lakbima.lk


ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛ පෙළේ පෞද්ගලික රෝහලක් වන පන්නිපිටිය (පෞද්ගලික) රෝහල තවත් පියවරක් ඉදිරියට තබමින් ජංගම වෛද්‍ය සේවා සහ ජංගම රසායනාගාර සේවා පහසුකම් පැය 24 පුරාම ලබාදීමට පියවර ගෙන තිබේ.

රෝ ගීන්ට රෝහල වෙත පැමිණීමට අපහසු සහ හදිසි අවස්ථාවලදී ඔවුනට සහනයක් සැලසීමේ අරමුණින් දියත් කර ඇති මෙම පහසුකම් ලබාගැනීම සඳහා රෝගියාට අමතරව වැය කිරීමට සිදුවන්නේ ප‍්‍රවාහන වියදම් පමණක් බව පන්නිපිටිය (පෞද්ගලික) රෝහලේ සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ ආනන්ද කුරුප්පුආරච්චි මහතා පවසයි.

එ් අනුව යම් රෝගියකුට ජංගම වෛද්‍ය ප‍්‍රතිකාර අවශ්‍ය බව පන්නිපිටිය (පෞද්ගලික) රෝහල වෙත දැනුම් දුන් විට පළපුරුදු වෛද්‍යවරයකු සහ හෙදියන් දෙදෙනකු රැුගත් ගිලන් රථයක් රෝගියාගේ නිවසටම යැවීමට රෝහල පියවර ගනී.

රෝහල අවට වෙසෙන රෝගීන්ගේ රසායනාගාර සාම්පල නිවසටම ගොස් ලබාගෙන පරීක්ෂණ ප‍්‍රතිඵල ලබාදීම සඳහා කිසිදු අමතර මුදලක් අය නොකිරීම ද පන්නිපිටිය (පෞද්ගලික) රෝහල ලබාදෙන තවත් සේවාවකි.
රසායනාගාර පරීක්ෂණ වාර්තා අවශ්‍ය නම් ඊ-මේල් හරහා එම වාර්තා ක්ෂණිකව රෝගීන් වෙත යැවීමට ද පහසුකම් සලසා දී ඇත.

‘‘යම් රෝගියකුට වෛද්‍ය ප‍්‍රතිකාර හෝ රසායනාගාර සේවා පහසුකම් ලබාගැනීමට රෝහලක් වෙත යාමට අපහසු අවස්ථාවකදී ඔහු හෝ ඇය ඉතා අසරණ තත්ත්වයකට පත්වෙනවා. මෙවැනි අවස්ථාවක රෝ ගීන් පත්වන අපහසුතාවන් ගැන සැලකිලිමත් වෙමිනුයි අමතර මුදලක් ලෙස ප‍්‍රවාහන වියදම පමණක් අයකරගෙන ජංගම වෛද්‍ය සේවා සහ රසායනාගාර සේවා පහසුකම් හඳුන්වා දීමට අප රෝහල තීරණය කළේ. යනුවෙන් පන්නිපිටිය (පෞද්ගලික) රෝහලේ සභාපති සහ කළ-මනාකාර අධ්‍යක්ෂ ආනන්ද කුරුප්පුආරච්චි මහතා පැවැසීය.

  1. තෙල් නැතිව ආහාර පිසීමට සිංගර් මයික්‍රොවේව්
  2. දකුණු ආසියාවේ උසින් පිහිටි ‘අහස් පාලම’ කොළඹ ගුවන් ගැබෙහි ඉදි වෙයි
  3. 85 වෙනි සාන්තුවරයන්ගේ සටනට එලිෆන්ට් හවුස්, කීල්ස් ක්‍රෙස්ට් සමාදර අනුග්‍රහය
  4. ඩොලර් මිලියන 14ක ඒකාබද්ධ ලොජිස්ටික් මධ්‍යස්ථානයට මුල්ගල තැබේ
  5. ග්ලෝරියස් රෙසිඩන්සීස් විවෘත වේ
  6. සුපිරි වෙළෙඳසල්වලට සීමාවූ ‘‘මැක්කරි’’ දැන් සිල්ලර වෙළෙඳ සල්වලින්
  7. හච් සහ ආයෝජන මණ්ඩලය අතර ඇ.ඩො. මිලියන 115ක ආයෝජනයක්
  8. ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම වරට දත් සිටුවීම පිළිබඳ අන්තර්ජාතික සමුළුවක්
  9. Mahindra e2O රථ පහසු මිලට
  10. www.di.lk වෙබ් අඩවියට සම්මාන ද්විත්වයක්
  11. ලොව ප්‍රථම පන්ච් ස්ක්‍රීන් ජංගම දුරකථනයවන NOVA 4 වෙළඳපලට
  12. AIA Walk for Life වැඩසටහනට එක්වී රෝගී හදවත් සුවකරන්න
  13. ලංකා හොස්පිට්ල්ස් වෙතින් නේවාසික රෝගීන්ට WiFi
  14. AMW හා සෙලින්කෝ ජෙනරල් ඉන්ෂුවරන්ස් අතර නව සබඳතාවක්
  15. රුපියල තරවෙයි
  16. South Asia Textiles රනින් පිදුම් ලබයි
  17. CBL සිංගප්පූරුවේ දී රන් සම්මානයෙන් පිදුම් ලබයි
  18. ඩීමෝ සහ STIHL Germany අත්වැල් බැඳගනී
  19. ඩොලර් මි. 3.12 ක නව නියමු යාත්‍රා 2ක් ගැනීමට අත්සන් තැබේ
  20. ප්‍රතිචක්‍රීය කරන ලද කන්ටේනර් භාවිතයෙන් BOXIT නව නිවාස ලෑන්ඩ්මාර්ක් වෙතින්
  21. ටියාරා හරිත අනාගතයක් උදෙසා ගස් සිටුවීමට ළමුන් දිරිමත් කරයි
  22. ආයතනික සෞඛ්‍ය ඵලදායිතා සම්මාන උළෙල සඳහා ayubo.life අනුග්‍රහය
  23. Huawei Y 2019 නව ජංගම දුරකථන මාදිලි පෙළ වෙළඳපලට
  24. ණයවී ගෙවීමේ අපූරු ආර්ථික ප‍්‍රතිපත්තිය
  25. ව්‍යුහාත්මක ඉංජිනේරු සංගමයේ මාසික හමුව ටෝකියෝ සිමෙන්ති අනුග්‍රහයෙන් නවමු මාතෘකා රැසක්

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.