lakbima.lk

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ දැවැන්තයා එඩ්වර්ඩ් සහ ක්‍රිස්ටි 40 වැනි සංවත්සරය සමරයි


මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ කීර්තිමත් නාමයකට හිමිකම් කියන  එඩ්වර්ඩ් සහ ක්‍රිස්ටි ව්‍යාපාර සමූහය සිය 40 වැනි සංවත්සරය බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේදී පසුගියදා අති උත්කර්ෂවත් අයුරින් සමරනු ලැබීය . එහිදී පැමිණ සිටි අති විශාල ආරාධිතයන් පිරිසක් හමුවේ සමාගම විසින් නිවේදනය කරසිටියේ  40 වැනි සංවත්සරයට සමගාමීව  සිය වයාපාර කටයුතු තවදුරටත් පුළුල් කරමින් මෙතැන් සිට තමන් Edward & Christie Aviation නමින් අභ්යන්තර ගුවන් ගමන් සේවාවක්ද ආරම්භ කරන බවය

එඞ්වර්ඞ් සහ ක්රිස්ටි සමූහය සමග දීර්ඝ කාලයක් පුරා රැඳී සිටින සේවක මහත්ම මහත්මීන් වෙත ඇගැයුම් සම්මාන පිරිනැමීමද මෙහිදී සිදුවිය. චරිතා ඇරව්වල (අධ්‍යක්ෂිකා), සරත් මුණසිංහ (අධ්‍යක්ෂ- ඉදිකිරීම්), නිව්ටන් පෙරේරා (සහකාර සාමාන්‍යාධිකාරී),ඉනෝකා ද සිල්වා (Procurement Assistant) දර්ශන හේරත් (ජේෂ්ඨ අධ්‍යක්ෂ, චමිල වේලාරතන (Logistics Office), තනුජ මොහොට්ටාල (ප්‍රමාණ සමීක්ෂක),එරංග පෙරේරා (ජේෂ්ඨ ගිණුම්කරණ විධායක) , විජිත බණ්ඩාර (Quarry Manager ) යන මහත්ම මහත්මීහු එම සම්මානවලින් පිදුම් ලැබූහ.  එඩ්වර්ඩ් සහ ක්‍රිස්ටි සමූහ ව්‍යාපාරය සඳහා නායකත්වය ලබාදෙන සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටි ඇරව්වල මහතා වෙත අධ්‍යයක්ෂ මණ්ඩලය වෙතින් විශේෂ උපහාර සම්මානයක්ද මෙහිදී පිරිනැමිණි.
මෙහිදී අදහස් දැක්වූ ,  එඩ්වර්ඩ් සහ ක්‍රිස්ටි සමූහ ව්‍යාපාරයේ සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටි ඇරව්වල මහතා පැවැසුවේ, දශක හතරක කාලයක් පුරා ශ්‍රී ලංකාවේ ජාතික තලයේ ව්‍යාපෘති රැසකටද දායකත්වය සපයමින් ඉදිකිරීම් ක්ෂේත්‍රය ඔස්සේ  ගොඩබිම ජයගත් එඩ්වර්ඩ් සහ ක්‍රිස්ටි උඩුගුවන ජයගැනීමේ මෙහෙයුමද මෙතැන් පටන් ආරම්භකරන බවය.අවංකත්වය,කැපවීම සහ කලට වේලාවට ඉටුකිරීම යනාදී ගුණාංගයන් හේතුවෙන් අදවනවිට සමූහයට විශාල සාර්ථකත්වයක් අත්පත්කර ගැනීමට හැකිවතිබෙන බව පැවැසූ ඔහු වැඩිදුරටත් කියාසිටියේ, විවිධ අභියෝග මධ්‍යයේ ලබාගත් මෙම ජයග්‍රහණ පසුපස සිටින සේවක මණ්ඩලය ඇතුළු සියලුදෙනා වෙත කෘතවේදීත්වය පළකරන බවය.

1979 වසරේදී එඩ්වර්ඩ් සහ ක්‍රිස්ටි ඇරව්වල යන පිය-පුතු දෙපළ විසින් පවුලේ ව්‍යාපාරයක් ලෙස ආරම්භකරන ලද එඩ්වර්ඩ් සහ ක්‍රිස්ටි (පුද්ගලික) සමාගම” අදවනවිට ආයතන හයකින් සැදුම්ලත් දැවැන්ත ව්‍යාපාර සමූහයක් බවට පත්ව තිබේ.මෙරට ඉදිකිරීම් සමාගමකට ලබාගත හැකි ඉහළම ශේණිගත කිරීම වන යන ශේණිය දිනාගත් සමාගම් කිහිපය අතරට එක්ව සිටින එඩ්වර්ඩ් සහ ක්‍රිස්ටි සමූහ ව්‍යාපාරය ISO 9001, ISO  14001 සහ OHSAS 18001 යන දෙස් විදෙස් ප්‍රමිති සහතිකවලින්ද පිදුම්ලබා ඇත. නිර්මලා ඇරව්වල, චරිතා ඇරව්වල, රවිශාන්ත් මදප්පුලි ,සරත් මුණසිංහ සහ සම්පත් ඒකනායක යන මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලත් සමූහ ව්‍යාපාරයෙහි අධ්‍යක්ෂ මණ්ඩලයේ මගපෙන්වීමද ඇතිව, නිපුණතාවයෙන් පිරිපුන් 1500ක් පමණ වන සේවක පිරිසක් එඩ්වර්ඩ් සහ ක්‍රිස්ටි සමූහ ව්‍යාපාරයේ සේවයෙහි නියුතුව සිටිති.


ජාතික ඉදිකිරීම් සම්මානයෙන් අඛණ්ඩව දෙවරක් පිදුම් ලබමින් ඉදිකිරීම් ක්ෂේත්‍රයෙහි සිය විශිෂ්ටත්වය සනිටුහන්  කළ එඩ්වර්ඩ් සහ ක්‍රිස්ටි සමාගම  ජාතික සංවර්ධන ක්‍රියාවලිය වේගවත් කරන මහා පරිමාණයේ ඉදිකිරීම් ව්යාපෘති රැසකට සිය දායකත්වය සපයමින් සිටියි. අධිවේගී මාර්ග ඉදිකිරීම, ගොඩනැගිලි නිර්මාණය, වාරිමාර්ග පද්ධති සංවර්ධනය, ජලසම්පාදන හා ජලාපවහන කටයුතු ,රොන්මඩ ඉවත්කිරීම හා ගොඩකිරීම්, කසළ ජලය බැහැර කිරීම සහ ඉඩම් ජලාපවහන විධිමත් කිරීම යනාදී ඉදිකිරීම් කටයුතු නවීන තාක්ෂණය යොදාගනිමින් වඩාත් කාර්යක්ෂම ලෙස නිමකිරීමෙහිලා නම්දරා සිටින එඩ්වර්ඩ් සහ ක්‍රිස්ටි , මේවනවිට සිය නාමය ජාත්‍යන්තරය වෙතද රැගෙන ගොස් තිබේ.

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.