lakbima.lk

හලාල් ඉවත්කරමින් නෙල්නා 20වැනි සංවත්සරය සමරයි

“අපේ කම රැකගෙන අපේ රට පෙරටම” යන නැවුම් සංකල්පය යටතේ, 100%ක් දේශීය ව්‍යාපාර සමූහයක් වන “නෙල්නා”, පසුගියදා සිය 20 වැනි සංවත්සරය උත්සවශ්‍රීයෙන් සමරනු ලැබීය. දේශීයත්වය නිරතුරුව රැකගෙන , ජාත්‍යන්තර වෙළෙඳපොල ජයගැනීමේ ඉදිරි දැක්මෙන් යුතුව කටයුතු කරන නෙල්නා, අදවනවිට සෞඛ්‍යාරක්ෂිත සහ ගුණාත්මක නිෂ්පාදන ජනතාව වෙත හඳුන්වාදෙන දැවැන්ත ව්‍යාපාර සමූහයක් බවට පත්ව සිටියි.
ශ්‍රී ලාංකේය ජනතාවගේ හදගැස්ම හඳුනාගත් වෙළෙඳ නාමයක් ලෙස පසුගිය දශක දෙකක කාලය පුරා ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර ඇති නෙල්නා සමූහ ව්‍යාපාරය මේවනවිට නෙල්නා ෆාම්,නෙල්නා  ඇග්‍රි බිස්නස් ,නෙල්නා බ්‍රීඩර්ස්, නෙල්නා ෆීඩ් මිල්, නෙල්නා ඉම්පෙක්ස් යන ආයතනවල හිමිකාරීත්වය උසුලයි.

සිය 20වන සංවත්සඑරයට සමගාමීව බොහෝ දෙනාගේ ඉල්ලීම මත සිය මාංශ නිෂ්පාදන වලින් හලාල් සහතිකය ඉවත් කරගන්නා බවද නෙල්නා සමාගම දැනුම් දෙයි.

1500 කට අධික සේවක පිරිසක් ඝෘජුව  නෙල්නා ව්‍යාපාර සමූහයේ රැකියාවෙහි නියුතුව සිටින  අතර , තවත් දහස් ගණනක පිරිසක් වක්‍ර ලෙස නෙල්නා සමූහය හරහා සිය ජීවනෝපාය සරිකර ගනිති. නෙල්නා ව්‍යාපාර සමූහයේ නිර්මාතෘ සහ සභාපතිවරයා වනුයේ කීර්තිමත් , දේශීය , සිංහල ව්‍යාපාරිකයෙකු වන ඩබ්ලිව්.ජී.එඩී ගුණපාල නානායක්කාර මහතාය. ඔහුගේ බිරිඳ වන සීතා රංජනී නානායක්කාර සහ දූපුතුන් වන පුණ්‍යා නානායක්කාර, හේමමාලි නානායක්කාර හා අසංක නානායක්කාර යන මහත්ම මහත්මීහු නෙල්නා සමූහයේ අධ්‍යක්ෂ මණ්ඩලය ලෙස කටයුතු කරති.

 නෙල්නා ව්‍යාපාර සමූහයේ 20වැනි සංවත්සරය පිළිබඳ අදහස් දක්වමින් එහි නිර්මාතෘ සහ සභාපති ඩබ්ලිව්.ජී එඩී ගුණපාල නානායක්කාර මහතා පැවසුවේ  " ඉතා කුඩා ව්‍යාපාරයක් ලෙස මා විසින් මීට දශක දෙකකට පෙර ආරම්භ කළ නෙල්නා ආයතනය අද මහා පරිමාණයේ ව්‍යාපාර සමූහයක් බවට පත්ව තිබීම ගැන මා ඉතා සතුටට පත්වෙනවා.මේ පැමිණි ගමන්මග කිසිසේත්ම පහසු එකක් නොවෙයි.නෙල්නා නාමය මෙවන් සාර්ථකත්වයක් කරා පැමිණි ගමනේදී මා සමග විශාල පිරිසක් සිටියා.ඒ අතරින් සමාගමේ ජීවය බඳු පාරිභෝගිකයන් සහ ගනුදෙනුකරුවන්ගෙන් හිමිවූ සහයෝගයද කිසිසේත්ම අමතක කළ නොහැකියි.අප සමාගම නිරතුරුවම සෞඛ්‍යාරක්ෂිත සහ ගුණාත්මක නිෂ්පාදන පමණයි පාරිභෝගික ජනතාව වෙත ලබාදෙන්නේ.කිසිදු අවස්ථාවක ජනතාවට අහිතකර වන නිෂ්පාදනයක්  නෙල්නා  නාමය යටතේ වෙළෙඳපොලට නිකුත්වන්නේ නැහැ.මෙරට ජනතාවගේ විශ්වාසය දිනාගනිමින් ලාංකේය වෙළෙඳපොල ජයගත් නෙල්නා නාමය ලොව දිනූ වෙළෙඳනාමයක් බවට පත්කිරීම  මගේ අරමුණයි " යනුවෙනි.

