිපත්තියක් අපි ගොඩනනවා.

  • මොනවා කරන්නත් ඔබ වහන් සේට තෝරාගන්න වෙන්නේ මේ ඉන්න දේශපාලනනායකයින්ගෙන් එක්කෙනෙක් නේද ?

එහෙම කියන්න බැහැ. සමහරවිට මේ අතර ඉන්න කෙනෙක්ම අනාගත නායකයා වෙයි. එහෙම නැත්නම් පිටතින් වෙනත් කෙනෙකු වුනත් එන්නට බැරි නැහැ. කවුරු ආවත් ඔහු අපේ ප්‍රතිපත්තිවලට අනුව රට පාලනය කරණ අයෙකු වියයුතුයි. අපේ වැඩපිළිවෙලට එකඟ නොවන කිසිවෙකුටත් මේ රටේ අනාගත නායකත්වයට එන්න බැහැ. නැවත මෙ රටේ ජනතාට දුක්විදින්න දෙන්න අපිටබැහැ.

සාකච්ඡාව - පානුක රාජපක්ෂ

  1. මුස්ලිම් ජනතාව අසරණයි ඒකයි අපි ඉල්ලා අස්වුණේ
  2. කබිර්ලා හකීම්ලා ෆවුසිලාත් දැන් සිටින්නේ ත්‍රස්තවාදීන්ගේ ගොඩේ
  3. ඊබ්‍රහීම් සමග අපිට ඉතා දිගු දේශපාලන සම්බන්දකමක් තිබෙනවා
  4. දේශපාලනයට එන්න තුන් හිතකවත් නෑ
  5. ජාතික ආරක්ෂාවට ශ්‍රීලනිපයෙන් යෝජනාවලියක්
  6. අපේ ආණ්ඩුවක රිෂාඩ්ට නම් ඉඩක් නෑ
  7. ජවිපෙ විශ්වාසභංගය ආණ්ඩුව හා රිෂාඩ් බේරා ගැනීමටයි
  8. දෙමළ සමාජය තල්ලු වූ තැනටම මුස්ලිම් සමාජයත් තල්ලු කළ යුතු නැහැ
  9. හරි හමන් මාධ්‍ය ප්‍රකාශකයෙක් හිටියානම් මෙච්චර වැරදි තොරතුරු රට පුරා යන්නේ නෑ
  10. ෂරියා විශ්වවිද්‍යාලය අත්පත් කරගෙන ආරක්ෂක විශ්වවිද්‍යාලයක් කළ යුතුයි
  11. මුස්ලිම් අන්තවාදය මඩින්න පස් වැදෑරුම් ක්‍රමයක් තියෙනවා
  12. ජාතික ආරක්ෂක මණ්ඩල හිටපු ප්‍රධානීහු මහින්දගේ ප්‍රධානත්වයෙන් රැස්වෙති
  13. මේ බෝම්බ සිද්ධියේදී අපේ පැත්තට ඇඟිල්ල දිගුවීමේ අසාධාරණයක් නෑ
  14. එජාපයේ ජනපති අපේක්ෂකයා හරියටම කවුද?
  15. ඇමෙරිකානු පුරවැසිභාවය ගැන ගෝඨා තවමත් කල්මරන්නේ ඇයි?
  16. ජනපතිගේ ධුර කාලය අවසන් වන්නේ 2020 ජනවාරිද? ජුනි ද?
  17. අපි කියපු කිසිදෙයක් විදුලිබල මණ්ඩලය කරලා නැහැ විදුලි අර්බුදයට හේතුව ඒකයි
  18. ජනාධිපති අපේක්ෂකයා කවුද කියලා මහින්ද තවම කියලා නැහැ
  19. ජනපති අපේක්ෂක තීන්දුව නව පෙරමුණ විසින් ගන්නවා
  20. හොඳ ‍පොදු අපේක්ෂකයෙක් සොයා ගැනීම එ.ජා.ප.යට එතරම් අමාරු නැහැ
  21. මේ ආණ්ඩුව තිබුණොත් ලංකාවට ගැලවීමක් නෑ
  22. ගෝඨාභය ජනපති අපේක්ෂකයා කරන්න තීන්දුවක් ගෙන නෑ
  23. අප්‍රේල් 5දා ගලඋඩ සටනේදී අයවැය දිනයිද? පරදියිද?
  24. අයවැයේදී ජනාධිපතිතුමාව බේරගත්තේ අපේ අගමැතිතුමයි
  25. මේ අය වැයේ ජාතික සංවර්ධන ඉලක්ක මොකුත්ම නැහැ

Page 1 of 47

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.