lakbima.lk

 

නවෝත්පාදන සංකල්ප ඔස්සේ නූතන නිවාස ව්‍යාපෘති දියත් කරන මෙරටප්‍රමුඛත ම දේපළ වෙළඳාම් සමාගම් සමූහයක් වන ලෑන්ඩ්මාර්ක් සමූහය, ප්‍රතිචක්‍රීයකරණය කරන ලද කන්ටේනර් බහාලුම්මගින් නිර්මාණය කරනු ලබන BOXIT නිවාස හඳුන්වා දෙමින් සිය නිවාස විසදුම් පෙළ තවත් පුළුල් කළේය.

සමාගම හඳුන්වා දෙන ලද මෙම නවත ම නිවාස විසඳුම පිළිබඳ අදහස් පළ කරමින් ලෑන්ඩ්මාර්ක් සමූහයේ සමූහ කළමනාකාර අධ්‍යක්ෂ එක්සිත් හපන්ගම මහතා සඳහන් කළේ, පසුගිය වසර කිහිපය පුරාම එක් පුද්ගලයෙකු විසින් භාවිත කරනු ලබන වර්ග අඩි ප්‍රමාණය ශීඝ්‍රයෙන් වර්ධනය වෙමින් ඇති බවය. "මෙම ප්‍රවණතාව වෙනස්විය යුතු අතර නිවාස ගොඩනැගිය යුත්තේ මානව හිතවාදී ලෙස ජනතාවගේ ජීවන රටාවට ඔබින ආකාරයටය. එවැනි නිවාස ගොඩනැගීම සඳහා දැන් අපට බොහෝ ක්‍රමවේද සහ තාක්ෂණික ක්‍රමෝපාය තිබෙනවා. ප්‍රතිචක්‍රීයකරණය කරන ලද කන්ටේනර් බහාලුම් භාවිත කරමින් නිර්මාණය කෙරෙන නිවාස ජාත්‍යන්තර ලෙස විශාල වශයෙන් ජනප්‍රියත්වයට පත්ව තිබෙන අතර එම ප්‍රවණතාව මෙරට ජනතාවට හඳුන්වා දීමට හැකිවීම පිළිබඳ අප බෙහෙවින් සතුටු වනවා"

වෙළඳපල අපේක්ෂාවන් අභිබවා පාරිභෝගික අවශ්‍යතා මත නිවාස ගොඩනැගීම මෙම සංකල්පයේ මූලික අරමුණයි. BOXIT සංකල්පය යටතේ අඩි 20 සහ අඩි 40 කන්ටේනර් බහාලුම් ප්‍රතිචක්‍රීයකරණය කර ඒවා වර්ග මීටර 18-20 දක්වා වන මනරම් සහ සියලු පහසුකම් වලින් සමන්විත නිවාස හා ව්‍යාපාරිකස්ථාන බවට පත්කිරීමේ හැකියාව පවතී. වාර්ෂිකව ලොව පුරා බෙදාහැරෙන කන්ටේනර් බහාලුම් දහස් ගණනක් මෙම ව්‍යාපෘති සඳහා යොදාගැනෙන බැවින් මෙය පරිසරයට තිරසර ලෙස දායකත්වය ලබාදෙන සංකල්පයකි.

සියලු ම BOXIT ඒකක පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා අනුව ලෑන්ඩ්මාර්ක් සමූහයේඅභ්‍යන්තර සැලසුම් ශිල්පීන් විසින් සැලසුම් කෙරේ. නිවාස වල සුරක්ෂිතතාව, ඒකාබද්ධතාව සහ කලාත්මක බව රැක ගැනීම සඳහා එම කණ්ඩායම නවීන ඉදිකිරීම් සහ සැලසුම් තාක්ෂණික ක්‍රමවේද භාවිත කරයි. මෙම සංකල්පය යටතේ තම සිතැඟි පරිදි නිවස ඉදිකරවා ගැනීම සඳහා පාරිභෝගිකයන් හට වැඩි අවකාශයක් හිමිවන අතර සාමාන්‍ය නිවාස, තට්ටු නිවාස, කාර්යාල, ආපනශාලා, නිවාඩු නිකේතන, ප්‍රදර්ශනාගාර, වෙළඳ කුටි,පරිශ්‍ර කාර්යාල, ජංගම ආපනශාලා සඳහා ද මෙය මනාව යොදාගත හැකිය.

