lakbima.lk

කුඩා තේවතු කර්මාන්තශාලා හිමියන්ගේ පෞද්ගලික සමාගම සහ කාබන් කන්සල්ටින් පෞද්ගලික සමාගම සමඟ සහයෝග යෙන් යුතුව,ජෝන්කීල්ස් පදනම විසින් 2013 වසරේ දී ආරම්භ කළ රුක් රෝපණ ව්‍යාපෘතිය, වසර පහක කාලයක් තුළ පැල 3000ක ප‍්‍රමාණයක් සිටුවීමේ ලා මෙන්ම ඒවා රැකගැනීමේ ලාද සාර්ථකත්වයට පත්
වී තිබේ.
ව්‍යාපෘතිය යටතේ, අක්කර 15.3ක් ආවරණය කරමින් ගාලූ දිස්ත‍්‍රික්කයෙහි හල්විටිගල, කුරුපනාව, නෙළුව සහ
හින්ගල්ගොඩ කුඩා තේ ඉඩම් හිමියන්ගේ ගොවිබිම් සහ තේ කර්මාන්තශාලා පරිශ‍්‍ර 31ක් අතර පැල 3000ක් බෙදාදීම
සිදුකෙරිණි.
මෙම ව්‍යාපෘතියේ පරමාර්ථය වූයේ තෝරාගත් ප‍්‍රදේශවල පුළුල් වෘක්ෂලතා ආවරණයක් සඳහා ඉඩකඩ ලබාදෙමින්,
ස්වභාවික වාසස්ථාන සහ ජෛව විවිධත්වය සුරකින අතර,ප‍්‍රදේශයේ කුඩා වතු හිමියන්ගේ ජීවන තත්ත්වය වැඩි
දියුණු කිරීමයි. ව්‍යාපෘතිය සඳහා කුඩා වතු හිමියන්ගේ සහභාගීත්වය ලබාගැනීම මගින් ව්‍යාපාති
කාලසීමාව සඳහා පැලෑටි නඩත්තු කිරීම ද ඇතුලත්ව
පාරිසරික පද්ධති සඳහා වන ගෙවීම් වලින් ප‍්‍රතිලාභ ලබා ගැනීමේ අවස්ථාව ඔවුන්ට
හිමිවී ඇත. ජෛව විවිධත්ව සංරක්ෂණය මෙන්ම ජීවනෝපාය සංවර්ධනය සඳහා
ද ආධාර සැපයීමේ මූලාරම්භයක් ලෙස ජෝන් කීල්ස් පදනම විසින් ව්‍යාපෘතියට අරමුදල් සපයනු ලැබූ අතර, කුඩා තේ වතු හිමියන්ගේ මැදිහත්වීම සහ සාමාන්‍ය අධීක්ෂණය සඳහා පහසුකම් සැපයීම හරහා
කුඩා තේවතු කර්මාන්තශාලා හිමියන්ගේ පෞද්ගලික සමාගම විසින් පූර්ණ
සහයෝගය ලබා දෙන ලදී. 2014 සිට කාබන් කන්සල්ටින් පෞද්ගලික සමාගම විසින් ශාක අධීක්ෂණය කරමින් සිටි අතර, මිය ගිය ශාක වෙනුවට ශාක ප‍්‍රතිරෝපණය ද සිදුකරන ලදී. 2018 පෙබරවාරි මාසයේදී සිදුකරන ලද එහි අටවන නිරීක්ෂණ චාරිකාවෙන් අනතුරුව, 98% ක සාමාන්‍යප‍්‍රවර්තන අනුපාතිකයක් වාර්තා වී තිබුණි. ව්‍යාපෘතිය යටතේ සපයන ලද කැලූන, බුළු, හොර, හල්මිල්ල, යක්හලූදුන් සහ නැදුන් වැනි වන ශාක හොඳින් වර්ධනය වෙමින් තිබෙන අතරම, පේර, කොකෝවා, කාමරංගා, දොඩම් සහ රඹුටන් වැනි ශාක ඵල දරා තිබීම දැකීම ගොවීන්ගේ සතුටට හේතුවී ඇති බව ද දක්නට ලැබුණි.

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.