lakbima.lk

සීමාසහිත ඩීමෝ සහ මෝටර් ඉංජිනේරු පොදු සමාගම (DIMO) ලොව කීර්තිමත් ජර්මන් පවර් ටූල් සන්නාමයක් වන STIHL සමාගම සමග මෙරට තුළ STIHL බල මෙවලම් (Outdoor Power Equipment) බෙදාහැරිම සඳහා පසුගියදා අත්වැල් බැඳගත්තේය.

ශ්‍රී ලාංකේය පාරිභෝගිකයන් හට ජාත්‍යන්තර මට්ටමේ සන්නාම හඳුන්වා දීම තුළ ඩීමෝ සමාගම හිමිකරගෙන ඇති ප්‍රමුඛස්ථානය තවදුරටත් තහවුරු කරමින් STIHL නිෂ්පාදන සඳහා දිවයින පුරා බලයලත් බෙදාහැරීමේ නියෝජිතයා ලෙස ඩීමෝ පත්විය. 1926 වසරේදී ස්ථාපනය කෙරුණු STIHL සමූහය දැව කර්මාන්තය, කෘෂිකර්මාන්තය (වලවල් කපා වගාබිම් සැකසීම), ගෙවතු අලංකරණය සහ නඩත්තු (තණකොළ කැපීම), ඉදිකිරීම් සහ පිරිසිදු කිරීමේ කටයුතු සඳහා එන්ජින්, විද්‍යුත් සහ  රැහැන් රහිත බල මෙවලම් නිෂ්පාදනය කරයි.

STIHL නිෂ්පාදන ඩීමෝ අලෙවි නියෝජිතයන් හට හඳුන්වා දීම වෝටර්ස් එජ් හෝටලයේදී ඩීමෝ සහ STIHL කළමනාකාරිත්වයේ සහභාගිත්වයෙන් උත්කර්ෂවත් ලෙස සිදුවිණි. දිවයිනේ විවිධ ප්‍රදේශ නියෝජනය කරමින් 50කට අධික ප්‍රමුඛ පෙලේ අලෙවි නියෝජිතයන් පිරිසක් ද මේ සඳහා සහභාගී වූ අතර STIHL නිෂ්පාදන පෙළ පිළිබඳ මෙහිදී ඔවුන් දැනුවත් කෙරිණි.

"අපගේ අසමසම අලෙවියෙන් පසු සේවාව සමගින් පාරිභෝගිකයාට විශිෂ්ටත ම නිෂ්පාදන ලබාදීම සඳහා ඩීමෝ සමාගම නිරන්තරයෙන් කටයුතු කරනවා. මෙරට විශිෂ්ටත ම ඉංජිනේරු සන්නාම නියෝජනය කිරීම වෙනුවෙන් කීර්තිමත් නාමයකට හිමිකම් කියන ඩීමෝ, පසුගිය වසර ගණනාව පුරා සිය පාර්ශ්වකරුවන්ගේ නොමඳ විශ්වාසය හිමිකරගෙන සිටිනවා. ජර්මනියේ STIHL සමාගම සමග මෙම හවුල්කාරිත්වය ගොඩනගා ගැනීමට හැකිවීම පිළිබඳ අප ආඩම්බරවන අතර මෙමගින් අපගේ පාරිභෝගිකයන් හට තවත් ප්‍රතිලාභ රැසක් අත්කර දීමට හැකිවනු ඇති බව අපගේ විශ්වාසයයි" යනුවෙන් ඩීමෝ සමාගමේ සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ රංජිත් පණ්ඩිතගේ මහතා සඳහන් කළේය.

STIHL යනු 1971 වසරේ පටන් ලොව අංක 1 දම්වැල් කියත් (Chain Saw) සන්නාමයයි. STIHL නිෂ්පාදන බලයලත් බෙදාහැරීමේ නියෝජිතයන් හරහා පමණක් බෙදාහැරෙන අතර ලොව පුරා රාජ්‍යයන් 160කට අධික ප්‍රමාණයක විකුණුම් සහ අලෙවි පුර්ණ අනුබද්ධිත සමාගම් 37ක්, ආසන්න වශයෙන් ආනයනකරුවන් 120ක් සහ සේවා නියෝජිතයන් 45,000කට අධික ප්‍රමාණයක් එම අලෙවි නියෝජිත ජාලයට අයත්ය. තවද, ලොව පුරා රටවල් හතක STIHL නිෂ්පාදන කර්මාන්තශාලා පිහිටා ඇත. ජර්මනිය, ඇමරිකා එක්සත් ජනපදය, බ්‍රසීලය, ස්විට්සර්ලන්තය, චීනය, ඔස්ට්‍රියාව සහ පිලිපීනය යන රටවල එලෙස කර්මාන්තශාලා පිහිටා ඇති අතර, 2016 වසරේදී එම සමාගම යුරෝ බිලියන 3.46ක විකුණුම් ප්‍රමාණයකට සහ 14,920ක ශ්‍රම බලකායකට හිමිකම් කීවේය.

