lakbima.lk

LOLC 3 වසරටත් SLIM - Nielsen ජනතා සම්මානයෙන් පිදෙයි

ශී‍්‍ර ලංකාවේ අංක එකේ මූල්‍ය සේවා සමූහය වන LOLC බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේදී පසුගියදා පැවැති උත්කර්ෂවත් 2019 - SLIM - Nielsen ජනතා සම්මාන ප‍්‍රදානයේදී ‘වසරේ මූල්‍ය සේවා සැපයුම්කරු’ ලෙස කිරුළු දරමින් නැවතත් ජනතා හදවත් දිනා ගැනීමට සමත් විය.

 වසරේ සම්මානයත් සමඟ .... කීර්තිමත් ජනතා තෝරා ගැනීම සම්මානය අඛණ්ඩව තුන් වසරක් ජයග‍්‍රහණය කර තිබේ.

ජයග‍්‍රහණය පිළිබඳව ඛධඛක්‍ සමූහයේ කළමනාකාර අධ්‍යක්ෂ / ප‍්‍රධාන විධායක නිලධාරී කපිල ජයවර්ධන මහතා අදහස් දක්වමින්, ‘SLIM - Nielsen  ජනතා සම්මානය ජයග‍්‍රහණය කිරීම අපට සුවිශේෂී අවස්ථාවක් වන්නේ අප ඉතා වැදගත් කොට සලකන ජනතාවගේ තේරීම එමගින් නියෝජනය කරන බැවිනි.

මෙම ජයග‍්‍රහණය දේශීය හා ගෝලීය වශයෙන් ශක්තිමත් සන්නාමයක් ගොඩ නැගීම සඳහා සමූහයක් ලෙස අප දරන සියලූ උත්සාහයන් සහ කැපවීම් මල්පල ගැන්වීමක්.

මෙම පිළිගැනීම තුළින් අද ශී‍්‍ර ලංකාවේ ෙදාරින් ෙදාර කියැවෙන නමක් ලෙස වඩාත් පිළිගැනුම් ලැබූ වර ගණනාවක් පුරා පවත්වාගෙන යන අපගේ සන්නාම ශක්තිය විදහා දක්වයි.

අප ජනතාවගේ අවිවාදාත්මක තෝරා ගැනීම බව මෙම සම්මානය මඟින් යළි තහවුරු වන අතර, එම ගෞරවය හිමිකරගැනීමට ලැබීම ගැන අතිශයින් සතුටු වෙමු.’’ යි පැවැසීය.

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.