lakbima.lk

 

ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්ථානය අතර ආයෝජන ආරක්ෂක ප්‍රවර්ධන ගිවිසුමක් හා කොළඹ සිට කාබුල් දක්වා සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීමට අදාල මූලික සාකච්ඡාවක්, ශ්‍රී ලංකාවේ ඇෆ්ගනිස්ථානු තානාපති අශ්රෆ් හයිඩාරි (Ashraf haidari) මහතා හා කර්මාන්ත හා වාණිජ කටයුතු ,දිගුකාලීනව අවතැන්වූ පුද්ගලයින් නැවත පදිංචිකිරීමේ සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා අතර පසුගියදා කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේදී පැවැත්විණි.

ඇෆ්ගනිස්ථානය හා ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශවික සබඳතා ශක්තිමත් අයුරින් පවත්වා ගැනීමේ අවශ්‍යතාවය මෙහිදී විශේෂයෙන් සාකච්ඡාවට බඳුන්වුනු අතර දෙරට අතර ඇරඹීමට යෝජිත  ආයෝජන ආරක්ෂක හා ප්‍රවර්ධන ගිවිසුම පිලිබඳවද විශේෂ වශයෙන් සාකච්ඡා කෙරුනු අතර එම ගිවිසුම සම්බන්ධ කෙටුම්පතක්ද ශ්‍රී ලංකාවේ ඇෆ්ගනිස්ථානු තානාපති අශ්රෆ් හයිඩාරි (Ashraf haidari) මහතා විසින් අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට පිලිගන්වන ලදි.

මෙහිදී අදහස් පලකල එරට තානාපතිවරයා ප්‍රකාශකර සිටියේ ඇෆ්ගනිස්ථානය රත්‍රන්, තඹ, යුරේනියම්, යකඩ වැනි ඛනිජයන්ගෙන් පොහොසත් රටක් බවත් ශ්‍රී ලංකාව වැනි රටක් තම රට සමග ආයෝජන අවස්ථා ඇතිකර ගැනීම සතුටට කරුණක් බවත්ය. විශේෂයෙන් මෙරට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය වරයා වශයෙන් රිෂාඩ් බදියුදීන් මැතිතුමාට දෙරට අතර මෙම ආයෝජන අවස්ථා ඇතිකිරීම සඳහා මැදිහත්ව කටයුතු කරන ලෙසද ශ්‍රී ලංකාවේ ඇෆ්ගනිස්ථානු තානාපති අශ්රෆ් හයිඩාරි (Ashraf haidari) මහතා විශේෂයෙන් ඉල්ලා සිටින ලදි.

 

  1. මොබිටෙල් අනුරාධපුර පාරිභෝගික සේවා මධ්‍යස්ථානය නව ස්ථානයකට
  2. ප‍්‍රීමා සිලෝන් 40 වසරක අභිමානය සමරයි
  3. පන්නිපිටිය පෞද්ගලික රෝහලින් නිවසටම ගොස් වෛද්‍ය ප‍්‍රතිකාර
  4. තෙල් නැතිව ආහාර පිසීමට සිංගර් මයික්‍රොවේව්
  5. දකුණු ආසියාවේ උසින් පිහිටි ‘අහස් පාලම’ කොළඹ ගුවන් ගැබෙහි ඉදි වෙයි
  6. 85 වෙනි සාන්තුවරයන්ගේ සටනට එලිෆන්ට් හවුස්, කීල්ස් ක්‍රෙස්ට් සමාදර අනුග්‍රහය
  7. ඩොලර් මිලියන 14ක ඒකාබද්ධ ලොජිස්ටික් මධ්‍යස්ථානයට මුල්ගල තැබේ
  8. ග්ලෝරියස් රෙසිඩන්සීස් විවෘත වේ
  9. සුපිරි වෙළෙඳසල්වලට සීමාවූ ‘‘මැක්කරි’’ දැන් සිල්ලර වෙළෙඳ සල්වලින්
  10. හච් සහ ආයෝජන මණ්ඩලය අතර ඇ.ඩො. මිලියන 115ක ආයෝජනයක්
  11. ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම වරට දත් සිටුවීම පිළිබඳ අන්තර්ජාතික සමුළුවක්
  12. Mahindra e2O රථ පහසු මිලට
  13. www.di.lk වෙබ් අඩවියට සම්මාන ද්විත්වයක්
  14. ලොව ප්‍රථම පන්ච් ස්ක්‍රීන් ජංගම දුරකථනයවන NOVA 4 වෙළඳපලට
  15. AIA Walk for Life වැඩසටහනට එක්වී රෝගී හදවත් සුවකරන්න
  16. ලංකා හොස්පිට්ල්ස් වෙතින් නේවාසික රෝගීන්ට WiFi
  17. AMW හා සෙලින්කෝ ජෙනරල් ඉන්ෂුවරන්ස් අතර නව සබඳතාවක්
  18. රුපියල තරවෙයි
  19. South Asia Textiles රනින් පිදුම් ලබයි
  20. CBL සිංගප්පූරුවේ දී රන් සම්මානයෙන් පිදුම් ලබයි
  21. ඩීමෝ සහ STIHL Germany අත්වැල් බැඳගනී
  22. ඩොලර් මි. 3.12 ක නව නියමු යාත්‍රා 2ක් ගැනීමට අත්සන් තැබේ
  23. ප්‍රතිචක්‍රීය කරන ලද කන්ටේනර් භාවිතයෙන් BOXIT නව නිවාස ලෑන්ඩ්මාර්ක් වෙතින්
  24. ටියාරා හරිත අනාගතයක් උදෙසා ගස් සිටුවීමට ළමුන් දිරිමත් කරයි
  25. ආයතනික සෞඛ්‍ය ඵලදායිතා සම්මාන උළෙල සඳහා ayubo.life අනුග්‍රහය

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.