lakbima.lk

අතීතයේ පටන්ම අනෙකුත් සුපිරි ආහාර වර්ග අතුරින් කිරි විශේෂ ස්ථානයක් ගන්නා අතර මෙම ගෝලීය ආහාරය සැමරීම සඳහා එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂි කාර්මික සංවිධානය විසින් ලෝක කිරි දිනය ලෙස ජුනි මස 1 වැනි දිනය නම් කර තිබේ. 2001 වසරේ දී මෙම දිනය ප‍්‍රථම වරට ජාත්‍යන්තර වශයෙන් සමරනු ලැබූ අතර කිරි පිලිබදව අවධානයට මිනිසුන් යොමු කරවීමට මෙය කදිම අවස්ථාවක් ද වූ අතර එහි තේමාව වූයේ ‘කිරි වීදුරුවක් ඔසවා සමරමු ඉන් අප දිවියට ඇති ප‍්‍රතිලාභයන්‘ යන්නයි.

‘අග්නිදිග ආසියානු කලාපයේ සෞඛ්‍ය සහ සෞභාග්‍ය සඳහා කිරි‘ යන මැයෙන් මෙම වසරේ මෙම දිනය සැමරීමට විශේෂ අවධානයක් යොමු කර තිබේ.

අග්නිදිග ආසියානු කලාපයේ ගෝලීය කිරි අවශ්‍යතාවය සපුරන ලොව වැඩි වශයෙන් කිරි නිපදවන රටක් වන ඉන්දියාව දෙවෙනි වන්නේ ඇමරිකානු එක්සත් ජනපදයට පමණි. මෙවන් පසුතලයක් තුල කිරි නිෂ්පාදනය සම්බන්දයෙන් ඉතා දැවැන්ත ඉතිහාසයක් ඇති ශ‍්‍රී ලංකාව සිය ජාතිය කිරෙන් පෝෂණය කිරීමට වෙර දරයි.

විදේශීය නිෂ්පාදන සහ විදේශීය ආනයනකරුවන් මෙම ක්ෂේත‍්‍රය තුල සිය ආධිපත්‍ය පතුරුවා තිබුණද පැලවත්ත කිරි සමාගම ශ‍්‍රී ලංකාවේ කිරි නිෂ්පාදන ක්ෂේත‍්‍රය තුල සිය රට කිරෙන් ස්වයං-පෝෂිත කිරීමට ප‍්‍රමුඛස්ථානය ගෙන කටයුතු කළ ප‍්‍රථම පුද්ගලික ආයතනය යි. සම්පූර්ණයෙන්ම දේශීය කිරි යොදා ගනිමින් කිරි නිෂ්පාදන කරන ආයතනයක් විම මෙම ආයතනය කැපී පෙනීමට තවත් එක් හේතුවක් වනු ඇත.

දේශීය කිරි ගොවියාගෙන් ලබා ගන්නා කිරි පමණක්ම යොදාගනිමින් 100% ක්ම දේශීය වශයෙන් නිෂ්පාදිත මෙම කිරි නිෂ්පාදන කල් තබා ගැනීමට කිසිදු අමුද්‍රව්‍යක් එක් කර නොමැත. දේශීය පාරිභෝගිකයන් වෙත ඉතාමත් අනර්ඝ, වඩාත්ම සෞඛ්‍යසම්පන්න සහ උසස්ම තත්වයෙන් යුත් නිෂ්පාදන ලැබෙන බව මින් සහතික වනු ඇත.

 

විශේෂයෙන්ම 2018 දී පැලවත්ත කිරි නිෂ්පාදන ශාලාවේ නිෂ්පාදන ධාරිතාව වැඩිදියුණු කිරීම සදහා උපයෝගී වූයේ බුත්තල ඇරඹු තෙවෙනි කිරිපිටි කම්හල සහ ගව පෝෂක නිෂ්පාදන කර්මාන්ත ශාලාව බව කිව යුතුමය. දැනට මෙම කර්මාන්ත ශාලාවන්  තුල කාර්මිකයන් 350 කට අධික පිරිසක් කාර්‍යයෙහි නිරත වන අතර දිවයින පුරා විහිදී 25000 කට අධික කිරි ගොවීන් ප‍්‍රමාණයක් සෘජු ප‍්‍රතිලාභ ලබා ගනිමින් සිටිති. එපමණක් නොව මෙම කිරි ගොවීන් වෙත පැලවත්ත කිරි වෙතින් අද්විතීය සුභ සාධන ක‍්‍රමයක් තුලින් අමතර ප‍්‍රතිලාභද සැලසේ.  

පුළුල්ව විහිදුනු පැලවත්ත කිරි නිෂ්පාදන පෙල වෙත දියර සහ කිරි පිටි, බටර්, යෝගට්, අයිස් ක‍්‍රීම්, රස කල කිරී, ගී තෙල් සහ තවත් බොහෝ දේ එක් වී ඇත. ඉතා උසස්  පර්යේශණ සහ සංවර්ධන අංශය වෙතින් නිරන්තරයෙන් වෙර දරන්නේ ඉතා උසස් තත්වයෙන් යුත් නිෂ්පාදන වෙළදපොල වෙත යොමු කිරීමටයි.

මෙම කණ්ඩායම පසුගිය වසරේ සිංගප්පූරු සංචාරයක නිරත වූ අතර එහි ප‍්‍රතිඵලයක් ලෙසින් උසස් වර්ගයේ අයිස් ක‍්‍රීම් නිෂ්පාදනයක් තවමත් පර්යේශන මට්ටමේ පවතියි. මෙම වසර අවසානයේ එම නව නිෂ්පාදනය වෙළදපොල වෙත යොමු කිරීමට පැලවත්ත කිරි සමාගම අදිටන් කරනු ඇත.

