lakbima.lk

පිටරැටියන් පවා පුදුම කරපු නෙල්නා අඹ ගෙඩියේ රහස පළමු වතාවට මාධ්‍යට හෙළිකරයි

කාලාන්තරයක් පුරා තේ, පොල්, රබර් සහ ඇඟලුම් ආදිය අපනයනයෙන් විදේශ විනිමය උපයාගත් ශ්‍රී ලංකාව දැන් අඹ අපනයනයෙන්ද විශාල වශයෙන් විදේශ විනිමය උපයන බව  නෙල්නා සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ සහ සභාපති  ඩබ්ලිව්. ජී. එඩී  ගුණපාල නානායක්කාර මහතා පවසයි. ශ්‍රී ලංකාවේ අඹ වගාකිරීමේ, සැකසුම් කිරීමේ සහ අපනයන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා ලෙස නෙල්නා සමාගම මේ සඳහා විශාල දායකත්වයක් ලබාදෙන බවද ඔහු වැඩිදුරටත් කියාසිටියේය. සභාපතිවරයා මේ බව සඳහන් කළේ මෙරට විශාලතම තනි අඹ වගාව වන, නෙල්නා සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත නෙල්නා කෘෂි සංවර්ධන (පුද්ගලික) සමාගමට අයත් බුත්තල, වන්දම ප්‍රදේශයේ පිහිටි අක්කර 500ක අඹ වගා භූමියේදී මාධය අමතමිනි. මෙම අඹ වගාවද ඇතුළුව මොණරාගල සහ ඇඹිලිපිටිය යන ප්‍රදේශවල පිහිටි, නෙල්නා කෘෂි සංවර්ධන (පුද්ගලික) සමාගමට අයත් අක්කර 650 ක වපසරියක් පුරා පැතිරුණු අඹ වගාව දැකබලා ගැනීමේ අවස්ථාව මාධ්ය කණ්ඩායමකට පසුගියදා  උදාවිය.ඉහළම ප්‍රමිතියකින් යුක්තව අඹ පැළයක් සිටුවීමේ සිට අපනයනය කිරීම දක්වා නෙල්නා සමාගම අනුගමනය කරන ක්‍රියාමාර්ග පිළිබඳ පුළුල් අවබෝධයක් ලබාගැනීමට මෙහිදී  මධ්‍යවේදීන්ට හැකියාව ලැබිණි. නෙල්නා අඹ වල නිෂ්පාදන ක්‍රියාවලිය සහ එහි විශේෂත්වයන් පිළිබඳව සමාගම විසින් මෙළෙස මාධ්‍ය වෙත ආණාවරණය කලේ පළමු වරටය
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සභාපති ගුණපාල නානායක්කාර මහතා පැවසුවේ ඉදිරි කාලයේදී   100%ක් නැවුම් බව සුරැකෙන පරිදි සකස්කරන ලද අඹ කිලෝ මිලියන 20ක් පමණ වාර්ෂිකව අපනයනය කිරීමත් ඒ හරහා  රුපියල් බිලියන 7ක විදේශ විනිමයක් මෙරටට ගෙන්වාගැනීමත් සිය අරමුණ බවත්ය. අඹ අපනයනයෙන් තවදුරටත් විදෙස් වෙළෙදපොළ ජයගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග සමාගම විසින් මේවනවිටත් ගනිමින් සිටින බව පැවසූ ඒ මහතා ගෙවතු වගාවක් ලෙස අඹ වගාව මෙරට තුළ තවදුරටත් ව්‍යාප්ත කිරීම සඳහා සිය උපරිම දායකත්වය ලබාදීමට සූදානමින් සිටින බවද කියාසිටියේය.
100%ක් දේශීය ව්‍යාපාරයක් වන නෙල්නා සමූහ ව්‍යාපාරයට අයත් නෙල්නා කෘෂි සංවර්ධන (පුද්ගලික) සමාගම අක්කර 650ක් පමණ වන සිය වගා භූමි තුළ අඹ ගස් 75,000ක් පමණ රෝපණය කරඇති අතර, එමගින් TJC යන කාණ්ඩයට අයත් රස,ගුණ සහ හැඩයෙන් ඉහළ ප්‍රණීත අඹ Nelna Mango නමින් දේශීය සහ විදේශීය වෙළෙඳපොල වෙත නිකුත් කරයි. රස ගුණ, පෝෂණය  සහ හැඩය යන ආදී ගුණාංග සලකා බැලීමේදී ලෝකයේ ප්‍රමිතිගත අඹ අතරින් හොදම අඹ වර්ග 10 අතරටද මේ අඹ වර්ගය ඇතුලත් වෙයි.