නීරෝගී පැවැත්ම සඳහා අත්‍යවශ්‍යම පෝෂකයක් වන ප්‍රෝටීන අවශ්‍යතාවය පහසුවෙන් සහ වඩාත් ලාභදායී ලෙස සපුරාගත හැකි ආහාරයක් ලෙස  කුකුළු මස් ඇති වැදගත්කම මැනවින් හඳුනාගත් නෙල්නා,ලාංකේය ජනතාවට ඉහළ ප්‍රමිතියකින් යුතු කුකුළු මස්  සැපයීමෙහිලා පෙරමුණ ගෙන කටයුතු කරයි.නෙල්නා ව්‍යාපාර සමූහයට අයත් නෙල්නා ෆාම් ආයතනයේ ප්‍රධාන කාර්යභාරය වනුයේ කුකුළු මස් නිෂ්පාදනය සඳහා කුකුළන් ඇතිකිරීම හරහා පාරිභෝගික අවශ්‍යතාවය සඳහා කුකුළු මස් සැකසීම සහ සොසේජස්,මීට් බෝල්ස් වැනි වැඩිදියුණුකළ ආහාර නිෂ්පාදනය කිරීමය. නෙල්නා ආයතනය නිෂ්පාදනය කරනු ලබන සොසේජස් , මීට් බෝල්ස් සහ ඒ ආශ්‍රිත සියලුම නිෂ්පාදන සඳහා නෙල්නා කුකුළු මස් සහ දේශීය කුළුබඩු පමණක්ම භාවිතාකරන අතර, රසකාරක හෝ වර්ණක ඒ සඳහා යොදා නොගනී.මෙම නිෂ්පාදන සහ කළමනාකාරීත්ව ක්‍රියාවලිය උදෙසා ආයතනය ISO 9001,ISO 22000, ISO 14001, SLS ,HACCP  සහ  GMP යන තත්ත්ව සහතිකවලින්ද පිදුම් ලබා ඇත.
ශ්‍රී ලංකාවේ දැවැන්තම සහ ප්‍රමුඛතම අඹ නිෂ්පාදකයා බවට පත්ව සිටින නෙල්නා, “Nelna Mango” යන නාමය යටතේ  දේශීය මෙන්ම සහ විදේශීය වෙළෙඳපොළ සඳහා ද TJC කාණ්ඩයට අයත් උසස් තත්ත්වයේ අඹ මහා පරිමාණයෙන් සැපයීම සිදුකරයි. නෙල්නා ඇග්‍රි ආයතනයට අයත් අක්කර 500කට අධික භූමිභාගයක් තුළ සිටුවන ලද අඹ ගස් 60000කින් මේ සඳහා ඵලදාව ලබාගැනීම සිදුවෙයි. අඹ නිෂ්පාදනය ජාත්‍යන්තර ප්‍රමිතියට අනුකූලව පවත්වාගෙන යාම සඳහා නෙල්නා දැවැන්ත ආයෝජනයක් සිදුකර ඇති අතර, ඒ සඳහා Global GAP සහතිකයද මේවනවිට හිමිවී ඇත.

 නෙල්නා ව්‍යාපාර සමූහයේ 20වැනි සංවත්සරය පිළිබඳ අදහස් දැක්වූ නිර්මාතෘ සහ සභාපති එඩී ගුණපාල නානායක්කාර මහතා සහ නෙල්නා සමූහයේ අධ්‍යක්ෂ පුණ්‍යා නානායක්කාර මෙනෙවිය

ඡායාරූප - මංජුල පෙරේරා 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.