‘‘දැන් ශ‍්‍රී ලාංකිකයන් සෞඛ්‍යසම්පන්න දිවිපෙවෙතක් සහ හුරු පුරුදු සම්බන්ධයෙන් වඩාත් සැලකිලිමත් වන අතර 100% ක් ස්වභාවික නිෂ්පාදන වෙත ද නැඹුරු වී තිබේ. එම නිෂ්පාදන දේශීය නිෂ්පාදන වීම ද ඔවුන්ගේ කැමැත්තයි. ශ‍්‍රී ලාංකිකයන් දරන මෙම මතය පැලවත්ත කිරි සමාගම ඊළඟ තලය වෙත යෑමේ පදනම ලෙස හැදින් විය හැකිය. 100% ක්ම දේශීය වශයෙන් කිරි නිෂ්පාදන කරන ආයතනයක් ලෙස අප හා බැඳි පාරිභෝගිකයන් වෙත එය මහත් අභිමානයක් විය යුතුයි ඒ ඔවුන් අප රට කිරෙන් ස්වයං - පෝෂණය කිරීමට අප සමගින් අත්වැල් බැඳ ගැනීම සම්බන්ධයෙනි.

ජූනි 1 වෙනි දින සැමරීමට නියමිත ලෝක කිරි දිනයේ දී ආයතනයක් වශයෙන් අපට අවශ්‍යයි සියලූම දේශීය කිරි ගොවීන් වෙත සුභාසිංශන එක් කරන්නට. මෙරට කිරි පාරිභෝගිකයන් වෙත තත්වයෙන් උසස් කිරි ලබා දීම සඳහා අපට සහය වීම නිසාවෙන් සහ කිරි ආනයනයට වැය වීමට නියමිත විදේශ විනිමය ඉතිරි කරදීම නිසාවෙන්’’ පැලවත්ත කිරි සමාගමෙහී කළමනාකාර අධ්‍යක්ෂ අක්මාල් වික‍්‍රමනායක මහතා පැවැසීය.


පැලවත්ත කිරි සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ අක්මාල් වික‍්‍රමනායක මහතා

  1. නයිටා ආයතනයට නව උපසභාපතිවරියක්
  2. COM-BANK ව්‍යාපාරික ණය පොලී අනුපාත අඩු කරයි
  3. වෙලාවට වැඩ කළ ශ්‍රීලංකන් ලෝකයේම මුල් තැනට එයි
  4. ජෝන් කීල්ස් පදනම මෘදු කුසලතා වැඩමුළුව සහ වෘත්තීය සල්පිළ දියත් කරයි
  5. හදිසි එන්නත්, ඖෂධ හා රුධිරය ප‍්‍රවාහනයට ඩ්‍රෝන තාක්ෂණය
  6. හලාල් ඉවත්කරමින් නෙල්නා 20වැනි සංවත්සරය සමරයි
  7. ශ්‍රීලංකන් කේටරින් රුපියල් කෝටි 570ක ශුද්ධ ලාභයක් ලබයි
  8. පොලී අනුපාත පහළට
  9. මිල්කෝ කිරි එක් රැස් කිරීම ප්‍රවර්ධනය උදෙසා නව යාන්ත්‍රණයක්
  10. අනාගත ව්‍යවසායකයන් සවිබලගන්වමින් IIT Trailblazers 2019 උළෙල සාර්ථකව පැවැත්වේ
  11. Google සේවා සීමා කලත් අඛණ්ඩව සහය ලබා දෙන බවට Huawei සමාගම සහතික වෙයි
  12. පන්නිපිටිය පෞද්ගලික රෝහලේ රුධිර කාන්දු පෙරණ ඒකකයේ සේවාවන් පුළුල්කරයි
  13. 75%ක බෝනස් මොබයිල් ඩෙටා පැකේජ මොබිටෙල් වෙතින්
  14. ඩිජිටල් ත්‍රෛභාෂා බැංකුකරණ ඇප් සේවාව කොමර්ෂල් බැංකුවේ Flash
  15. පීපල්ස් ලීසිං මන්නාරමේ සිට තංගල්ල දක්වා ශාක 5500ක් රෝපණය කරයි
  16. සකුරා සෝලර් ආයතනයෙහි 40 දෙනෙකුට පත්වීම් ප්‍රධානය කෙරේ
  17. ජෝන් කීල්ස් ලොජිස්ටික්ස් කළමනාකරණ විශිෂ්ටතා සම්මානයෙන් පිදුම් ලබයි
  18. කොමර්ෂල් බැංකුව ‘ගෙදරට තෑගි 3’ වැඩසටහන අරඹයි
  19. ශී‍්‍ර ලංකා මහ බැංකුව ණය අනුපාත පහත දමන ලෙස ඉල්ලයි
  20. පාස්කු ඉරිදා විපතට පත් ජනතාවට ජාතික ඉතිරිකිරීමේ බැංකුවෙන් අත්වැලක්
  21. ෂැංග්‍රීලා හෝටලයේ මෙහෙයුම් නවතයි
  22. ඩීමෝ සහ ඔලිම්පික් ටයර් හවුස් සබඳතාව සවිමත් වෙයි
  23. තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය නගාසිටුවීමට Huawei කැපවෙයි
  24. විදෙස් ආයෝජකයින් මෙරට දේපළ සංවර්ධනයට යොමුකරගැනිමේ සන්කෙන් උත්සහය සාර්ථකයි
  25. ශ්‍රී ලාංකිකයන්ට ප්‍රථම වරට netauction.lk වෙතින් online වෙන්දේසි ක්‍රමයක්

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.