 නෙල්නා කෘෂි සංවර්ධන (පුද්ගලික) සමාගම  මේවනවිට මැදපෙරදිග රටවල්, සිංගප්පූරුව, චීනය, ජපානය, කොරියාව, ස්වීඩනය, එක්සත් රාජධානිය, මැලේසියාව, ස්විට්සර්ලන්තය ඇතුළු රටවල් රැසකට අඹ අපනයනය කරයි.අඹ වගාව හරහා 1000කට අධික පිරිසකට රැකියා අවස්ථා ලබාදීමට සමාගම මේ වනවිට සමත්වී තිබේ.2025 වසර වනවිට මෙම ක්ෂේත්‍රයෙන් ඍජු සහ වක්‍ර රැකියා අවස්ථා 25,000ක් උත්පාදනය කිරීම සමාගමේ අරමුණවී  තිබේ.
සභාපති ගුණපාල නානායක්කාර මහතා මීට වසර 15කට පමණ පෙර නෙල්නා කෘෂි සංවර්ධන (පුද්ගලික) සමාගම යටතේ අඹ වගාව ආරම්භ කළේ අඹ පැළ  ලක්ෂයක් රෝපණය කිරීමේ අරමුණ ඇතිව බවත්, එවකට ඉතා අසීරු ඉලක්කයක් ලෙස පෙනුණු එම අරමුණින් 75%ක් පමණ ජයගැනීමට මේවනවිට සමාගම සමත්වී ඇති බව නෙල්නා සමූහ ව්‍යාපාරයේ සාමාන්‍යාධිකාරී කපිල රාජපක්ෂ මහතා පැවසීය. සභාපතිවරයාගේ මඟපෙන්වීම යටතේ, සමාගමේ අධ්යක්ෂ මණ්ඩලය, තාක්ෂණික නිලධාරීන්, ක්ෂේත්‍ර නිලධාරීන්, පුහුණු ශ්‍රමිකයන් ඇතුළු සියලුම සේවක සේවිකාවන් මෙවන් සාර්ථකත්වයක් සඳහා විශාල වශයෙන් කැපවූ බවද ඔහු සිහිපත් කළේය.ලොව විශාල ඉල්ලුමක් සහිත පළතුරක් වන අඹ , සාරවත්ව වගා කළ හැක්කේ රටවල් සීමිත සංඛ්යාවක පමණක් බවත්, ශ්‍රී ලංකාව ඒ අතරින් ඉදිරියෙන්ම සිටින රටක් බවත් පැවසූ ඒ මහතා, රජ්‍ය තාන්ත්‍රික වශයෙන් වන සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කර,අඹ අපනයනයේදී මතුවන බාධක මගහැරවීමට රජය පියවරගන්නේ නම් ඉදිරි කාලයේදී  අඹ අපනයනයෙන් අති විශාල ආදායමක් මෙරටට උපයාදීමට නෙල්නා සමාගමට හැකියාව ඇති බවත් රාජපක්ෂ මහතා සඳහන් කළේය.නෙල්නා කෘෂි සංවර්ධන (පුද්ගලික) සමාගම, නෙල්නා සමූහයේ අධ්‍යක්ෂිකා පුණ්‍යා නානායක්කාර මෙනෙවියගේ අධීක්ෂණය යටතේ මෙවනවිට ක්‍රියාත්මක වන අතර, 2025 වනවිට ඉහළම ගුණාත්මකභාවයකින් යුතු අඹ සහ සකස්කළ අඹ නිෂ්පාදනයෙන් ලොව ප්‍රමුඛයා බවට පත්වීම එහි අරමුණවේ.

නෙල්නා සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ සහ සභාපති  ඩබ්ලිව්. ජී. එඩී  ගුණපාල නානායක්කාර මහතා නෙල්නා සමූහ ව්‍යාපාරයේ සාමාන්‍යාධිකාරී කපිල රාජපක්ෂ මහතා මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින්

ඡායාරූප - මංජුල පෙරේරා

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.