lakbima.lk

Huawei Y 2019 නව ජංගම දුරකථන මාදිලි පෙළ වෙළඳපලට

ලොව විශාලතම විදුලි සංදේශන යටිතල පහසුකම් නිෂ්පාදකයා වන HUAWEI සමාගම, සිය Y මාදිලි පෙළට සමගාමීව 2019 වසර සඳහා තවත් මාදිලි පෙළක් හඳුන්වා දුන්නේය. HUAWEI Y9 2019, HUAWEI Y7 Pro 2019 සහ HUAWEI Y6 Pro 2019 යන එම මාදිලි පෙළ පසුගියදා කොළඹ හිල්ටන් හෝටලයේදී ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන ලදි. Dew Drop දර්ශන තිරය, දැකුම්කළු නිමාව සහ AI කැමරාව මෙම මාදිලි පෙළෙහි ඇති විශේෂත්වයයි. වේගවත් සහ ආරක්‍ෂිත Face Unlock පහසුකම අඩු ආලෝක තත්ත්වයන් යටතේ වුව ද ක්‍රියාත්මක වේ. AI කැමරාව මගින් කාණ්ඩ 22ක් යටතේ පසුතල 500කට අධික ප්‍රමාණයක් තත් කාලීනව හඳුනා ගන්නා අතර Wide Aperture මගින් ඡායාරූපකරණය තවත් ආකර්ෂණීය කරවයි.

තවද Y9 මාදිලි පෙළ දැනට ඇති නවීනත ම ඇඟිලි සලකුණු පහසුකමින් සමන්විත වේ. දර්ශන තිරය විවෘත වීම සඳහා ගත වන්නේ තත්පරයකින් 0.3 ක් වැනි ඉතා කෙටි කාලයක් වන අතර එය මින් පෙර Y මාදිලි පෙළ සමග සැසඳීමේදී 40%ක වේගයකි. "නවෝත්පාදනයේ තවත් ඉදිරි පියවරක් තබමින් පාරිභෝගික ජනතාවට දැරිය හැකි මිලකට එම නව්‍ය පහසුකම් පිරිනැමීම සඳහා අප මෙම මාදිලි පෙළ හඳුන්වා දී තිබෙනවා. Dewdrop Fullview දර්ශන තිරය, Face Unlock, AI පසුතල හඳුනා ගැනීම, Wide aperture, අසමසම දැවැන්ත බැටරි කාලය මෙම ජංගම දුරකථන වල ඇති සුවිශේෂී ලක්ෂණ අතර වනවා" යනුවෙන් Huawei සමාගමේ මෙරට ප්‍රධානී පීටර් ලියු මහතා සඳහන් කළේය.

 

FHD+ (2340*1080) අඟල් 6.5ක පුළුල් තිරය මෙම මාදිලියේ ඇති දැවැන්ත ම පූර්ණ දර්ශන තිරයවන අතර තමන්ට කැමති පරිදි Notch වෙනස් කළ හැකි වේ. වෙළඳපලේ ඇති මෙම මට්ටමේ වෙනත් කිසිඳු ජංගම දුරකථනයක එම පහසුකම නොමැති වීම ද විශේෂත්වයකි. මෙම ජංගම දුරකථන පෙළ Midnight Black සහ Sapphire Blue යන ආකර්ෂණීය වර්ණ වලින් මිලදී ගත හැකි අතර උසස් මට්ටමේ සෙරමික් ග්ලාස් සහ 3D ARC නිමාව එහි දැකුම්කළු බව තවත් වැඩිකරයි. මෙම මට්ටමේ ජංගම දුරකථනයක එන ප්‍රථම Quad Dual AI කැමරාව (ඉදිරිපස 13MP + 2MP / පසුපස 16MP + 2MP) සහ කුඩා ම F/1.8 ඇපචරය, අඩු ආලෝක මට්ටම්වල විශිෂ්ටත ම ඡායාරූප සහ AR ඡායාරූපකරණය සමගින් Y9 මාදිලිය ජංගම දුරකථන ලොව පෙරළිකාර වෙනසකට ලක්කර ඇත.

