lakbima.lk

ජිනසේන සමාගම නවතම වතුර පොම්ප දෙකක් හඳුන්වා දෙයි

ශ්‍රී ලංකාවේ පුරෝගාමී ජල කළමනාකරණ පද්ධති විසඳුම් සම්පාදකයෙකු වන ජිනසේන සමාගම, තම නිෂ්පාදන අඛණ්ඩව නවෝත්පාදනය සහ වැඩිදියුණු කිරීම සඳහා දක්වන කැපවීම පිළිබිඹු කරමින් පසුගියදා ජල පොම්ප දෙකක් හඳුන්වා දුන්නේය.

NR 120/1 1-inch 1HP ගෘහාශ්‍රිත පොම්පය දැනට වෙළඳපලේ ඇති එම ප්‍රමාණයේ ඕනෑම වතුර පොම්පයකට වඩා ජවයකින් යුතුවන බව පරීක්ෂණ මගින් පැහැදිලි වී ඇත. මෙය ප්‍රමාණයෙන් කුඩා වන අතර අඩු ශබ්දයක් නිපදවයි.

ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම පොලිමර් ජල පොම්ප මාදිලිය විශේෂයෙන් කිවුල් ජලය සහිත මෙරට වෙරළබඩ ප්‍රදේශ සහ වයඹ, උතුරු මැද හා උතුරු පළාත් වල ජනතාව වෙනුවෙන් නිෂ්පාදනය කර ඇත. පොලිමර් යනු 100%ක් ප්‍රතිචක්‍රීයකරණය කළ හැකි බරින් අඩු අමුද්‍රව්‍යයක් වන අතර එය දිගුකල් පවතින ආරක්‍ෂිත අමුද්‍රව්‍යයක් ද වේ. පොලිමර් වතුර පොම්ප මගින් ලබාගත් ජල සාම්පල කාර්මික තාක්ෂණ ආයතනය (ITI) පුළුල් ලෙස පරික්ෂාවට ලක් කර ඇති අතර එම ජලයේ අමතර සංඝටක නොමැති බවට තහවුරු වී ඇත. සමස්ත පොම්පය ම පොලිමර් වලින් නිෂ්පාදන කර ඇති බැවින් එය මලකඩ කෑමෙන් තොරවේ.

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.