lakbima.lk

පන්නිපිටිය පෞද්ගලික රෝහලෙන් අවුරුදු තෑගි

මෙරට ප‍්‍රමුඛ පෙළේ පෞද්ගලික රෝහලක් වන පන්නිපිටිය පෞද්ගලික රෝහල එළැඹෙන උත්සව සමය වෙනුවෙන් දිවයිනේ අඩුම මිල ගණන් යටතේ වෛද්‍ය පරීක්ෂණ සිදුකර ගැනීමේ අවස්ථාව සියලූ ශ‍්‍රී ලාංකිකයන් වෙත උදාකර දී තිබේ. එ්, මේ වනවිට රෝහල විසින් හඳුන්වා දී තිබෙන සියලූම සෞඛ්‍ය පරීක්ෂණ පැකේජ සඳහා 25% ක් දක්වා වන සුපිරි වට්ටමක් පිරිනමමිනි. මෙම සුවිශේෂී වට්ටම් වැඩසටහන මාර්තු 20 වැනිදා සිට අපේ‍්‍රල් 20 වැනිදා දක්වා වලංගු වේ.

අනවශ්‍ය වියදම් කපා හැර, එයින් ලැබෙන ප‍්‍රතිලාභද රෝගීන් වෙත පිරිනමන පන්නිපිටිය පෞද්ගලික රෝහල අන් කිසිදු පෞද්ගලික රෝහලකින් නොලැබෙන ආකාරයේ, කාටත් දැරිය හැකි සහනදායී මිල ගණන් යටතේ සිය සෞඛ්‍ය පරීක්ෂණ පැකේජ හඳුන්වා දී තිබේ. උත්සව සමය වෙනුවෙන් එ් සියලූ පැකේජ ඇදහිය නොහැකි තරමේ අවම මිලකට, ඉහළම ප‍්‍රමිතියකට අනුව ලබාදෙන බව රෝහලේ සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ, ආචාර්ය ආනන්ද කුරුප්පුආරච්චි මහතා පැවැසීය.

‘‘අලූත් අවුරුදු සමයේ විවිධාකාරයේ රසවත් ආහාර පාන වැඩි වශයෙන් ගැනීමට හැමෝම පෙළඹෙනවා. නමුත්, එ්වායින් තමන්ගේ සෞඛ්‍ය තත්ත්වයට ඇතිකරන බලපෑම මොන වගේද කියා බොහෝ දෙනා සැලකිලිමත් වෙන්නේ නැහැ. මේ නිසා අවුරුදු සමයේ ඇතැමුන් විවිධාකාර ලෙඩ රෝගවලට ගොදුරු වනු බොහෝවිට අප දැක තිබෙනවා. මෙම තත්ත්වය ගැන සැලකිලිමත් වෙමිනුයි මෙවැනි සුවිශේෂී වට්ටම් පිරිනමමින්, තමන්ගේ නිරෝගී බව තහවුරු කරගැනීම සඳහා සැවොම උනන්දු කරවීමේ අරමුණින් මෙම සුවිශේෂී වට්ටම් මාසය හඳුන්වා දීමට අප රෝහල තීරණය කළේ. මේ තුළින් අලූත් අවුරුදු සමය නිරෝගීමත්ව, සතුටින් ගත කිරීමේ අවස්ථාව සැමට උදාවනු ඇතැයි අප විශ්වාස කරනවා’’ යනුවෙන් ආනන්ද කුරුප්පුආරච්චි මහතා වැඩිදුරටත් කියා සිටියේය. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු විමසීම සඳහා 0112840065 සහ 0115886500 යන දුරකථන අංකද විවෘත කර තිබේ.

අධි තාක්ෂණික පහසුකම් යොදා ගනිමින් සිදුකරනු ලබන අති නවීන වෛද්‍ය පරීක්ෂණද ඇතුළත් වන පරිදි සෞඛ්‍ය පරීක්ෂණ පැකේජ රැුසක් පන්නිපිටිය (පෞද්ගලික) රෝහල හඳුන්වා දී තිබේ. වයස අවුරුදු 40 ට වැඩි අය සඳහා පැකේජ, හදවත් පරීක්ෂණ සඳහා පැකේජ, දියවැඩියා පිරික්සුම් පැකේජය, ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා පැකේජය, පූර්ව විවාහ පැකේජය, සන්ධි වේදනා සහ සන්ධි ඉදිමීම පරීක්ෂාව සඳහා පැකේජය සහ යෞවනයන් සඳහා පිරික්සුම් පැකේජය රෝහල නව මුහුණුවරකින් හඳුන්වා දී තිබෙන සෞඛ්‍ය පරීක්ෂණ පැකේජ අතරින් කිහිපයකි.

රෝහලේ සියලූම අංශ වෙනුවෙන් පිරිනමනු ලබන ISO 9001-2008 ප‍්‍රමිති සහතිකය දිනාගත්, ශ‍්‍රී ලංකාවේ පළමු පෞද්ගලික රෝහල වන පන්නිපිටිය පෞද්ගලික රෝහල රෝගීන්ගේ සහ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව සහතික කිරීම පිණිස පිරිනමනු ලබන OHSAS 18001-2007  ජාත්‍යන්තර ප‍්‍රමිතිකරණ සහතිකය ඇතුළු දේශීය සහ අන්තර්ජාතික ප‍්‍රමිති සහතික සහ සම්මාන රැුසකින් පිදුම් ලබා ඇත. සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ නවීනතම තාක්ෂණය නිරන්තරයෙන් හඳුන්වා දීමට කටයුතු කරන පන්නිපිටිය පෞද්ගලික රෝහල 5D අල්ට‍්‍රා සවුන්ඞ් ස්කෑනින් පරීක්ෂණ ඇතුළු අධි තාක්ෂණික වෛද්‍ය පරීක්ෂණ සහ ප‍්‍රතිකාර රැසක් පළමු වරට ශ‍්‍රී ලංකාවට හඳුන්වා දුන් රෝහල ලෙසද ප‍්‍රකටව සිටියි.

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.