lakbima.lk

Dialog වසරේ ජනප‍්‍රියතම ටෙලිකොම් සහ අන්තර්ජාල ජනතා සම්මානයෙන් පිදුම් ලබයි

2019 ස්ලිම් නීල්සන් ජනතා සම්මාන උළෙලේදී, වසරේ ජනප‍්‍රියතම ටෙලිකොම් සේවා සම්පාදක සහ අන්තර්ජාල සේවා සම්පාදක ලෙස, නැවත වරක් ජනතා මනාපයෙන් Dialog සමාගම පිදුම් ලැබීය.

මෙය ශ‍්‍රී ලාංකිකයන්ගේ සිත් තුළ සුපසන් හැඟීමක් ඇති කළ, පිළිගත් සන්නාම කෙරෙහි පොදු ජනතාවගේ ප‍්‍රතිචාර පදනම් කරගත් සම්මාන උළෙලක් වන අතර, ඒ අනුව ෘස්කදට මෙම වසරේදී ජනප‍්‍රියතම ටෙලිකොම් සේවා සම්පාදක ලෙස අඛණ්ඩව අටවැනි වරටත් එමෙන්ම වසරේ ජනප‍්‍රියතම අන්තර්ජාල සේවා සම්පාදක ලෙස හත්වැනි වරටත් ජනතා සම්මානයෙන් පිදුම් ලැබීය,මෙම සම්මානය ලැබීම පිළිබඳව අදහස් දැක්වූ Dialog Axiata PLC හි සමූහ ප‍්‍රධාන විධායක, සුපුන් වීරසිංහ මහතා,‘‘වසරේ ජනප‍්‍රියතම ටෙලිකොම් සේවා සම්පාදක සහ අන්තර්ජාල සේවා සම්පාදක ලෙස ජනතා මනාපයෙන් අපව ඔසවා තැබීම පිළිබදව අප නිහතමානීව සතුටු වෙනවා.’’ යි පැවැසීය. 

වඩාත් දියුණු සන්නිවේදන තාක්ෂණයෙන් යුත් ශ‍්‍රී ලංකාවක් ගොඩනැ ගීමට දායක වෙමින් සෑම ශ‍්‍රී ලාංකිකයෙක්ටම පරිහරණය කළ හැකි ඉදිරි පරම්පරාවේ ඩිජිටල් යටිතල පහසුකම් සැපයීමේ පුරෝගාමියා ලෙස අඛණ්ඩවම කටයුතු කරන බවත්,  මෙම ඇගයීම සියලූම ශ‍්‍රී ලාංකිකයන්ගේ හැඟීම යළි ප‍්‍රතිරාවය කරන බවත් ඔහු දක්වා සිටි අතර ශ‍්‍රී ලාංකිකයන්ගේ ජීවිත සහ ව්‍යාපාර බලගැන්වීම සහ සාරවත් කිරීමත් යන Dialogහි අරමුණ පිළිබදව ඇති අපගේ දැක්ම මෙයින් පිළිබිඹු වන බව ඔහු තවදුරටත් ප‍්‍රකාශ කළේය.

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.