මෙම සබඳතාව හරහා ඩීමෝ සමාගම සිය අලෙවි නියෝජිත ජාලය සහ විශේෂඥ ශාඛා ජාලය හරහා දිවයින පුරා STIHL නිෂ්පාදන පෙළ බෙදාහැරීමට කටයුතු කරයි. දම්වැල් කියත් (Chain Saw) සහ උපාංග (Chain, Guide Bar), බ්‍රෂ් කටර්ස් (Brush Cutters), වීඩර්ස් (weeders), අධි පීඩන වොෂර්ස් (Pressure Washers), වකියුම් ක්ලීනර්ස් (Vacuum Cleaners), පොලව විදින යන්ත්‍ර (Earth Augers) ආදී නිෂ්පාදන රැසක් දේශීය පාරිභෝගිකයන් වෙනුවෙන් පිරිනැමේ. ඩීමෝ සමාගම එහි අසමසම අලෙවියෙන් පසු සේවාව සහ බල මෙවලම් අලෙවි කිරීමේ හැකියාව සඳහා විශේෂයෙන් ඇගයුමට ලක්ව ඇත. මෙරට STIHL නිෂ්පාදන බෙදාහැරිම සඳහා ඩීමෝ සමාගම තෝරාගැනීමට එම විශේෂඥ දැනුම ද හේතුවිය.

"අපගේ නිෂ්පාදන බෙදාහැරිම සඳහා ඩීමෝ සමාගම විශිෂ්ට බෙදාහැරීම් නියෝජිතයෙකු ලෙස කටයුතු කරන බවට අපට තහවුරු වී තිබෙනවා. ඔවුන් දශක ගණනාවක් පුරා මෝටර් රථ කර්මාන්තයේ නියැලී සිටින අතර වගකීම්සහගත සහ ආචාරධර්මවලට අනුකූල ව්‍යාපාරික ක්‍රමෝපාය අනුගමනය කරන සමාගමක් ලෙස අප හඳුනාගෙන තිබෙනවා" යනුවෙන් STIHL සමාගමේ දකුණු ආසියානු කලාපයේ කළමනාකාර අධ්‍යක්ෂ පාරින්ද් ප්‍රභූදේසායි මහතා ප්‍රකාශ කළේය.

මෙරට පුරෝගාමී මෝටර් රථ සහ මෝටර් රථ විසඳුම් හදුන්වාදෙන සමාගමක් ලෙස ඩීමෝ ප්‍රජාවගේ අවශ්‍යතා හඳුනා ගැනීමේදී නිබඳව ප්‍රමුඛස්ථානය දිනාගනී. එම ප්‍රයත්නයට සමගාමීව ඩීමෝ සමාගම ලොව වඩාත් විශ්වසනීය ඉංජිනේරු සන්නාම සඳහා තම දේශීය ශක්‍යතා සමගින් අගය එක් කිරීමට කටයුතු කරයි.

  1. ඩොලර් මි. 3.12 ක නව නියමු යාත්‍රා 2ක් ගැනීමට අත්සන් තැබේ
  2. ප්‍රතිචක්‍රීය කරන ලද කන්ටේනර් භාවිතයෙන් BOXIT නව නිවාස ලෑන්ඩ්මාර්ක් වෙතින්
  3. ටියාරා හරිත අනාගතයක් උදෙසා ගස් සිටුවීමට ළමුන් දිරිමත් කරයි
  4. ආයතනික සෞඛ්‍ය ඵලදායිතා සම්මාන උළෙල සඳහා ayubo.life අනුග්‍රහය
  5. Huawei Y 2019 නව ජංගම දුරකථන මාදිලි පෙළ වෙළඳපලට
  6. ණයවී ගෙවීමේ අපූරු ආර්ථික ප‍්‍රතිපත්තිය
  7. ව්‍යුහාත්මක ඉංජිනේරු සංගමයේ මාසික හමුව ටෝකියෝ සිමෙන්ති අනුග්‍රහයෙන් නවමු මාතෘකා රැසක්
  8. IIHS සිසු කණ්ඩායමක් SMART සෞඛ්‍ය වෘත්තිකයින් ලෙස උපාධි ලබයි
  9. IIT ආයතනය ප්‍රථම උපාධි ප්‍රදානෝත්සවය සංවිධානය කරයි
  10. ශ්‍රී ලංකාවට රබර් ආශ්‍රිත නිදහස් වෙළඳ කලාපයක්
  11. පන්නිපිටිය පෞද්ගලික රෝහලෙන් සුරක්ෂා සිසු රක්ෂණයේ ප්‍රතිලාභ එවේලේම
  12. තායි සුමේධා ගෞරව සම්මාන දෙකකින් පිදුම් ලබයි
  13. රැකියා දෙරණ ගිවිසුම් අත්සන් කරයි
  14. ඩොලරය තවත් පහලට
  15. කොටස් වෙළෙඳපොළේ අඩුම දෛනික පිරිවැටුම අද
  16. කොළඹ නගරයට ඇ.ඩො.මි. 1850 සැහැල්ලු දුම්රිය මාර්ග පද්ධතියක්
  17. ඩොලරය පහලට
  18. ලොව ප්‍රථම Under-Display කැමරාව සහිත NOVA 4 ජංගම දුරකථනය HUAWEI වෙතින්
  19. ජීවක හර්බල් ප්‍රොඩක්ට්ස් නව නිවහනකට
  20. සෙලාන් 30 වසර සමරා 100%ක බෝනස්
  21. ඩීමෝ මිචෙලින් මිනිසාගේ 120 වන සංවත්සරය සමරයි
  22. ජිනසේන සමාගම නවතම වතුර පොම්ප දෙකක් හඳුන්වා දෙයි
  23. Hutch සහ Etisalat සමූහය මෙරට මෙහෙයුම් කටයුතු ඒකාබද්ධ කරයි
  24. සෙලාන් බැංකුව EPF සඳහා අන්තර්ජාලය හඳුන්වා දෙයි
  25. මහජන බැංකුවේ නව සභාපතිනිය ලෙස සුජාතා කුරේ පත්වෙයි

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.