AI බල කළමනාකරණය, GPU Turbo, Game Assistant 2.0, Fingerprint 4.0 සංස්කරණය සහ Face Unlock විශේෂාංග සමගින් Y9 මාදිලියේ ක්‍රියාකාරිත්වය තවත් ජවසම්පන්න කර ඇත. Huawei Y7 Pro 2019 ජංගම දුරකථනය පළමු 4000mAh බැටරියකින් සහ අඟල් 6.26 HD+ (1520*720) Dewdrop Fullview දර්ශන තිරයෙන් සමන්විතවන අතර Aurora Blue, Coral Red සහ Midnight Black වර්ණවලින් මිලදී ගත හැකිය. කැමරා තුනකින් සමන්විත AI කැමරා පද්ධතිය මෙන්ම Self-toning flash 2.0 සහ විශාලත ම F/1.8 ඇපචරය නිසාම මෙම ජංගම දුරකථනය විශිෂ්ට ඡායාරූපකරණ සහකරුවෙකු ලෙස භාවිත කළ හැකිය. 4000mAh බැටරිය, AI බල කළමනාකරණය, Face Unlock, EMUI 8.2 සහ Hand Gesture Control යන තාක්ෂණික ක්‍රමවේද සමගින් ජංගම දුරකථනයේ ක්‍රියාකාරිත්වය තවත් ශක්තිමත් කර ඇත.

Huawei Y6 Pro 2019 ජංගම දුරකථනය ලෙදර් නිමාවෙන් යුතුවන අතර ප්‍රථම Dewdrop අඟල් 6.09 ක HD+ (1520*720) දර්ශන තිරයෙන් යුක්ත වේ. Amber Brown සහ Midnight Black වර්ණවලින් ලබාගත හැකි මෙය දැකුම්කළු ලෙදර් නිමාව නිසාම තාරුණ්‍යයේ ආකර්ෂණය නොමඳව හිමිකර ගනු ඇතැයි අපේක්ෂිතය. EMUI 9.0 සහ Android 9 Pie තාක්ෂණය මෙන්ම අඩු ආලෝකයේ Face Unlock, Huawei Super Sound සහ 3000mAh බැටරිය ආදී පහසුකම් රැසකින් Y6 Pro දුරකථනය සමන්විතය. අඩු ආලෝක තත්ත්ව යටතේ විශිෂ්ට ඡායාරූප ලබාගැනීමේ හැකියාව සහ ආකර්ෂණීය ලෙදර් නිමාව ලොව පුරා ජංගම දුරකථන විශ්ලේෂකයන්ගේ නොමඳ පැසසුමට ලක්ව ඇත.

data-language="en"

HUAWEI Y 2019 මාදිලි පෙළ වසරක වගකීමකින් යුතුව සියලු ම HUAWEI Experience මධ්‍යස්ථාන වලදී සහ මෙරට ප්‍රමුඛත ම ස්මාර්ට් ජංගම දුරකථන අලෙවිකරු වන සිංගර් ශ්‍රී ලංකා සමාගමෙන් හා තෝරාගත් ඩයලොග් සහ මොබිටෙල් මධ්‍යස්ථාන හරහා ද ලබාගත හැකිය. මෑතකදී නිකුත් කරන ලද GfK වාර්තාවට අනුව මෙරට ස්මාර්ට් ජංගම දුරකථන අලෙවිය අතින් අංක 1 ස්ථානය හිමිකර ගැනීමට Huawei සමත්ව සිටී. ශ්‍රී ලාංකේය ජනතාවගේ පළමු තේරීම බවට පත්ව ඇති ස්මාර්ට් ජංගම දුරකථන නාමය ලෙස Huawei ඉහළ ම ප්‍රමිතියෙන් සහ නවීන තාක්ෂණයෙන් යුතු ස්මාර්ට් ජංගම දුරකථන ආකර්ෂණීය මිලකට ලබා දීම සඳහා කැපවෙයි. 2020 වන විට දිවයින පුරා Experience ප්‍රදර්ශනාගාර 25 දක්වා වර්ධනය කිරීමට Huawei සමාගම අපේක්ෂා කරයි.

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.