සාමාන්‍ය නිවසක් ඉදිකිරිම සඳහා වැයවන පිරිවැයට වඩා අඩු පිරිවැයකින් අංග සම්පූර්ණ නිවසක් හිමිකර ගැනීමේ අවස්ථාව මෙන්ම තවත් ප්‍රතිලාභ රැසක් මෙම සංකල්පය යටතේ පාරිභෝගිකයන්ට හිමිකර ගත හැකිය. පහසුවෙන් ප්‍රවාහනය කළ හැකිවීම නිසා ආපදා තත්ත්ව වලදී මෙය වඩාත් ප්‍රයෝජනවත් වන අතර වැඩිහිටි ජනගහනය සඳහා ද මෙය වඩාත් යෝග්‍ය වේ. සාමාන්‍ය නිවසක් ගොඩනැගීම සඳහා පරිභෝජනය කෙරෙන විදුලිය, ජලය සහ ඉන්ධන යන ස්වභාවික සම්පත් අවම වශයෙන් භාවිත වීම සහ සිය පුද්ගලිකත්වය රැක ගන්නා අතරම පවුලේ සාමාජිකයන් අතර සබඳතාව වර්ධනය වන ආකාරයෙන් නිවාස සකස් කළ හැකිවීම මෙම සංකල්පයේ ඇති අනෙකුත් ප්‍රධානත ම ප්‍රතිලාභ අතර වේ.

 

  1. ටියාරා හරිත අනාගතයක් උදෙසා ගස් සිටුවීමට ළමුන් දිරිමත් කරයි
  2. ආයතනික සෞඛ්‍ය ඵලදායිතා සම්මාන උළෙල සඳහා ayubo.life අනුග්‍රහය
  3. Huawei Y 2019 නව ජංගම දුරකථන මාදිලි පෙළ වෙළඳපලට
  4. ණයවී ගෙවීමේ අපූරු ආර්ථික ප‍්‍රතිපත්තිය
  5. ව්‍යුහාත්මක ඉංජිනේරු සංගමයේ මාසික හමුව ටෝකියෝ සිමෙන්ති අනුග්‍රහයෙන් නවමු මාතෘකා රැසක්
  6. IIHS සිසු කණ්ඩායමක් SMART සෞඛ්‍ය වෘත්තිකයින් ලෙස උපාධි ලබයි
  7. IIT ආයතනය ප්‍රථම උපාධි ප්‍රදානෝත්සවය සංවිධානය කරයි
  8. ශ්‍රී ලංකාවට රබර් ආශ්‍රිත නිදහස් වෙළඳ කලාපයක්
  9. පන්නිපිටිය පෞද්ගලික රෝහලෙන් සුරක්ෂා සිසු රක්ෂණයේ ප්‍රතිලාභ එවේලේම
  10. තායි සුමේධා ගෞරව සම්මාන දෙකකින් පිදුම් ලබයි
  11. රැකියා දෙරණ ගිවිසුම් අත්සන් කරයි
  12. ඩොලරය තවත් පහලට
  13. කොටස් වෙළෙඳපොළේ අඩුම දෛනික පිරිවැටුම අද
  14. කොළඹ නගරයට ඇ.ඩො.මි. 1850 සැහැල්ලු දුම්රිය මාර්ග පද්ධතියක්
  15. ඩොලරය පහලට
  16. ලොව ප්‍රථම Under-Display කැමරාව සහිත NOVA 4 ජංගම දුරකථනය HUAWEI වෙතින්
  17. ජීවක හර්බල් ප්‍රොඩක්ට්ස් නව නිවහනකට
  18. සෙලාන් 30 වසර සමරා 100%ක බෝනස්
  19. ඩීමෝ මිචෙලින් මිනිසාගේ 120 වන සංවත්සරය සමරයි
  20. ජිනසේන සමාගම නවතම වතුර පොම්ප දෙකක් හඳුන්වා දෙයි
  21. Hutch සහ Etisalat සමූහය මෙරට මෙහෙයුම් කටයුතු ඒකාබද්ධ කරයි
  22. සෙලාන් බැංකුව EPF සඳහා අන්තර්ජාලය හඳුන්වා දෙයි
  23. මහජන බැංකුවේ නව සභාපතිනිය ලෙස සුජාතා කුරේ පත්වෙයි
  24. ලංකා හොස්පිට්ල්ස් නොමිලේ ඇසේ සුද ඉවත් කරයි
  25. ජෝන් කීල්ස් ශාක 3000ක් නොනැසී රැකගනියි

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.