lakbima.lk

රේගුවේ ගැටළුවකින් Wagon R ආනයනය නවතී?


සුසුකි වැගන් R  හයිබ්‍රිඩ් රථ  ආනයන නැවැත්වීමට තමන්ට සිදුවන බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.
රේගුවේ වර්ගීකරණ කමිටුව (NC Committee) මගින් MH55S Wagon R රථ හයිබ්‍රි කාණ්ඩයට අයත් නැති බව පවසා ඒවා සඳහා පෙට්‍රල් මෝටර් රථ සඳහා අයකරනු ලබන බදු කාණ්ඩයට යටත් කිරීම හේතුවෙන් ආනයනික හයිබ්‍රිඩ් වැගන් ආර් රථ සඳහා ඉහළ බදු ප්‍රතිශතයක් අය කිරීමට තීරණ කර ඇති අතර එම නිසා Wagon R රථයක මිල රුපියල් ලක්ෂ 36-37 ක් පමණ වනු ඇති බවට ආනයනකරුවන් සදහන් කරයි.
ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති සම්පත් මෙරෙන්චිගේ මහතා පවසන්නේ, රේගුවේ වර්ගීකරණ කමිටුව විසින් C200 Benz රථ හයිබ්‍රිඩ් නොවන බවට ලබාදුන් තීරණයක් මත පදනම්ව MH55S Wagon R රථ පිළිබඳ කිසිදු තාක්ෂණික සොයා බැලීමක් සිදුනොකොට, රේගුවේ මෝටර් රථ අංශය විසින් MH55S Wagon R රථ හයිබ්‍රිඩ් ලෙස නොව, පෙට්‍රල් රථ ලෙස නිෂ්කාෂණය කිරීමට පසුගිය 22 දා සිට තීරණය කර ඇති බවයි.

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.